පාසල් දරුවන්ට කිරි වීදුරුව වෙනුවට ‘පාරම්පරික දේශීය සහල්වලින්’ කැඳ වීදුරුවක්

රටේ කිරි නිෂ්පාදනය ප්‍රමාණවත් නොවීම සහ පාසල් දරුවන්ගේ පෝෂණ ඌනතාවයට පිළියමක් ලෙස පාසල් දරුවන්ට කිරි වීදුරුවක් වෙනුවට පාරම්පරික සහල් කැඳ වීදුරුවක් ලබාදීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යංශයේ අවධානය යොමුව තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග ගොවිජන මන්දිරයේ අද (27) පැවැති සාකාච්ඡාවක දී මේ පිළිබඳ සාකච්ඡා වුණා.

පාසල් සිසු දරුදැරියන් අතර පෝෂණ ඌනතාවයන් මෙන්ම අධි රුධිර පීඩනය, දියවැඩියාව වැනි බෝ නොවන රෝග ද ක්‍රමක් ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින බව ද ඊට පිළියමක් ලෙස වස විසෙන් තොර පාරම්පරික දේශීය සහල්වලින් කැඳ වීදුරුවක් ලබා දීම වඩා වැදගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දුන්නා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ යෝජනාව පිළිබඳ අවධානය යොමු කළ කෘෂිකර්ම අමාත්‍යවරයා මේ පිළිබද ශක්‍යතා අධ්‍යනයක් සිදු කිරීම සඳහා කමිටුවක් පත්කර තිබෙනවා.

Recommended For You

About the Author: Editor