අගමැති මහින්ද මහර රෝස්වුඩ් රෝහල් සංකීර්ණය විවෘත කිරීමට එක් වෙයි

කඩවත, මහර ප්‍රදේශයේ ජනතාවට අත්‍යවශ්‍ය සෞඛ්‍ය පහසුකම් සහිත රෝහලක් ලැබීම පිළිබඳව තමන් සතුටට පත් වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද දින (29)  පැවසීය.

මහර රෝස්වුඩ් පෞද්ගලික රෝහලේ නව වාට්ටු සංකීර්ණය, ශෛල්‍යාගාරය සහ රසායනාගාරය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

පළාතේ අවශ්‍යතාවය තේරුම්ගෙන ජනතාවට සේවයක් වන සේ මෙම රෝහල ඇරඹීම පිළිබඳව රෝස්වුඩ් කළමනාකාර අධ්‍යක්ෂ වෛද්‍ය අසේල විජේසුන්දර මහතාට අප ස්තූතිවන්ත විය යුතු බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.

“වෛද්‍ය අසේල විජේසුන්දර මහතා තමන් දැන හැදින ගත්තේ, දන්ත වෛද්‍යවරයෙකුට වඩා කලා කරුවෙකු ලෙස යැයි සිහිපත් කළ අතර, අසේල විජේසුන්දර මහතා උපන් ගම් ප්‍රදේශය වන කුරූණෑගල, මහව, නාගොල්ලාගම ප්‍රදේශයෙහි ඇති ගැමි පරිසරය නිසා ඔහු වෛද්‍ය වෘතියත්, කලාවත් එකසේ ප්‍රගුණ කළ බව මා විශ්වාස කරනවා.”

එවැනි පුද්ගලයෙකු අතින් මහර ප්‍රදේශයට මෙවැනි රෝහලක් ලැබීම ගැන තමා සතුටට පත් වන බව වැඩිදුරටත් අග්‍රාමාත්‍යතුමා ප්‍රකාශ කරන ලදී.

Recommended For You

About the Author: Editor