Voice of දියවන්නා SLPP: ‘ප්‍රසන්න අයියා වැඩක් භාරගත්තොත් ඔහොම තමයි’

සටහන – ගජබා නාගහවත්ත

ඇමති ප්‍රසන්න රණතුංග හා රාජ්‍ය ඇමති නිමල් ලාන්සා පහුගිය සතියේ අලුත් වැඩකට අත ගැසුවේය. ඒ ගම්පහ දිස්ත්‍රික්කයේ මාර්ග කාපට් කිරිමේ ව්‍යාපෘතියකි. මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම පැවරී ඇත්තේ ඇමති ලාන්සාගේ අමාත්‍යාංශයටය. ඒ අනුව දිවයින පුරා ග්‍රාමීය මාර්ග කිලෝමිටර් ලක්ෂයක් සංවර්ධනය කිරිම ඇරඹුණේ ගම්පහ වත්තල ආසනයෙනි.

වත්තල ආසනයේ මරදාන පාර කාපට් කර ප්‍රතිසංස්කරණය කිරීම ඇමති දෙපලගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමෙන් පසු එම ස්ථානයට පැමිණි මහළු කාන්තාවක් කීවේ එම මාර්ගය වසර ගණනාවක් තිස්සේ අබලන්ව පැවතිය ද පැවති ආණ්ඩුව ඒ ගැන කිසිවක් නොකළ බවයි.

 “ඔබතුමාලට පිං සිද්ධ වෙනවා මේ පාර හදලා දුන්නට.” එම කාන්තාව කීවාය.

“අපිට නෙමෙයි අම්මේ. අම්මලාට තමයි අපිට නෙමේ පිංදෙන්න ඕනේ මේ ආණ්ඩුව හැදුවට. ගෝඨාභය මහත්තයාව ජනාධිපති කළාට”. ප්‍රසන්න කීවේය.

ඩිලන්ත, ඔයා මේ රටට කීර්තියක් ගෙනාපු කෙනෙක්. ලංකාවේ කොඩිය ගහගෙන ලෝකය වටේ තරග වලට යන කොට අපේ රට ගැන ලොකු අභිමානයක් හිතෙනවා. මම මේකට පූර්ණ අනුග්‍රහය දෙන්න කියලා අධිකාරියට කියන්නම්.” ප්‍රසන්න ඩිලන්තට පොරොන්දු වුවේය.

ලෝක ශූර ඩිලන්ත මාලගමුව පසුගිය බදාදා (26) අගමැති මහින්ද හමුවූයේය. ඒ ලැම්බෝගිනි සුපර් ටෝෆියෝ යුරෝපා ශූරතාවය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැදීමට පිටත්ව යාමට පෙරය. මෙම තරගාවලියට සහභාගීවීමට ඩිලන්තට මෙවර අනුග්‍රහය දක්වා තිබුණේ සංචාරක සංවර්ධන මණ්ඩලයය. ඩිලන්තට මෝටර් රථ ධාවන තරගයක් සදහා රාජ්‍ය අනුග්‍රහය ලැබුණේ පළමු වතාවටය. ඒ සදහා මැදිහත් ව තිබුණේ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංගය.

ඩිලන්ත මෙම ඉල්ලීම සංචාරක සංවර්ධන අධිකාරියට ඉදිරිපත් කර තිබුණි. එහෙත් සංචාරක සංවර්ධන අධිකාරිය මුලින් ඩිලන්තට මේ සදහා පූර්ණ අනුග්‍රහය ලබා දීමට එකගතාවය පළ කර නොතිබුණි. එය දැනගත් ඇමති ප්‍රසන්න ඩිලන්තට කථා කළේය.

“ඩිලන්ත, ඔයා මේ රටට කීර්තියක් ගෙනාපු කෙනෙක්. ලංකාවේ කොඩිය ගහගෙන ලෝකය වටේ තරග වලට යන කොට අපේ රට ගැන ලොකු අභිමානයක් හිතෙනවා. මම මේකට පූර්ණ අනුග්‍රහය දෙන්න කියලා අධිකාරියට කියන්නම්.” ප්‍රසන්න ඩිලන්තට පොරොන්දු වුවේය.

ඒ අනුව සති කීපයක් ගත වු විට මෙම සම්පූර්ණ අනුග්‍රහය ඩිලන්තට ලබා දීමට සංචාරක සංවර්ධන අධිකාරිය කටයුතු කළේ ප්‍රසන්නගේ විශේෂ මැදිහත්වීම මතය.

අගමැති මහින්ද හමු වූ වෙලාවේ ඩිලන්ත මේ කථාව ඔහුට කීවේය.

“ඔව්.ඔව් ප්‍රසන්න මටත් කථා කළා. මමත් කිව්වා කොහොමහරි මේ වැඩේ කරමු කියලා.” අගමැති මහින්ද කීවේය.

“ඇමතිතුමා ඇත්තට මේ වැඩේට හරියට මහන්සි වුණා.” ඩිලන්ත කීවේය.

“ප්‍රසන්න අයියා වැඩක්  භාරගත්තොත් ඔහොම තමයි. වැඩේ කරන්න මොන බාධා ආවත් කෙරෙන විදිහක් හොයලා හරි වැඩේ කරනවා.” ඇමති නාමල් ද කීවේය.

පසුගිය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තු ලොබියේ දි ඇමති ප්‍රසන්න, නිමල් ලාන්සා, පියල් නිශාන්ත ඇතුළු පිරිස කථාබහ කරමින් සිටියේය.

“ඔයාගේ යාළුවා හුගකාලෙක පස්සේ අන්න ආයේ කට ඇරලා. ” ලාන්සා කිවේ පියල්ටය.

පියල් හා හිටපු ඇමති රාජිත අතර ඇත්තේ නයි මුගටි වෛරයකි. රාජිත පසුගිය සතියේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ජනතාව කැමති නැති බව කියා තිබුණි. ලාන්සා කීවේ ඒ ගැනය.

“ඔව්. ඔව් මාත් දැක්කා පරාජිත ආයෙත් කට ඇරලා තිබුණා. ” පියල් කිවේය.

“රාජිත කියලා තිබුණා 19 අහෝසි කරන්න රටේ ජනතාව කැමති නෑ කියලා. චිරාල් ලක්තිලක කරපු සමීක්ෂණයකින් තහවුරු වුණාලු. අනේ අපි නොදන්න රාජිත. රාජිතලා ආපහු බොරු සමීක්ෂණ දාලා මිනිස්සුන්ව රවට්ටන්න හදන්නේ.” ප්‍රසන්න කීවේය.

“හැබැයි ඇමතිතුමා රාජිතලාගේ කෙබර වලට දැන් මිනිස්සු අහුවෙන්නේ නෑ.” ලාන්සා කීවේය.

බැසිල් ඇමතිතුමා ගේන්නලු අපි මේ සංශෝධනය කරන්නේ. බැසිල් ඇමතිතුමා එන්න ඔය සංශෝධන ඕනේ නෑ. අනෙක බැසිල් ඇමතිතුමා පාර්ලිමේන්තුවට එනවානම් කොච්චර හොදද. එයා මේ පක්ෂය හැදුවා. ආණ්ඩුව හැදුවා. ගෝඨාභය මහත්තයා ජනාධිපති කළා.

“බැසිල් ඇමතිතුමා ගේන්නලු අපි මේ සංශෝධනය කරන්නේ. බැසිල් ඇමතිතුමා එන්න ඔය සංශෝධන ඕනේ නෑ. අනෙක බැසිල් ඇමතිතුමා පාර්ලිමේන්තුවට එනවානම් කොච්චර හොදද. එයා මේ පක්ෂය හැදුවා. ආණ්ඩුව හැදුවා. ගෝඨාභය මහත්තයා ජනාධිපති කළා. රාජිතලා දැන් බයේ වෙව්ලනවා. ඒකයි ඔය බොරු කිය කිය යන්නේ.” ප්‍රසන්න කීවේය.

“අනෙක අපි පැහැදිලිව කීවේ 19 අහෝසි කරනවා කියලා මැතිවරණයේ දී”. පියල් කීවේය.

“ඒකනේ…. අපිට ජනවරම ලැබුනේ 19 අහෝසි කරන්නත් එක්ක. ඒ නිසා මම නම් කියන්නේ ඔය කවුරු උඩ පැන්නත් අපි 19 අහෝසි කරලම තමයි පස්ස බලන්නේ. ඒ විතරක් නෙමෙයි අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකුත් ගේන්න ඕනේ…” ප්‍රසන්න කීවේය.

සටහන – ගජබා නාගහවත්ත

Recommended For You

About the Author: Editor