
මධ්‍යම රජය විසින් ගෙවිය යුතු සමස්ත ණය ප්‍රමාණය 2020 වසරේ මුල් මාස 06 අවසානයේ දී රු. බිලියන 14,052.2 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මේ අනුව මධ්‍යම රජයේ සමස්ත දේශීය ණය ප්‍රමාණය 2020 මුල් මාස 06 තුළ දී රු. බිලියන 6,629.1 සිට රු. බිලියන 7,530.8 ක් දක්වා සහ සමස්ත විදේශීය ණය ප්‍රමාණය රු. බිලියන 6,402.4 සිට රු. බිලියන 6,521.4 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද සතිපතා ආර්ථික දර්ශක වාර්තාවට අනුව 2019 වසර අවසානයේ දී රු. බිලියන 13,031.5 ක්ව පැවති මධ්‍යම රජයේ සමස්ත ණය ප්‍රමාණය 2020 ජූනි මස අවසානය වන වි රු. බිලියන 14,052.2 ක් දක්වා රු. බිලියන 1,020.7 කින් හෙවත් රු. ට්‍රිලියනයකින් වැඩි වී තිබේ.
ඉතිහාසයේ මුල්වරට මධ්‍යම රජයේ සමස්ත ණය ප්‍රමාණය 2020 අප්‍රේල් මාසයේ දී රු. බිලියන 14,000 සීමාව ඉත්මවා ගිය අතර එහිදී එම අගය දැක්වුණේ රු. බිලියන 14,024.7 ක් ලෙසිනි. මෙම ප්‍රමාණය 2020 මැයි මාසය අවසාන වන විට රු. බිලියන 13,895.9 ක් දක්වා පහළ ගොස් තිබුණි. කෙසේ වෙතත් එම අගය නැවත වරක් රු. බිලියන 14,052.2 ක් දක්වා 2020 ජූනි මාසය අවසාන වන විට වර්ධනය වී ඇත.