
වේදනා මර්දනයට විශේෂිතව හඳුන්වා දෙන කොළඹ 07, හෝටන් පෙදෙසේ, අංක 31 ස්ථානයේ, ස්ථාපිත “ලන්ඩන් වේදනා මර්දන කළමනාකරණ මධ්‍යස්ථානය“ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (02) දින විවෘත විය.
මෙතෙක් දියුණු රටවලට පමණක් විශේෂිත වූ නිධන් ගත වේදනා කළමනාකරණ ප්‍රතිකාර මෙම මධ්‍යස්ථානය ඔස්සේ සිදු කෙරේ. ඊට අදාළ නව වෙබ් අඩවිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් අන්තර්ජාලයට මුදා හැරියේය.
මෙම අවස්ථාවට සිරි නන්ද මහා පිරිවෙණේ සහ ශ්‍රී පුෂ්පාරාම මහා විහාරයේ විහාරාධිපති මලේගොඩ නන්ද හිමි, ලන්ඩන් වේදනා කළමනාකරණ මධ්‍යස්ථානයේ (London Pain Management Center), නිධන් ගත වේදනා මර්ධන විශේෂඥ වෛද්‍ය නාමල් සේනසිංහ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.