Photo Story: තෙල් නැවේ ගින්න නිවා දැමුවේ මෙහෙමයි

New Diamond බොරතෙල් නෞකාවේ ඇති වූ ගින්න සම්පූර්ණයෙන් මැඩපවත්වා තිබුණද නෞකාවේ ඇතුළත පවතින උෂ්ණත්වය හා පාරිසරික බලපෑම් මත මෙම ගින්න නැවත ඇති වීමේ යම් සම්භාවිතාවක් පවතින හෙයින්, ශ්‍රී ලංකා නාවික හමුදාව ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවෙමින් ඕනෑම හදිසි අවස්ථාවක් සඳහා සූදානමින් සිටින බව නාවික හමුදාව විසින් අද (06) දින සවස නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

මෙම ගින්න නිවා දැමීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඇතුළු ආයතන රැසක දායකත්වය ලැබුණු බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.

තෙල් නැවේ ගින්න නිවා දැමීමේ සුවිශේෂ ඡායාරූප පහත පළ වෙනවා.

Pictures by – sri Lanka Air Forece

Recommended For You

About the Author: Editor