‘මිහිඳු නිවහන ව්‍යාපෘතිය’ සම්බන්ධයෙන් වූ මූලික සාකච්ඡාවක්

බුදු සසුනට තම දරුවන් පූජා කළ දෙමාපියන් වෙනුවෙන් ආරම්භ කරනු ලබන ‘මිහිඳු නිවහන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වූ මූලික සාකච්ඡාව කැලණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘති අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි ඇතුළු මහා සංඝරත්නයත්, ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාත් අතර අද (25) දින අමාත්‍යාංශයේදී පැවැත්වුණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘සෞභාග්‍යයේ දැක්ම‘ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 9 වන පරිච්ඡේදයේ ආගම දහමට ප්‍රමුඛස්ථානය යන ප්‍රතිපත්තියට අදාලව අතිගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ සංකල්පනාවකට අනුව අමාත්‍යාංශ ප්‍රතිපාදන යටතේ හා ආගමික අමාත්‍යාංශයේ සහයෝගය මත කැලණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘති අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි ඇතුළු මහා සංඝරත්නයේ අනුශාසනා මත මෙම වැඩසටහන ක්‍රියාවට නංවයි.

ඉදිරියේදී ක්‍රියාවට නැංවීමට යෝජිත මෙම වැඩසටහන පිළිබඳව කෙරුණ මූලික සාකච්ඡාව සඳහා රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කීර්ති රංජිත් අබේගුණවර්ධන මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් සහභාගී වූහ.

Recommended For You

About the Author: Editor