Voice of දියවන්නා: “ඒක නේන්නන්… අලින්ට ගිය කලක්”

සටහන – ගජබා නාගහවත්ත

පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන් අතර ද කෝව්ඩ් වසංගය පැතිර යාමට පටන් ගත්තේ පසුගිය සතියේය. මුලින්ම කොවිඩ් වැළදුනේ රාජ්‍ය ඇමති දයාසිරිටය. පසුව හකීම්ටත් වාසුටත් කොවිඩ් වැළදී ඇති බව තහවුරු විය. වාසුට කොවිඩ් වැළදී ඇති බව තහවුරු වූයේ පසුගිය සදුදාය.

සදුදා සවස කැබිනට් මණ්ඩලය ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්වීමට නියමිතව තිබුණි. එහෙත් ඇතිවූ තත්වය මත කැබිනට් මණ්ඩලය හදිස්සියේම ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට තීරණය කෙරිණ. ඒ අනුව පසුගිය සතියේ කැබිනට් මණ්ඩලය සදුදා සවස 5.00 ට රැස්වූයේ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේය.

ඇමති ඩලස් මෙවර ඔන්ලයින් කැබිනට් රැස්වීමට සම්බන්ධ වූයේ ඔහුගේ ජංගම දුරකථනය ඔස්සේය. ඩලස් දුරකථනය අල්ලා ගෙන සිටි ආකාරය නිසා අනෙත් ඇමතිවරුන්ට පෙනුනේ ඔහුගේ මුහුණ නොවේ නළලය. මේ අතර ඩලස්ගේ කැබිනට් පත්‍රිකාවක් සාකඡ්ඡාවට ගැනිනි.

“කෝ මේ ඇමතිතුමා. ඉන්නවා නේද? “ජනාධිපති ගෝඨාභය ඇසුවේය.

“එතුමාගේ පේන්නේ නලල” විමල් කීවේය.

“සමාවෙන්න මම මේ දුරකථනයෙන් සම්බන්ධවෙලා ඉන්නේ ඩලස් කීවේය.. ” ඒ කියන අතරතුර ඩලස් තමන් දුරකථනය අල්ලාගෙන සිටින ඉරියව්ව වෙනස් කරමින් ඇමති සගයන්ට සිය මුණ පෙන්වන්නට උත්සහ ගත්තේය. ඩලස්ගේ උත්සහය සාර්ථක වූයේය.

“දැන් හරිද? “ඩලස් ඇසුවේය.

“හරි හරි… විජේවීර අල්ල ගත්ත කාලේ වගේයි හැබැයි මූණ නම් ” විමල් කිවේය.

ඇමති ජී.එල්. මෙවර කැබිනට් මණ්ඩලයට පාසල් නිල ඇදුම් ලබා දීම සදහා වන යෝජනාවක් ඉදිරිපත් කර තිබුණි.

“ඉස්කෝලේ පටන්ගන්නවාත් එක්කම නිළ ඇදුම් ලබා දීම කරන්න ඕනෑ. මේ කොරෝනා ප්‍රශ්නය ඒකටත් බලපෑවා”    ජී.එල්. කිවේය.

“දේශීය කර්මාන්තකරුවන් ඉදිරිපත් වෙලා තියෙනවා. මේ නිළ ඇදුම් දෙන්න. ”   

“මේක හැකි ඉක්මනින් දෙන්න”  ජනාධිපති ගොඨාභය කිවේය.

“අපි උත්සහ කලා ජනවාරි 15 වෙනකොට මේක දෙන්න ඒ අය කියන්නේ 31 වන විට දෙන්න පුලුවන් කියලා. ”    විමල් පැහැදිල් කලේය.

“මේක නිසි ක්‍රමවේදයකට කරන්න ඕනෑ. අන්තිම මොහොත වෙනකන් ඉන්න එපා. ” ජනාධිපතිවරයා කිවේය.

“අධ්‍යාපන අමාත්‍යාංශයයි, කර්මාන්ත අමාත්‍යංශයයි මේ ගැන ඒකාබද්ධ වැඩ පිලිවෙලක් හදන්නම්”   විමල් කිවේය.

වාහන ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් ප්‍රවාහන ඇමති ගාමිණි ලොකුගේ ඉදිරිපත් කර තිබු කැබිනට් පත්‍රිකාවක් සාකච්ඡාවට ගත් අවස්ථා කිහිපයකදීම එය සාකච්ඡා කිරීමට නොහැකි වූයේ තාක්ෂණික දෝෂයක් නිසා ලොකුගේ ගේ හඩ කැබිනට් මණ්ඩලයට ඇසෙන්නේ නැති නිසයි.

“මේක ගන්නකොටමනේ මේ සද්දේ නැතුව යන්නේ ” විමල් කිවේය.

“බන්දුල ඇමතිතුමා ලගපාතක ඉන්නවාද දන්නේ නැහැ. එයා මොනවාහරි කරලා ඇති සද්දේ නොඑන්න. ”    මහින්දානන්ද විහිලු කලේය.

“මම ලග හිටියානම් උදව් කරනවානේ   ” බන්දුල වහා කිවේය.

කීපවතාවක් ගාමිණි ලොකුගේ ඇමතිවරයා දෝශය නිවැරදි කරගන්නට උත්සහ කලද එය හරි ගියේ නැත.

“ඇමතිතුමා වෙනුවෙන් මම පැහැදිලි කරන්නම් ” කියමින් බන්දුල වහා ඉදිරිපත්ව කැබිනට් පත්‍රිකාව ගැන කරුණු ඉදිරිපත් කලේය.

යාපනය විශ්ව විද්‍යාලය අනවසර ඉදිකීරිමත් ඉවත් කිරීමේ සිද්ධියද පසුගිය සතියේ රට තුල ලොකු ආන්දෝලනයක් ඇති කලේය. මේ ගැන කැබිනට් මණ්ඩලයේ දී මතු කලේ ඩග්ලස් දේවානන්දය.

“මගෙන් ප්‍රෙස් එක මේ ගැන ඇහුවාම මම කිව්වා ඒක හැදුවේ මහ රෑ කැඩුවෙත් මහ රෑ කියලා. මේක අනවරස ඉදිකිරීමක් මේ රටට විරුද්ධව මානව හිමිකම් යන අයට ආයුධයක් ”   ඩග්ලස් කිවේය.

“මේක යූ.ජී.සී. එකේ තීන්දුවක්. යූ.ජී.සී. එක තීරණය කර තිබෙනවා විශ්ව විද්‍යාලය තුල තිබෙන නීති විරෝධි ඉදිකිරීම් අයින් කරන්න. යාපනයේ වුනෙත් ඒක. ”   ජනාධිපතිවරයා කිවේය.

“මේකට හමුදාව හෝ පොලිස්සියේ සම්බන්ධයක් නැහැ. ” ඇමති සරත් වීරසේකර කීවේය.

“යු.ජී.සී. එක මේ තීන්දුව අද ඊයේ ගත්ත එකක් නෙවෙයි. ටික කාලයට කලින් ගත්ත තීරණයක් උප කුලපතිතුමා අද උදේ නැවත මුල් ගලත් තියලා තියෙනවා. ඒකටත් අපේ සම්බන්ධයක් නැහැ. ” ජී.එල්. කිවේය.

“කලින් ගත්ත තීන්දුවක් හදිසියේ ක්‍රියාත්මක කිරීමත් ඒ තීන්දුව අකුලගෙන ආයේ උපකුලපතිතුමාත් මේක හදන්න දුන්න එකත් ගැටලුවක්  මේක තවත් අනවශ්‍ය අර්බුදයක් ”  ඇමති විමල් කිවේය.

” විශ්ව විද්‍යාලයේ අනුමැතියක් නැතිව කිසිම නිර්මාණයක් හෝ ස්මාරකයක් කරන්න බෑ. ඒක තමයි නීතිය. ” ජී.එල් පැහැදිලි කලේය.

කැබිනට් රැස්වීම අමාත්‍යාංශයේ වෙනත් කරුණු යටතේ ඇමති චමල් කිවේ නිදහස් දිනයේදී මහාමාන්‍ය ඩී.එස්. සේනානායකගේ පිලිරුවට මල් මාලයක් පැලදවීමට ඇමතිවරයෙකු නම් කර ගත යුතු බවය.

කිසිවෙකු ඊට ඉදිරිපත් නොවූ විට ඇමති විමල් විහිලුවට මෙන් කිවේ පත්තරේ දැන්වීමක් දාලා බලමු කියාය.

“ඇමතිවරයෙකු ඕනෑ කර තිබේ. ”  කියලා දාමු විමල් යොජනා කලේය.

ඒත් කිසිවෙකු ඉදිරිපත් නොවූ තැන විමල් කිවේ ‘‘මේ අය තමන්ට මල් මාලා දමාගන්න කැමති අය මිසක් වෙනත් අයට මල් මාලා දාන්න කැමති අය නෙවෙයි. ඒකයි ඉදිරිපත් නොවෙන්නේ“  කියාය.

“මේක සම්ප්‍රදායක්. ”  චමල් කිවේය.

ජනාධිපති ගොඨාභය“ ඕකට විමල් ඇමතිතුමාම හොදයි“ කියා කිවේය. එය විමල්ට ඇසුනේ නිමල් කියාය.

“ඕව් ඕව් නිමල් ඇමතිතුමානම් හොඳයි තමා. ”  විමල් කිවේය.

“නෑ නෑ මම කිව්වේ විමල්”   ජනාධිපතිවරයා කිවේය.

ඔය අතර පවිත්‍රා, ගාමිණි ලොකුගේ ඇමතිවරයාව යෝජනා කලේය. ලොකුගේ ඉතා කැමැත්තෙන් ඒ වගකීම භාරගත්තේය.

ඌන සේවා උපාධිධාරී උපාධිදාරීන්ට රජයේ රැකියා ලබා දීමේ වැඩපිළිවෙළට ඇතුලත් කර නොගැනීම පිළිබදව ගැටලුව මතු කලේ ඇමති විමල් වීරවංශය.

“600 ක් විතර තමයි ඉන්නේ රැකියා නැති නිසා තමයි ඔවුන් උපාධියට නොගැලපෙන රැකියාවලට ගිහින් තියෙන්නේ” විමල් පැහැදිලි කලේය.

“නැහැ නැහැ මම කිව්වා ඒ අයට අවස්ථාවට දෙන්න කියලා”ජනාධිපතිවරයා කිවේය.

“නමුත් ඒක වෙලා නැහැ. ජනාධිපතිතුමනි මෙතන ඉන්න විමල් ඇමතිතුමා කිව්වා වගේ දහසකට අඩු පිරිසක් මේ අය රස්සා වලට ගියේ රස්සා නැති නිසා විශේෂ තීන්දුවක් හරි අරන් මේ අයත් උපාධිදාරීන්ගේ වැඩ පිලිවෙලට ඇතුලත් කර ගැනීම හොදයි” ඇමති ප්‍රසන්න රණතුංග ද කිවේය.

” ඒ අය රජයේ රැකියාවක් කරමින් සිටි නිසා ඇතුලු වුනේ නැහැ. ”  කැබිනට් ලේකම් පැහැදිලි කලේය.

“ඒක අසාධාරණයි. ඒ අයට රස්සාවක් නැති නිසයි වෙනත් රැකියාවකට ගියේ”  ඇමති ප්‍රසන්න යලි කිවේය.

“මම අනුමැතිය දුන්නානේ මම ඒ ගැන බලන්නම්”  ජනාධිපති ගෝඨාභය කිවේය.

ඇමති ප්‍රසන්න රණතුංග මේ දිනවල ලහි ලහියේ සුදානම් වන්නේ ජනවාරි 21 සංචාරකයන්ට රට විවෘත කරන්නටය පසුගිය සතියේ සෞඛ්‍ය අංශ මේ පිළිබදව අදාල සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කලේය. පසුගිය සදුදා උදෑසන ප්‍රසන්න සංචාරක ක්ෂේත්‍රයේ නියුතු සංවිධාන 22 ක නියෝජිතයෝ සිය අමාත්‍යාංශයට කැදවූයේ මේ හෙල්ත් ගයිඩ්ලයින් පැහැදිලි කිරීමටය.

“අපි හරි අමාරුවෙන් මේ වැඩේ කරන්නේ ලක්ෂ 30 ක් වන සංචාරක ක්ෂේත්‍රයෙන් අය ගැන හිතලා අඩුයි. මතක තියා ගන්න කවුරුහරි මේ සෞඛ්‍ය මාර්ගෝපදේශ කැඩුවොත් අපේ මේ උත්සහයම වතුරේ කවුරුහරි මේ සෞඛ්‍ය මාර්ගෝපදේශ කැඩුවොත් අපි එයා කවුරුඋනත් බ්ලැක් ලිසිට් කරලා ඉන්ඩස්ට්‍රි එකෙන් අයින් කරලා දානවා” ප්‍රසන්න තදින් කිවේය.

සංචාරකයන්ට රට නැවත විවෘත කිරීම පිළිබද තීරණාත්මක සාකච්ඡාවක් පසුගිය සදුදා නාරාහෙන්පිට නිල මැදුරේදි පැවැත්විණ. ඒ ආර්ථික පුණර්ජීවන කමිටු සභාපති බැසිල්ගේ ප්‍රධානත්වයෙනි. චමල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, ඩී.වී. චානක, තාරක බාලසුරිය යන ඇමතිවරු ඊට එක්ව සිටියහ. රැස්වීම තිබුනේ ඔන්ලයින් ක්‍රමය යටතේ සංචාරකයන්ට වීසා නිකුත් කිරීම ගැනය. ප්‍රසන්නගේ ඉල්ලීමට ඉඩ දෙමින් දැනට සංචරන සීමා පනවා ඇති එංගලන්තයෙන් හැර සෙසු රටවල් සදහා ඔන්ලයින් ක්‍රමය යටතේ වීසා නිකුත් කිරීම නැවත ආරම්භ කිරීමට තීරණය කෙරිණ.

“සර්… කොවිඩ් කමිටුව සෞඛ්‍ය බලධාරීන් සංචාරකයෝ ගෙන්නන එපා කියන කිසිම රටකින් සංචාරකයන් ගෙනන්නේ නැහැ. …. ” ප්‍රසන්න කිවේය.

“ඒක හොදයි හැබැයි කොහෙන් හරි පළමු සංචාරක කණ්ඩායම් ලංකාවට ගෙන්න ලැස්ති කරන්න”  ප්‍රසන්න කිවේය.

“අපි ඒකට දැනටමත් ලැස්තියි. ”  කියාය.

ඇමති ප්‍රසන්න රණතුංග මැතිතුමා පසුගිය බදාදා මොණරාගල ගියේ ජීවනෝපාය සංවර්ධන කමිටුවේ මොණරාගල රැස්වීමට සහභාගී වීමටය. මහින්දානන්දත් පැමිණ සිටියහ. මොණරාගලට පැමිණෙන ප්‍රසන්න, මහින්දානන්ද, රොහාන්, ෂෙහාන්, දිලුම් වැනි ඇමතිවරුන්ට නවාතැන් පහසුකම් සපයා තිබුනේද ශෂීය.

ජීවනෝපාය කමිටුව අතරතුර අලි ප්‍රශ්නයක් ඇදී ආවේය. අලි ගම් වැදීම නිසා ගැටලු රැසක් ඇතැයි පළාත් පාලන ආයතන ප්‍රධානී හූ මෙහිදි පෙන්වා දුන්හ

” අපි හිතුවේ අලි දැන් නෑ කියලා. අපිට මේ දවස් වල පාර්ලිමේන්තුවටත් එක අලියෙක් ගෙන්ව ගන්න බැරුව ඉන්නේ… ” මහින්දානන්ද ප්‍රසන්න දෙස බලමින් කීවේය.

“ඒක නේන්නන්……….. අලින්ට ගිය කලක්” ප්‍රසන්න රණතුංග ඇමතිවරයා සිනාසෙමින් කිවේය.

සටහන – ගජබා නාගහවත්ත

Recommended For You

About the Author: Editor