වත්මන් මොහොත ගැන: ‘ඥානමය සිතියමක’ අවශ්‍යතාව

මෙරට නව යුගයක් ගැන අපේක්ෂා දල්වමින් තාප්පවල චිත්‍ර අඳිමින් සිටි ආණ්ඩු පාක්ෂික ජනයාට දැන් සිදුව තිබෙන්නේ හෙට දවසේ පැවැත්ම පිළිබඳ අසුබවාදී සිතුවිලිවල ගිලෙමින් සිටින්නට ය.

ඔබ නොදන්නා නගරයක හුදෙකලා වී සිටී යැයි සිතන්න. ඔබ එහි කිසිදු වීදියක් නොදනී. දන්නා හඳුනන කිසිවෙකුත් අවට නොමැත. නගරයක පවතින සාමාන්‍ය මං සලකුණු වන ප්‍රසිද්ධ චතුරස්‍ර, ප්‍රතිමා හෝ කෞතුකාගාර යනාදිය ද එහි නොමැත.

මේ ඔබ පරාරෝපණයේ ආන්තික අත්දැකීමක් විඳින මොහොතකි. ඔබට මතු වන විසඳිය නොහැකි ප්‍රහේලිකාව වනුයේ එම නොදන්නා මහා නගරය තුළ ඔබ ස්ථානගතව සිටින්නේ කොතැනකද යන්නයි. ඔබ සමස්තයේ කවර කොටසක් ද? මේ ප්‍රහේලිකාව විසඳා ගැනීමට ඔබට එම නගරයේ සිතියමක් අවශ්‍ය වේ. 

ෆ්‍රෙඩ්රික් ජෙම්සන් නමැති පශ්චාත් නූතන මාක්ස්වාදියා පවසන්නේ ගෝලීයකරණයේ යුගය තුළ අප පත්ව සිටින්නේද ඉහත නිදසුනෙහි වන් තත්ත්වයකට බවයි.

අප වත්මන් ගෝලීය ආර්ථික, දේශපාලනික සහ සමාජමය ක්‍රියාවලිය තුළ ස්ථානගතව සිටින්නේ කොහේද? සේනක බටගොඩ විසින් රචනා කොට ගායනා කරන ලද ගීතයක කියැවෙන පරිදි, වත්මනෙහි අප හමුවේ ඇති ප්‍රබලතම ප්‍රශ්නය වන්නේ මෙයයි: “ගිනියම් ඉර, සඳ සිසිලස, අතරේ හොයනවා හොයනවා මේ, අපි කවුරුද…”

ජෙම්සන් අපට පෙන්වා දෙන්නේ මේ මං මුලා වීමේ ප්‍රශ්නය විසඳා ගැනීමට අපට කිසියම් සිතියමක් අවශ්‍ය වී තිබෙන බවයි. ඔහුට අනුව, එය ඥානමය සිතියමක් (cognitive map) විය යුතුය. මගේ අදහස නම් වත්මන් ගෝලීය වසංගතයේ මොහොත තුළ ජෙම්සනියානු ඥානමය සිතියමක් අපට අන් කවරදාටත් වඩා වුවමනා වී තිබෙන බවයි. 

අලුත් කාලයක්

Dr Harini Amarasuriya nominated for JJB National List MP - Ceylon Today
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය

මෙහිදී පළමුව පැහැදිලි කර ගත යුතු කාරණයක් නම් අප දේශපාලනය තුළ කාලය පිළිබඳව සිතන ආකාරය කුමක්ද යන්නයි. දැනට සති කිහිපයකට පෙර ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය එක්තරා සති අන්ත පුවත්පතකට ප්‍රකාශ කොට තිබූ කාරණයක් නම් “ආණ්ඩුව කරන කියන සෑම දේකටම එරෙහිව කෑකෝ ගැසීමෙන් පලක් නොමැති බවත්, ආණ්ඩුව අර්බුදයට පත් වන මොහොත හරියට හඳුනාගෙන විපක්ෂය කටයුතු කළ යුතු බවත්ය.”

ඇය පවසන පළමු කාරණය සම්බන්ධයෙන් විවාදයක් නොමැත. නමුත්, දෙවැන්න සම්බන්ධයෙන් කිව යුත්තක් තිබේ. එනම්, සාමාන්‍යයෙන් මෙරට මැතිවරණ දේශපාලනය තුළ කිසියම් පාලක පක්ෂයක බහින කලාව උදාවන්නේ බලයට පත්ව වසර දෙක තුනකට පසුවය යන ආකල්පයක් පැවතුනද එය සෑමවිටම නිවැරදි නොවන බවයි.

විශේෂයෙන්ම අර්බුද සමයක සිදුවීම්වල වේගය වෙනස්ය. කොහොමටත් දේශපාලනය තුළ අදාළ වන්නේ කැලැන්ඩර් කාලය නොව සිදුවීම් විසින් නිර්ණය කෙරෙන කාලයයි. ඒ අරුතින්, වත්මන් පාලන තන්ත්‍රයේ වසර තුන මාස තුනක් තුළ උදා වීම පුදුමයට කරුණක් නොවිය යුතුය. 

දැන් ආණ්ඩුවේ ජනප්‍රියත්වය වේගයෙන් පිරිහී යමින් තිබේය යන්න තවදුරටත් රහසක් නොවේ. සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය වූ “ස ෆේල්” ව්‍යාපාරය හුදෙක් විපක්ෂයේ ප්‍රචාරක ව්‍යාපාරයක්ම නොවේ.

මෑත සති කිහිපය තුළ දේශපාලන ලෝකයේ ඉහළට එසවුණු සෑම ජනප්‍රිය තේමාවක්ම අවසාන වශයෙන් කැරකුණේ ආණ්ඩුවට අවාසි සහගත අන්දමිනි. මෙය සැබවින්ම පුදුමයට හේතුවක් විය යුතු නැත. මන්ද යත්, අප දැන් සිටින්නේ වෙනස් කාලයක් තුළය.

වරක් දයාන් ජයතිලක පැවසූ පරිදි ට්‍රම්ප්ගේ බිඳ වැටීම ලොව පුරා “පුංචි ට්‍රම්ප්ලා” කෙරෙහි බල නොපානු ඇතැයි අපට කිව නොහැකිය. ඉන්දීය ගොවි ජන අරගලය ඉදිරියේ දැන් නරේන්ද්‍ර මෝඩිගේ හින්දූත්වවාදී දක්ෂිණාංශයට පසු බසින්නට සිදුව තිබේ.

වත්මන් ගෝලීය වසංගතයට මුහුණ දීමේදී ලොව සෑම තැනකම පාහේ අන්ත-දක්ෂිණාංශික ජාතිකවාදී පාලන තන්ත්‍ර අභියෝගයට ලක්ව තිබේ. ඊට සමාන්තරව ලොව පුරාම අන්ත-දක්ෂිණාංශික පාලන තන්ත්‍ර තම මර්දන බලය වර්ධනය කර ගන්නටද වසංගතය යොදා ගනිමින් තිබේ. ඩොනල්ඩ් ට්‍රම්ප් එය එළිපිටම කළේය. නමුත්, කැපිටල් මන්දිරය අත්පත් කර ගැනීමේ ට්‍රම්ප්වාදී අන්ත-දක්ෂිණාංශයේ ප්‍රයත්නය දැන් අසාර්ථක වී අවසන්ය. 

වරක් දයාන් ජයතිලක පැවසූ පරිදි ට්‍රම්ප්ගේ බිඳ වැටීම ලොව පුරා “පුංචි ට්‍රම්ප්ලා” කෙරෙහි බල නොපානු ඇතැයි අපට කිව නොහැකිය. ඉන්දීය ගොවි ජන අරගලය ඉදිරියේ දැන් නරේන්ද්‍ර මෝඩිගේ හින්දූත්වවාදී දක්ෂිණාංශයට පසු බසින්නට සිදුව තිබේ.

නිදසුනක් ලෙස, මෙරට නව යුගයක් ගැන අපේක්ෂා දල්වමින් තාප්පවල චිත්‍ර අඳිමින් සිටි ආණ්ඩු පාක්ෂික ජනයාට දැන් සිදුව තිබෙන්නේ හෙට දවසේ පැවැත්ම පිළිබඳ අසුබවාදී සිතුවිලිවල ගිලෙමින් සිටින්නට ය.

මෙසේ වන්නේ මන්ද?

Speech by Prof. Jayadeva Uyangoda on his retirement from Colombo University  – Groundviews
මහාචාර්ය ජයදේව උයන්ගොඩ

මේ සම්බන්ධයෙන් දැනට වසරකට පමණ පෙර මහාචාර්ය ජයදේව උයන්ගොඩ පැවසූ කාරණයක් සිහිපත් කරන්නට මට ඉඩ දෙන්න. වසංගතය හමුවේ ක්‍රියාත්මක වූ පළමු ලොක් ඩවුන් සති තුළදී මා සමග කළ දුරකථන සංවාදයකදී ඔහු පැවසුවේ ඇතැම් විට අන්ත-දක්ෂිණාංශික ජාතිකවාදයේ අවාසියට මේ වසංගතය හේතු විය හැකි බවයි. මන්ද යත්, ලොව පුරා දක්ෂිණාංශික ජාතිකවාදීන් බලයට පත් වූයේ අනාගත සෞභාග්‍යයක් පිළිබඳ සුවිසල් බලාපොරොත්තු ඉදිරිපත් කරමින් වීම නිසාය. එය ට්‍රම්ප්ගේ සිට, වික්ටර් ඕබන් සහ එර්දොගන් හරහා මෝඩි දක්වාත් ගෝඨාභය රාජපක්ෂ දක්වාත් වලංගු ය. එම බලාපොරොත්තුවල විශාලත්වයම දැන් ඔවුනට හරහට සිටී. නිදසුනක් ලෙස, මෙරට නව යුගයක් ගැන අපේක්ෂා දල්වමින් තාප්පවල චිත්‍ර අඳිමින් සිටි ආණ්ඩු පාක්ෂික ජනයාට දැන් සිදුව තිබෙන්නේ හෙට දවසේ පැවැත්ම පිළිබඳ අසුබවාදී සිතුවිලිවල ගිලෙමින් සිටින්නට ය.

ශිෂෙක්

ශිෂෙක් ඔහුගේ “වසංගතය! කොවිඩ් 19 ලොව සසල කරයි” (2020) කෘතියේ පවසන පරිදි, පාලකයින් පවා දැන් සිටින්නේ කර කියා ගත දෙයක් නැතිවය. මෙරට ආණ්ඩුවටද දැන් පිටතින් එන විසඳුමක් (ඇතැම්විට සහන මිළට ලැබෙන වැක්සීනයක්) කෙරෙහි අපේක්ෂා රඳවමින් සිටිනු විනා කළ හැකි කිසිවක් නැත. තවමත් අර්බුදය ආරම්භ වූවා පමණි. ඉදිරි කාලය වඩ වඩාත් දුක්ඛිත වනු ඇත.  නමුත්, මෙහි අදහස ඉතාම ඉක්මනින් පවතින පාලනය බිඳ වැටෙනු ඇති බවද නොවේ. තත්ත්වය ඊටත් වඩා දුක්මුසු ය. ශිෂෙක්ගේම වචනයෙන් කිව හොත්, අවසානය ඉක්මණින් අවසන් නොවනු ඇත. එය ඔහේ ඇදි ඇදී යයි. අපේක්ෂා විරහිත අඳුරු කොරිඩෝවක් දිගේ ඒකාකාරී ලෙස ඇවිද යාමක් ගැන සිතන්න. අප ඇතුල් වී සිටින නව කාලය එවැන්නකි.                                          

ධනවාදයේ මහා ප්‍රත්‍යාරම්භය

මෝදි රජයේ කෘෂිකාර්මික පනත්වලට එරෙහි ගොවි උද්ඝෝෂණයේ අවස්ථාවක

මේ අඳුරු කොරිඩෝව දිවෙන්නේ සමාජ අසමානත්වය තව තවත් උග්‍ර කරමින්ය. ඒ කෙසේදැයි වටහා ගන්නට නම් අප හැරී බැලිය යුත්තේ ගෝලීය දේශපාලන ආර්ථිකයේ සිදුවෙමින් පවතින වෙනස්කම් දෙසය.

පසුගිය ලෝක ආර්ථික සමුළුවේදී කතා බහට ලක් වූ ධනවාදයේ මහා ප්‍රත්‍යාරම්භය (great reset) නමැති ව්‍යාපෘතිය දිවෙන්නේ එදෙසටය. සාමාන්‍ය ජනයාගේ ඉරණම නොතකා හරිමින් ධනවාදී ආර්ථික යාන්ත්‍රණය යළි පණ ගැන්වීම දෙසට දැන් ගෝලීය ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයින් යොමු වෙමින් සිටී. ට්‍රම්ප්ගේ සහායකයින්ද ආර්ථික යාන්ත්‍රණය කෙසේ හෝ පණ ගැන්විය යුතුය යන මතය දරයි.

අනෙක් අතින්, සරදම්ජනක ලෙස, එක්සත් ජනපදයේ මහා සමාගම්වලට දැන් ආර්ථික යාන්ත්‍රණය පණ ගැන්වීම සඳහා ඉවත් කළ යුතුව ඇති චරිතය වන්නේද ට්‍රම්ප් ය. අසල්වැසි ඉන්දියාවේ මෝඩිගේ මතභේදාත්මක කෘෂිකාර්මික පණත්වල එල්ලය වූයේද මහා ප්‍රාග්ධනයට වාසි සහගත වන ආකාරයට වෙළඳපල යළි හැඩ ගැස්වීමය.

මෙරට දියත් වන යුක්රේන සංචාරක බුබුල සකස්ව ඇත්තේද ඒ ආකාරයට නොවේද? එම සංචාරකයින්ට මෙරට සාමාන්‍ය ජනයා සමග ගණුදෙණු කිරීමට ඉඩක් නොමැති වුවත්, මහා හෝටල් සමග ගණුදෙණු කිරීමට බාධාවක් නොමැත. 

ධනවාදයේ මහා ප්‍රත්‍යාරම්භයක් පිළිබඳ අදහසේ දේශපාලනික ගම්‍යයන් ගැන මීළඟ ලිපියේදී සාකච්ජා කරන්නට බලාපොරොත්තු වෙමි.   

           

සුමිත් චාමින්ද 

Recommended For You

About the Author: Editor