කාබනික පොහොර අධිකාරියක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය

කොළඹ කොමර්ෂල් පොහොර සමාගම විසුරුවා හැර එහි කාබනික පොහොර අධිකාරියක් පිහිටුවීම සදහා ඉදිරිපත් කළ කැබිනට් පත‍්‍රිකාවට අනුමැතිය ලැබුණු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේය.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ කෘෂිකර්ම අමාත්‍යවරයා කියා සිටියේ මෙරට පොහොර භාවිතයෙන්  70% ක් කාබනික පොහොර බවට පත් කිරීම තම ඉලක්කය බවයි.

මෙරට පොහොර අවශ්‍යතාවයෙන් මේ වනවිටත් රට තුළ නිෂ්පාදනය කරන්නේ 1%ක් වැනි ප්‍රතිශතයක් බව කී අමාත්‍යවරයා කාබනික පොහොර අධිකාරිය පිහිටුවීම සදහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 16.5ක් ලබා ගන්නා බවත් එම මුදල් පොලියත් සමග ආපසු ගෙවීමට සූදානම් බවත් කීය.

මේ සම්බන්ධව මූලික කටයුතු කෙරීගෙන යන බවත් නව අධිකාරියේ  කටයුතු ඉක්මණින් ආරම්භ කරන බවත් අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.

Recommended For You

About the Author: Editor