Elle US විලාසිතා සඟරාවේ කවරය සැරසූ පළමු ‘සංක්‍රාන්ති ලිංගික නිරූපිකයා’

‘ලිංගිකත්වය‘ ගැන තව දුරටත් කතා කිරීමට මැලි වන්නේ හෝ බිය වන්නේ ‘කුහකයින්‘ පමණයි. ඒ තරමට තවත්මන් ලෝකයේ ලිංගිකත්වය ස්වභාවික දෙයක් ලෙස පිළිගන්නවා. මේ කතාව විෂම ලිංගිකත්වය, සම ලිංගිකත්වය සේම සංක්‍රාන්ති ලිංගිකත්වය සම්බන්ධයෙන් ද අදාළයි.

‘සංක්‍රාන්ති ලිංගිකත්වය -Transgender මේ වන විට ලෝකයේ සුලභ සහ සාමාන්‍ය තත්ත්වයක. ලංකාවේ කෙසේ වෙතත් දියුණු රටවල නම් එය සාමාන්‍ය, ස්වභාවික තත්ත්වයක්.

ඉතිං අපි මේ කියන්න යන්නේ සංක්‍රාන්ති ලිංගිකත්වය හා සම්බන්ධ සුවිශේෂ කතාවක්. ගෝලීය අවධානය දිනාගත් කතාවක්.

Elle කියන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රකාශයට පත්වන ජාත්‍යන්තර වශයෙන් දැවැන්ත අවධානයක් හා බලයක් තිබෙන විලාසිතා සගරාවක්. එහි කවරයේ ඡායාරූපයට හා කතාවට පෙනී සිටීම නිරූපිකාවක් ලබන ඉහළම ජයග්‍රහණයක් වශයෙන් සැලකෙනවා.

ඉතිං… මෙම ලෝ ප්‍රකට විලාසිතා සගරාවේ කවරයේ ඡායාාරූපයට පෙනී සිටීමට සංක්‍රාන්ති ලිංගික පිරිමියෙක් සමත් වුණා. ඔහු 24 හැවිරිදි Indya Moore.

විලාසිතා නිරූපණ ශිලිපියෙක් සේම නළුවෙකු ද වන මෝරේ තමාව “they” and “them” ලෙස හදුන්වනවාට අකමැත්තක් නැහැ. ඔහු “පෝස්” නම් එෆ්එක්ස් රූපවාහිනී කතා මාලාවේ ඒන්ජල් එවැන්ජලිස්ටා ලෙස රඟපානවා.

ට්විටර් හරහා ප්‍රවෘත්ති බෙදාහදා ගනිමින් ඇය/ඔහු කියා සිටියේ, “සංක්‍රාන්ති පුද්ගලයෙකු ආවරණය වන පරිදි ඔබේ පළමු අත්දැකීම ලෙස මා ලබා ගැනීම ගැන ස්තූතියි. මම අන්තිමයා නොවන බව මම දනිමි‘

ට්විටර් හරහා, ELLE ප්‍රධාන කර්තෘ නීනා ගාර්ෂියා ද කවරයේ ඡායාරූපයක් පළ කරමින් කියා සිටියේ, “සංක්‍රාන්ති ලිංගික නිරූපිකාවක් සහ තාරකාවක් සඳහා @poseonfx ind ඉන්දියාමූර්, පැවැත්මේ මාදිලිය සැමවිටම පෙරනිමිය වී තිබේ.” මම කවුදැයි මම නොදනිමි. නිදහසේ සිටීමට සහ මට සහ අනෙක් අයට ආරක්ෂාව සොයා ගැනීමට උත්සාහ කරන කෙනෙකුට පිටතින්, “ඇය @ELLEmagazine වෙත පැවසීය”




සැකසුම – තුෂාධවි

Recommended For You

About the Author: Editor