කොවිඩ්-19 ආසාදිත මරණ 06ක් සමග සමස්ත මරණ 270 දක්වා ඉහළට

කොවිඩ්-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයින් හය දෙනකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (18) විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් විය.

ඉකුත් 14 සහ 17 යන දිනවලදී එක් මරණය බැගින්ද, 15 වැනිදා මරණ 2 ක්ද, අද (18) වැනිදා මරණ 2 ක්ද වාර්තා වී තිබේ.

මෙම මරණ සමග කොවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන් මියගිය සමස්ත මරණ සංඛ්‍යාව 270 ක් දක්වා ඉහළ ගිය බව ද අදාළ මාධ්‍ය නිවේදනයේ සදහන් වේ.

Recommended For You

About the Author: Editor