ජනපති පියා ‘ධවල මන්දිරයෙන් සමුගැනීමට පෙර’ දියණිය කළ දේ

වසර හතරක සිය ආන්දෝලනාත්මක පාලනයට ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් අද (20) සමු දුන්නා. බොහෝ ඇමෙරිකානු සහ ජාත්‍යන්තර මාධ්‍ය ට‍්‍රම්ප්ගේ සමුගැනීම සහ ජෝ බිඩෙන් ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීම සැලකුවේ ‘ඇමෙරිකාව යළි ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙත පැමිණීමක්‘ ලෙසයි.

මේ අතර ඊයේ තවත් සුවිශේෂ සිදුවීමක් ධවල මන්දිරය තුළ සිදු වුණා. ඒ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ධූරයෙන් නික්ම යාමට පෙර ඔහුගේ බාල දියණිය වන 27 හැවිරිදි ‘ටිෆනි ආරිආනා‘ ධවල මන්දිරයේදී විවාහ ගිවිස ගැනීමයි.

ජනපති ට්‍රම්ප්ගේ දෙවන විවාහයේ එකම දරුවා වන ටිෆනි විවාහා ගිවිස ගත්තේ නයිජිරියානු සමාගම් සමූහයක හිමිකරුවකු වන 23 හැවිරිදි මයිකල් බූලොස් නමැති ව්‍යාපාරිකයෙකු සමගයි.

තම විවාහා ගිවිස ගැනීම ගැන මාධ්‍ය හමුවේ අදහස් පළකළ ඇය කියා තිබුණේ ‘තම පවුලේ අවස්ථා රැසක මතක සටහන් ඇති ධවල මන්දිරයේදී සිය පෙම්වතා විසින් සිදුකළ විවාහ මංගල යෝජනාව ගැන තමන් සතුටට පත්වන බවත් එය ඉතා සුවිශේෂී අවස්ථාවක් බවයි.

විවාහ ගිවිස ගැනීමෙන් පසු ධවල මන්දිරයේදී බූලොස් සමග පෙනී සිටින ඡායාරූපයක් ඇය තම Instagramගිනුමේ පළ කර තිබුණා.

වසර 04 ලෝක බලවතා ලෙස ඇමෙරිකාව පාලනය කළ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ශ්‍රී ලංකා වේලාවෙන් අද (20) සවස 06.30ට පමණ හෙලිකොප්ටරයේ නැගී ධවල මන්දිරයෙන් සමුගෙන නික්ම ගියා.

ඔහු තම බිරිය මෙලනියා ට්‍රම්ප් ද සමග ෆ්ලොරිඩාවේ පිහිටි සිය නිකේතනයක් බලා ගිය බවයි ඇමෙරිකානු මාධ්‍ය සඳහන් කළේ.

ධවල මන්දිරයේ රතු පලස මැදින් ඇවිද ආ ට්‍රම්ප් සහ මෙලනියා වෙනුවෙන් ලැබුණේ ද සාපේක්ෂව කුඩා මාධ්‍ය ආවරණයක් වූ අතර එසේම සාම්ප්‍රදායිකව පැවැත්වෙන් නව ජනාධිපතිවරයාගේ ධවල මන්දිර සුහද නිරීක්‍ෂණ චාරිකාවට ද මෙවර ඉඩකඩ නොලැබීම විශේෂත්වයක්.

ජනපති ට‍්‍රම්ප් ජෝ බිඩෙන්ගේ දිවුරුම්දීමේ උත්සවයට සහභාගී වීම ප‍්‍රතික්ෂේප කිරීම ගැන ඇමෙරිකානුවන් තුළ දැඩි විවේචනයක් තිබෙනවා.

Recommended For You

About the Author: Editor