ආචාර්ය එඩ්වින් ආරියදාස දිවිසැරිය නිමකරයි !

ආචාර්ය එඩ්වින් ආරියදාස මහතා අද (22) අභාවප්‍රාප්ත විය. මියයන විට ආරියදාස මහතා 99 වැනි වියේ පසුවිය.

1922 දෙසැම්බර් 3 වන දින ගාල්ල උණවටුන ප්‍රදේශයේ උපත ලැබූ ආරියදාස මහතා ගාල්ල මහින්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා කොළඹ විශ්න විද්‍යාලයට ඇතුළත් විය.

1949 දී ලේක් හවුස් ආයතනයෙන් ජනමාධ්‍ය ලෝකයට පිවිසි එච්ඩ්න් ආරියදාස මහතා එහි නිර්මාතෘ ඩී.ආර්. විජේවර්ධන මහතා සමග සමීපව කටයුතු කළේය.

ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු, සිනමා විචාරකයකු, මාධ්‍යවේදියකු, පරිසරවේදියකු, ගුරුවරයකු මෙන්ම වියතෙකු ලෙස ද සැලකෙන එඩ්වින් ආරියදාස මහතා බොහෝ දෙනකු විසින් හදුන්වනු ලැබුවේ “ඇවිදින පුස්තකාලය” විරුදාවලියෙනි.

ඉතා සරල සහ සුමග බසින් විදෙස් විත්ති විචාරයේ යෙදුණු ආරියදාස මහතා මාධ්‍ය ක්ෂේත්‍රයේ සිටින විශාල පිරිසකගේ ගුරුවරයා වශයෙන් ද සැලකෙයි.

ද්විභාෂා වියතෙකු වන එඩ්වින් ආරියදාස මහතා ‘ලෝක ඉතිහාසය’, ඇමෙරිකානු ජනපති දේශන ඇතුළත්  ‘විමුක්ති ප‍්‍රකාශ’ ඇතුළු කෘති කිහිපයක් ම පළ කර තිබෙන අතර එතුමා විසින් රචිත ලිපි ගණන දහස් ගණනකි.

ජනතා සම්මාන, මාධ්‍ය සම්මාන, ජාතික සම්මාන ඇතුළු සම්මාන 300කට වැඩි ප්‍රමාණයට හිමිකම් කී එඩ්වින් ආරියදාස මහතා රාජ්‍ය ආයතන කිහිපයකම උසස් තනතුරු දරා තිබේ.

ආරියදාස මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඉදිරියේදී දැනුම් දෙන බව පවුලේ ප්‍රකාශකයෙකු සදහන් කළේය.

Recommended For You

About the Author: Editor