තුන් ඉරියව් ක්‍රීඩක ‘රමේෂ් මෙන්ඩිස්ට’ ටෙස්ට් වරම්

එංගලන්තයට එරෙහිව එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය යටතේ අද (22 දා) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දකුණත් පිට දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස් ටෙස්ට් වරම් දිනා ගැනීමට සමත්විය.

අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලින් ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රවිශ්ඨව සිටින රමේෂ් කණ්ඩායමට පැමිණීමත් සමඟඑම ස්ථානයේ ක්‍රීඩා කළ වනිඳු හසරංගට කණ්ඩායමේ ස්ථානය අහිමිව තිබේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගත් 154 වැනි ක්‍රීඩකයා බවට පත් වුණු රමේෂ් දේශීය ක්‍රීඩා සමාජ තරගාවලියේදී ත්‍රිත්ව ශතකයක් පවා වාර්තා කිරීමට සමත් වුණු පිතිකරුවෙකි.

පළමු පෙළ තරග 45 කට ක්‍රීඩා කර ඇති රමේෂ්ගේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 43.46 ක් ලෙස සටහන් වේ. ශතක 5 ක් සහ අර්ධ ශතක 11 කට හිමිකම් කියන දකුණත් පිතිකරුවා, පන්දු යවමින් කඩුලු 83 ක් බිඳ හෙළීමට සමත්ව සිටියි. ඔහුගේ කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 38.26 ක් වේ.

Recommended For You

About the Author: Editor