සෞඛ්‍ය ඇමති පවිත්‍රාගේ PCR Positive: සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කරයි

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මියට කෝවිඩ් -19 වයිරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යවරියට කෝවිඩ් 19 ආසාදනය වී ඇතැයි Rapid Antigen Test පරීක්ෂණය මගින් අනාවරණය වුවද, සිකුරාදා (22) සිදුකරන ලද පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තුරු නිවසේ නිරෝධායනය වීමට අමාත්‍යවරිය තීරණය කර තිබූ බවයි වාර්තා වුණේ.

අද (23) පෙරවරුවේ ඇතැම් මාධ්‍ය මේ පිළිබදව හෙළිදරව් කළ නමුත් එය ‘නිල වශයෙන් තහවුරු කරගෙන තිබුණේ නැහැ. එහිදී බොහෝ මාධ්‍යවල නොනිල වාර්තාවල සදහන් වුණේ ප්‍රතිදේහජනක පරීක්ෂණයකින් (Rapid Antigen Test) මේ බව තහවුරු වී තිබෙන බවයි.

මේ වන විට වාසුදේව නානායක්කාර, දයාසිරි ජයසේකර, පියල් නිශාන්ත යන අමාත්‍යවරුන් තිදෙනා ඇතුළුව මන්ත්‍රීවරුන් සිව් දෙනෙකුට කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යවරියට කොවිඩ්-19 ආසාදනය වීම ගැන සමාජමාධ්‍යවල මහත් උනන්දුවක් තිබෙනවා. බොහෝ සමාජමාධ්‍ය ගිනුම් හිමියන් මේ තත්ත්වය ‘හාස්‍යයට‘ ලක්කර ඇති අතර ඔවුන් තුළ පැහැදිලි සතුටක් දැකගත හැකිවීම විශේෂත්වයක්. ඊට හේතුව සෞඛ්‍ය අමාත්‍යවරිය පසුගිය කාලයේ කොවිඩ් මර්ධනය සම්බන්ධයෙන් අනුගමනය කළ ‘අතාර්කික‘ වැඩබවයි පැහැදිලිව පෙනී යන්නේ.

විශේෂයෙන් සෞඛ්‍ය අමාත්‍යවරිය ‘ධම්මික පැණිය‘ ලෙස කුප්‍රකට වී තිබෙන තහවුරු නොකළ පැණිය පාලනය කළා පමණක් නොවන ලියාපදිංචි වෛද්‍යවරයෙකු නොවන එලියන්ත වයිට් නම් පුද්ගලයාගේ උපදෙස් පිට පිරිත් පැන් පිරවූ මුට්ටි ගංගා වලට මුදාහැරීමට මුල්තැනක් දීම හේතුවෙන් ද සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි ගේ ක්‍රියා කලාපය පසුගිය දා මහත් ආන්දෝලනයට ලක්වුණා.

Recommended For You

About the Author: Editor