Covid-19 එන්නත් පළමු තොගය ලබන 27 දිවයිනට: එන්නත් කිරීම පසුදින සිටම

ඉන්දීය රජය නොමිලේ දෙන කොවිඩ් මර්දන එන්නත් පළමු තොගය ලබන 27 බදාදා දිවයිනට ගෙන එන බවත් සෞඛ්‍ය හා ආරක්ෂක අංශ සාමාජිකයන් එන්නත් කිරීම පසුදිනම (28)  ආරම්භ කරන බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.

ඉන්දියාව, චීනය සහ රුසියාව සමග දැනටමත් සාකච්ඡා කර ඇති පරිදි අවශ්‍ය එන්නත් ප්‍රමාණය කඩිනමින් ගෙන්වා ගැනීමට සියලු පියවර ගෙන ඇතැයි ද ජනපතිවරයා කියා සිටී.

අද (23) පෙරවරුවේ කලුතර, වලල්ලාවිට, යට්ටපාත ග්‍රාමයේ පැවති “ගම සමග පිළිසඳර” හත් වැනි වැඩසටහනට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

Recommended For You

About the Author: Editor