ඔබේ පෞරුෂය හඳුනාගන්නේ කෙසේද? : පර්යේෂණ මගින් හෙළිවන අලුත්ම කතාව

“ජනාධිපතිතුමනි! සුමාන දෙකක් හෝ තුනක් පමණ කැකෑරෙමින් තිබුණ කාරණයක් විශේෂයෙන්ම ජාතික ආරක්ෂාවේ නාමයෙන් ඉදිරිපත් කිරීමට මට අවශ්‍යයි,” මාධ්‍යවේදී හෙන්රි ට්‍රෙවිට් (Henry Trewhitt) කියා සිටියේ ජනාධිපති රොනල්ඩ් රේගන් දැඩි, තියුණු බැල්මක සිරකර ගනිමිනි.

එය සිදුවුනේ 1984 ඔක්තෝබර් මාසයේය. එය දෙවන වතාවටත් ජනාධිපති පදවිය සඳහා තරඟ වැදීම සඳහා රොනල්ඩ් රේගන් ගෙනයමින් සිටි අරගලය තුළ විවාදමය ක්‍ෂේත්‍රයක සිරවී සිටි අවධිය විය.

එට එයින් සති කීපයකට පෙර සිය ප්‍රධාන ප්‍රතිවාදියාට සාපේක්ෂව රේගන් දුර්වල තත්වයක පසුවූ වකවානුවකි.

ඒවනවිට වයස අවුරුදු 73ක් වූ ජනාධිපති රේගන් පදවිය සඳහා මහළු වැඩි බවට අදහස් පළවෙමින් තිබුණ වකවානුවක් ද විය.

1984 වනවිට රොනල්ඩ් රේගන් ඇමෙරිකානු ඉතිහාසයේ ජනාධිපති පදවියට පත්ව සිටි මහළුම දේශපාලනඥයා විය. රේගන්ගේ එම වාර්තාව බිඳහෙලන ලද්දේ 74 හැවිරිදි ඩොනල්ඩ් ට්‍රම්ප් විසිනි. දැනට 78 වැනි වියේ පසුවෙන ජෝ බයිඩන් විසින් එම වාර්තාව යළි බිඳහෙලනු ලැබීය.

මාධ්‍යවේදී හෙන්රි ට්‍රෙවිට්ගේ (Henry Trewhitt) උවමනාව වුණේ, “පීඩාකාරී වාතාවරණයක් තුළ කටයුතු මෙහෙයවීම අතින් රේගන්ට කිසියම් සැකයක් ඇද්ද?” යන්න දැනගැනීමය.

“නැහැ! හෙන්රි මහත්මයා! කිසිම සැකයක් නැහැ,” රේගන්ගේ පිළිතුර එයයි.

Former US president Ronald Regan in 1984
1984 වනවිට එක්සත් ජනපදයේ බලයට පත් වෘද්ධතම ජනාධිපතිවරයා රොනල්ඩ් රේගන්ය

“ඒවගේම තවදුරටත් කියනවානම්, මේ ප්‍රචාරක ව්‍යාපාරයේ දී වයස කාරණයක් කරගන්න මම සූදානම් නැහැ. මගේ ප්‍රතිවාදී අපේක්ෂකයාගේ තරුණ වයස සහ ඔහුගේ අත්දැකීම් අඩුකම ප්‍රයෝජනයට ගන්න මම කටයුතු කරන්නේ නැහැ.”

ජනාධිපතිවරයාගේ එම ප්‍රතිචාරය වෙනුවෙන් ලද්දේ උස් හඬින් පළවූ සිනාවක් සහ අත්පොලසන් හඬකි. එම මැතිවරණය කෙලවර වුණේ ජනාධිපති රේගන් ලද මහා ජයග්‍රහණයකිනි.

කෙසේ වෙතත්, රේගන්ගේ ප්‍රකාශය ඔහු දැන සිටි තත්වයට වඩා සත්‍යයක් විය.

රේගන්ට ඔහුගේ පැත්තෙන් වූයේ අත්දැකීම් පමණක් නොවේ. “පරිණත පෞරුෂයක්” ද ඔහු තුළ පවතින්නට ඇත.

ගුප්ත වෙනසක්

වයස්ගතවීමත් සමඟ ඇතිවෙන ශාරීරික වෙනස ගැන අපට අවබෝධයක් ඇත. සිරුරේ සමෙහි ප්‍රකෘතිමය නම්‍යශීලීභාවය වියැකෙයි. මුවෙහි විදුරුමස දියවී යයි. එහෙත් නාසයේ වැඩීමේ නැවතීමක් නැත. තවත් අයගේ සිරුරුවලින් සහමුලින්ම අතුරුදහන් වෙන අතරවාරයේ ඇතැමුන්ගේ සිරුරේ සුවිශේෂී ස්ථානයන්හි රෝම වැඩෙයි. අප වටිනාකමක් දෙන සිරුරේ උස අඩුවෙන්නට පටන්ගනී.

මේ අතර, වයස්ගතවීමත් සමඟ ඇතිවෙන එහි බලපෑම සම්බන්ධයෙන් දශක කීපයක් තිස්සේ සිදුකරන ලද පර්යේෂණවලින් අනතුරුව විද්‍යාඥයන් ඉතාම ගුප්ත ස්වභාවයක් ගන්නා වෙනත් වෙනසක් අනාවරණය කරගනු ලැබ ඇත.

වැඩි වයසේ කාන්තාවක් උණුසුම් ජලය ස්නානය කරන අවස්ථාවකි මේ. පෞරුෂය නිරන්තරයෙන් වෙනස් වෙයි. එය සිදුවන්නේ අප අවට සිටින අයට සාපේක්ෂවයි
වැඩි වයසේ කාන්තාවක් උණුසුම් ජලය ස්නානය කරන අවස්ථාවකි මේ. පෞරුෂය නිරන්තරයෙන් වෙනස් වෙයි. එය සිදුවන්නේ අප අවට සිටින අයට සාපේක්ෂවයි

“අපගේ අවසන් නිගමනය මෙයයි. මිනිසකුගේ සමස්ත ජීවිත කාලය පුරා පුද්ගලයෙක් එකම පුද්ගලයා නොවේ.”

ස්කොට්ලන්තයේ ‘එඩින්බ්‍රා’ සරසවියේ මනෝ විද්‍යාඥයකු වන රෙනේ මොටස් (René Mõttus) පවසයි.

අපේ ජීවිත කාලය පුරාම අප සතු පෞරුෂය සාපේක්ෂව ස්ථාවර මට්ටමක ඇතැයි සිතීමට බොහෝ මිනිසුන් කැමතිවනු ඇත. එහෙත් එය එසේ නොවන බව පර්යේෂණ ආදියෙන් පෙන්වාදෙනු ලබන යථාර්ථයයි. මිනිසා සතු ගති ලක්ෂණ දිගින් දිගටම වෙනස්වෙමින් පවතින අතර, වයස අවුරුදු හැත්තෑවේ සහ අසූවේ දශකයන්හිදී මිනිසා තුළ විශාල විපර්යාසයන් සිදුවෙයි.

මිනිස් පෞරුෂය එපරිද්දෙන් ක්‍රමයෙන් වෙනස්වෙන ආකාරය විපරම් කරනවිට එහි උඩුයටිකුරු වීමක්, එනම් විශාල වෙනසක් දක්නට ලැබෙයි.

ඒ අනුව මිනිසා වඩාත් සවිඥානික, එකඟවෙන සහ කලබලවීම අඩු චරිතයක් බවට පෙරළෙයි.

“අඳුරු ත්‍රිත්වය” (Dark Triad) යනුවෙන් හඳුන්වනු ලබන මැකියාවෙලිවාදය (Machiavellianism), සානුකම්පිතබවක් නොවීම(narcissism) සහ මානසික විකෘතිභාවය (psychopathy) යනු චරිතාංග මට්ටම ද අවම වෙයි. ඒ සමඟ අපචාර සහ සාපරාධී ක්‍රියා ඇතුළත් සමාජ විරෝධී හැසිරීමෙහිද අඩුවක් සිදුවෙයි.

An ageing black woman looks seriously at the camera
වයස්ගත පුද්ගලයන්තුළ මුල්බැසගත් වහා කිපෙනසුළුභාවය සහ අශිෂ්ට හෝ මසුරුභාවය සම්බන්ධයෙන් යළි නිරීක්ෂණය කිරීමක් අවශ්‍ය බව පර්යේෂණ මගින් පෙන්වා දෙයි

ව්‍යස්ගතවීමත් සමඟ මිනිසුන් වඩාත් පරාර්ථකාමී සහ උනුන් විශ්වාසකරන ස්වභාවයකට පත්වෙන බව පර්යේෂණ මගින් පෙන්වා දෙයි. ඒ සමඟ මිනිසාගේ අධිෂ්ඨාන ශක්තිය වර්ධනය වෙයි. මිනිසා තුළ වඩාත් යහපත් මානුෂීය ගුණාංග වර්ධනය වෙයි.

අවසාන වශයෙන් බලනවිට, වයස්ගත මිනිසුන්ට ඔවුන්ගේ සංවේදී හැඟීම් වඩාත් හොඳින් පාලනය කරගත හැකි බවක් පෙන්නුම් කෙරෙයි.

වෙනස්වෙන සහ සංවර කළ හැකි මිනිස් පෞරුෂය

ළමාවියේ හෝ වයස අවුරුදු තිස්ගණන්වල සිටියදී මෙන් නොව – විශේෂඥයන් අවුරුදු ගණනාවක් අදහස් කළ පරිදි – මිනිස් පෞරුෂය ද්‍රවශීලී එනම් වෙනස්වෙන සහ හික්මවිය හැකි එකක් බව පෙන්නුම් කෙරෙයි.

“මිනිසුන් වඩාත් යහපත් සහ වඩාත් සමාජශීලී වෙනවා,” මොටුස් (Mõttus) පවසයි.

“සමාජමය උවමනාව අනුව ජීවිතයේ ස්වීය බලාපොරොත්තු තුලනය කරගැනීමේ ඔවුන් සතු හැකියාව වර්ධනය වෙනවා.”

වයස්ගතවීමත් සමඟ ඇතිවෙන එම ක්‍රියාවලිය මනෝවිද්‍යාඥයන් විසින් හඳුන්වනු ලබන්නේ “පෞරුෂමය මුහුකුරායාමක්” හැටියටය.

කේශ කලාපය දම්පැහැ ගන්වා අව් උපැස් පැළඳ කැමරාවක් ඉදිරියේ පෙනීසිටින කාන්තාවක්
කේශ කලාපය දම්පැහැ ගන්වා අව් උපැස් පැළඳ කැමරාවක් ඉදිරියේ පෙනීසිටින කාන්තාවක්

අප යොවුන්වියේ පසුවෙද්දී අප තුළ අදෘශ්‍යමාන වෙනසක් ක්‍රමයෙන් ආරම්භවෙන අතර එය මෙම මිහිතලය මත අපගේ ජීවිත කාලයේ අඩුතරමින් අටවෙනි දශකය තෙක්ම දිගටම සිදුවෙමින් පවතී.

මෙහි චමත්කාරජනක කාරණය නම්, මෙය ජගත් මට්ටමින් සිදුවීමය. එය ඉන්දියාවේ පටන් ගෝතමාලා තෙක් මනුෂ්‍ය සංස්කෘතිය පුරාම සිදුවෙමින් පවතින ක්‍රියාදාමයකි.

“මෙම පෞරුෂමය වෙනස්වීම් සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරෙන විනිශ්චයන් තක්සේරු කරනු ලැබීම සාමාන්‍යයෙන් විවාදාත්මක ස්වභාවයක් ගන්නවා,” යූස්ටන් සරසවියේ සමාජ මනෝවිද්‍යාඥයකු වන රොඩිසා ඩේමියන් (Rodica Damian) පවසයි.

“නමුත් එමගින් ප්‍රතිලාභ ඇතිබවට ඒ සමඟම අපට සාක්ෂි තිබෙනවා.”

උදාහරණයක් වශයෙන් අඩු චිත්තවේග ස්ථාවරභාවය මානසික සෞඛ්‍ය ගැටළු, වැඩි මරණ අනුපාතයක් සහ දික්කසාදවීම් ආදිය කෙරෙහි සම්බන්ධ හේතුවක් විය හැකිය.

ඉහළ මට්ටමේ හෘදයසාක්ෂියක් සහිත අයකුගේ සහකරු හෝ සහකාරිය ඇතැම්විට වඩාත් සතුටින් පසුවනු ඇතැයි ඩේමියන් මේ අතර පවසයි. ඊට හේතුව හැටියට ඔහු ඉදිරිපත් කරන්නේ,එවැනි සහකරුවන් කාලය බෙදාහදා ගැනීමක් දක්නට ලැබෙන අතර ඔවුන් සිය සහකරු හෝ සහකාරිය වංචා නොකරන හැඩක් පෙනීයාමය.

පෞරුෂත්වයේ ස්ථාවර පැත්ත

වයස අනුව මිනිස් පෞරුෂත්වය එක්තරා නිශ්චිත දිශාවකට මාරුවෙන අතරවාරයේ සම වයසේ වෙනත් පුද්ගලයන්ට සාපේක්ෂව අප මනාප ප්‍රවණතා එක්තරා ස්ථාවරබවක් ගනී.

“අපගේ ශ්‍රේනිගතකරනු ලැබීම් ඇතැම් සංදර්භයන්හිදී සෙසු පුද්ගලයන්ට සාපේක්ෂව සිදුකරනු ලැබීම අතින් මෙය ප්‍රධාන කරුණක්,” ඩේමියන් පවසයි.

“නමුත් අප එකිනෙකාට සාපේක්ෂව අපගේ පෞරුෂයන් පාෂාණමය ස්වරූපයක් ගන්නවා. අපට වෙනස්වෙන්න පුළුවන්.”

මේ පෞරුෂ වෙනස්කම් සංවර්ධනය කරගන්නේ කෙසේද?

පෞරුෂත්වයේ මුහුකුරායාම විශ්ව මට්ටමින් සිදුවෙන ක්‍රියාවලියක් වන හෙයින් එය අහඹු දෙයක් නොවන්නේය යන්න විද්‍යාඥයන්ගේ අදහස වෙයි. ඒ අනුව මිනිස් පෞරුෂ වෙනස්වීම්වලට ඇතැම්විට ජානමය පසුබිමක් තිබිය හැකිය. ඇතැම්විට එය පරිණාමීය හැඩගැසීමක් ද විය හැකිය.

මේ අතර තවත් විශාරදයන් අදහස් කරන්නේ මිනිස් පෞරුෂය කෙරෙහි ජානමය හැඩගැස්ම එක්තරා බලපෑමක් ඇතිකරන නමුත් මිනිසකුගේ ජීවිතය කෙරෙහි එල්ලවෙන සමාජ බලපෑම මගින් එහි ස්වභාවය තීරණය කරන බවය.

මේ සම්බන්ධයෙන් කැලිෆෝනියා සරසවියේ පෞරුෂ මනෝවිද්‍යාඥ වීබ්ක් බ්ලෙඩර්න්ගේ (Wiebke Bleidorn) පර්යේෂණයක නිගමනය මෙවැන්නකි.

“උදාහරණයක් වශයෙන් ඇතැම් සංස්කෘතීන්ට අයත් ජනතාව වඩාත් ඉක්මනින් වැඩෙන බවක් බලාපොරොත්තුවෙන අතර, ඔවුහු ඉක්මනින් විවාහවෙති. රැකියා ආරම්භ කරති. වැඩිහිටියන්ට පැවරෙන වගකීම් පවරා ගනිති. එවැනි පාරිසරයක යොවුන්වියේ පටන්ම ඔවුන්ගේ පෞරුෂය මුහුකුරායාම ආරම්භ වෙයි.”

A young boy wearing a suit
ඇතැම් සංස්කෘතීන්ට අයත් ජනතාව වඩාත් ඉක්මනින් වැඩෙන බවක් බලාපොරොත්තුවෙන අතර, ඔවුහු ඉක්මනින් විවාහවෙති. රැකියා ආරම්භ කරති. වැඩිහිටියන්ට පැවරෙන වගකීම් පවරා ගනිති. එවැනි පාරිසරයක යොවුන්වියේ පටන්ම ඔවුන්ගේ පෞරුෂය මුහුකුරායාම ආරම්භ වෙයි”

මිනිසා ඔවුන්ගේ චර්යාවෙහි සහ කාලානුරූපව වඩාත් වගකීම් සහගත ලෙස කටයුතු කිරීම සඳහා බලපෑම් ලබන සුළුය. ජීවිතය කෙරෙහි එල්ලවෙන අභියෝග සමඟ පොරබැදීම සඳහා ආධාරයක් වශයෙන් මිනිස් පෞරුෂය වෙනස් වෙයි.

නමුත් මිනිසා ඉතා මහළුබවට පත්වූ කල්හි සිදුවන්නේ කුමක්ද?

අපගේ ආයුකාලය වෙනස්කරගත හැක්කේ කෙසේද?යන්න හැදෑරීමට උපයෝගී කරගත හැකි ක්‍රම දෙකකි.

ඉන් පළමුවැන්න, විවිධ වයස් කාණ්ඩවලට අයත් මිනිසුන් විශාල කණ්ඩායමක් රැගෙන ඔවුන්ගේ පෞරුෂය වෙනස්වන්නේ කෙසේද? යන්න විපරම් කිරීමය.

එම ක්‍රමෝපායේ එක් ගැටළුවක් පවතී.එනම්,සුවිශේෂී සංස්කෘතියක් මගින් හැඩගස්වන ලද පාරම්පරික ගති ලක්ෂණ අත්වැරැද්දකින් වැරදිලෙස ග්‍රහණය වීමට ඇති ඉඩකඩය.

සුප්‍රකට දිගුකාලීන අධ්‍යයනය

මේ සඳහා ඇති විකල්පය වන්නේ, සමාන මිනිසුන් කණ්ඩායමක් ගෙන ඔවුන්ගේ වර්ධනය අනුව විමර්ශනයට ලක්කරනු ලැබීමය.

එවැනි පරීක්ෂණයක් 1932 ජූනි හෝ 1947 ජූනි මාසයේ ස්කොට්ලන්තයේ දී සිදුකරනු ලැබුණි.විවිධ පෞරුෂ ගති ලක්ෂණ සහ බුද්ධිමය මට්ටම්වල සිටි එම කණ්ඩායම විමර්ශනයට ලක්කරනු ලැබ තිබෙන්නේ ඔවුන් පාසල් අධ්‍යාපනය ලබමින් සිටියදීය.

එකල ඔවුහු වයස අවුරුදු එකොළහේ පමණ වූහ.

එම පුද්ගලයන් වයස අවුරුදු හැත්තෑගණන්වල සහ අසූගණන්වලට අවතීර්ණවීමෙන් පසු මොටුස් (Mõttus) ‘එඩින්බ්‍රා’ සරසවියේ සිය සගයන් ද සමඟ ඔවුන් තවත් සමාන පරීක්ෂණ දෙකකට භාජනය කරනු ලැබුණි.

Elderly man sitting alone in a park
පරම්පරා දෙකකට අයත් විෂයන්හි ප්‍රතිපල විශාල වශයෙන් එකිනෙකින් වෙනස්වෙන බව ස්කොට්ලන්තයේ ජනතාව යොදාගනිමින් සිදුකරන ලද සුප්‍රකට අධ්‍යයනයක් මගින් හෙළිදරව් වී ඇත

“අපි විශාල සංඛ්‍යාවන් සහිත මිනිස් කණ්ඩායම් දෙකක් තෝරාගත්තා. එම කණ්ඩායම් දෙක අවස්ථා දෙකකදී තක්සේරු කළා. මුලින් කී ක්‍රමෝපායයන් දෙකම අපි එහිදී උපයෝගීකර ගත්තා,” මොටුස් පවසයි.

ඇත්තටම එය වාසනාවන්ත සොයාගැනීමක් විය. ප්‍රතිපලය වුනේ පරම්පරා දෙක සැලකියයුතු මට්ටමින් විශාල වෙනසක් ප්‍රදර්ශනය කිරීමය.

පරීක්ෂණයට ලක්කරන ලද යොවුන් කණ්ඩායමේ පෞරුෂය වෆි හෝ අඩු මට්ටමින් කුඩා වෙනස්කම් සහිත ගති ලක්ෂණ වූ අතරවාරයේ වෘද්ධ කණ්ඩායමේ පෞරුෂ ගති ලක්ෂණ අතර වෙනස්කම් ප්‍රදර්ශනය විය. එම පුද්ගලයන් විවෘත ගති ලක්ෂණ ප්‍රදර්ශනය නොකළ අතර, පහසුවෙන් එකඟ නොවන එසේම හෘදයසාක්ෂියට අනුව අඩුවෙන් කටයුතු කිරීමේ ගති ලක්ෂණ සහිත අය වූහ.

එමගින් පෙන්නුම් කෙරෙන්නේ ඔවුන්ගේ ජීවිත කාලය පුරාම සිදුවී ඇති හිතකාමී වෙනස්කම් නැවත ආපසු හැරීමට පටන් ගැනීමකි.

“එමගින් යම්කිසි තේරුම් ගැනීමක් ඇති කෙරෙනවා. මොකද? මහළු වියේදී දේවල් බොහෝ වේගයෙන් සිදුවීම ආරම්භ වෙනවා,” මොටුස් පවසයි.

එසේම එම මහළු ජනයාගේ ශරීර සෞඛ්‍යයේ පිරිහීමක් ආරම්භ වියහැකි අතර, ඔවුන්ට නෑදෑයන් සහ මිතුරන් අහිමිවීම ආරම්භ වෙන හැඩකුත් පෙනීයන බව මොටුස් පෙන්වා දෙයි.

“එම තත්වය ඔවුන් බාහිර ලෝකයත් සමඟ පවත්වනු ලබන සජීවී සම්බන්ධතාවන්ට එක්තරා බලපෑමක් එල්ල කරනවා.”

එම ගති ලක්ෂණ මිනිසකුගේ වයස අවුරුදු 100 වෙද්දී දිගටම බල පැවැත්වේද? යන්න සම්බන්ධයෙන් කිසිවකු විසින් අවධානය යොමුකරනු ලැබ නැත.

ජපානයේ සියක් වසර ආයුෂකයන් සම්බන්ධයෙන් සිදුකරන ලද සමීක්ෂයකින් ඔවුන් හෘදයසාක්ෂියට ගරුකරන, උද්‍යෝගී සමාජශීලී සහ විවෘත ගති ලක්ෂණ සහිත බව අනාවරණය විය. එහෙත් ඔවුන් එම චරිතලක්ෂණ අනුව ඊටත් වඩා ඉහළ මට්ටමකින් කටයුතු ආරම්භකර තිබීමට ඉඩකඩ ඇති අතර,එය ඇතැම්විට ඔවුන් දීර්ඝායුෂ ලැබීමේ හේතුව විය හැකිය.

Elderly Asian woman
වයස්ගත වෙද්දී අපගේ යහපත් ශාරීරික සහ මානසික සෞඛ්‍ය පැවැත්ම කෙරෙහි අපගේ පෞරුෂය මගින් නිසග බලපෑමක් ඇති කෙරෙයි

ඇත්තවශයෙන්ම,මිනිස් පෞරුෂය සමඟ බැඳුන ගතිලක්ෂණ මිනිසුන්ගේ වයස සමඟ මෙන්ම ඔවුන්ගේ යහපත් ශාරීරික සහ මානසික පැවැත්ම සමඟ ද නිසග සම්බන්ධයක් ඇත.

නිදසුනක් වශයෙන්,ඉහළ මට්ටමේ ස්වයං-පාලනයක් සහිත පුද්ගලයන් ජීවිතයේ සන්ධ්‍යා සමයෙහි වඩාත් නිරෝගී බවක් පෙනේ. මානසික පීඩනය දැඩිව බලපෑ කාන්තාවන් ඔසප්වීම නැවතීමෙන් අනතුරුව අසනීපවලට ගොදුරුවෙන තත්වයක් ඇත.

පුද්ගලයකු තුළ පවතින මමංකාරයේ මට්ටම ඔහු කල්තබා මරණයට පත්වීමට හේතුවිය හැකි අනතුරුදායක හුදෙකලාභාවයේ පහළ මට්ටම් සමඟ බැඳුනකි.

මිනිසාගේ පෞරුෂත්වය සමඟ බැඳුන ගති ලක්ෂණ ඔවුන්ගේ ශරීර සෞඛ්‍ය කෙරෙහි නියතලෙස බැඳී ඇත්තේ කෙසේද? යන්න තේරුම්ගනු ලැබීම සහ ජීවිතකාලය පුරා පෞරුෂයේ පරිණාමයවීමක් කෙරෙහි බලාපොරොත්තු තබන්නේ කෙසේද? යන්න අනාගතයෙහි තේරුම්ගැනීම නිශ්චිත සෞඛ්‍ය ගැටළුවල අනතුර වැඩියෙන් එල්ලවී තිබෙන්නේ කාටද? යන්න පුරෝකතනය කිරීමට ආධාරයක් වීමට ඉඩකඩ ඇත.

අපගේ මනාපය කුමක්වුවත්, ජීවිතකාලය පුරා පෞද්ගලික ගති ලක්ෂණවල වෙනස්වීම්වලට අදාළ දැනුම ඒවා හිතකාමීව පාලනය කරගැනීම අතින් ප්‍රුයෝජනවත් සාක්ෂියකි.

“ඒ ගැන අප දැනුමක් ලබා තිබීම වැදගත්,” ඩේමියන් පවසයි.

“දැන් අපට පෙනීයනවා, අපගේ පෞරුෂත්වයට අනුවර්තනය වියහැකි බව. ජීවිතය විසින් එල්ලකරනු ලබන අභියෝගයන් සමඟ පොර බැදීමට එමගින් අපට පිහිටක් ලැබෙනවා,” ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

එමගින් අපට ලැබෙන වෙනත් කිසිදු දෙයක් නැතිවිය හැකි නමුත්, වයස්ගත වීමේදී ඉදිරිය බැලීමට සහ ඉදිරියේදී අප කවුරුන් විය හැකිද/ යන්න සොයාගැනීම සඳහා අප සියළුදෙනාට යමක් සපයයි.

Text by bbc sandesaya

Recommended For You

About the Author: Editor