‘දීෂා පටානි’ මාලදවයින් සංචාරයේ උණුසුම් ඡායාරූප බෙදාගනී

‘දිෂා පටානි’ කියන්නේ බොලිවුඩයේ සරාගීම නිළියක්. ඒ නිසා ඇය නිතරම තම සරාගී සුන්දරත්වය රසිකයින්ට පෙන්වීමට මැලිවන්නේ නැහැ. ඒ සඳහා ඇය වැඩියෙන්ම භාවිත කරන්නේ සමාජමාධ්‍ය ගිනුම්. අති සුන්දර උණුසුම් ඡායාරූප තම රසිකයින් සමග නිබඳව බෙදා ගන්නා නිසා දීෂාට නිබඳව රසික ප්‍රතිචාරත් ලැබෙනවා.

ඉතිං, දීෂා මේ දිනවල තම නිවාඩුව ගතකරන්නේ සුන්දර මාලදිවයිනේ. හුදකලා දූපතක පිහිටි නිවාඩු නිකේතනයක දීෂා විවේකය ගතකරන බවයි බොලිවුඩ් මාධ්‍ය කියන්නේ.

දීෂා අද (25) සිය ඉන්ස්ටග්‍රෑම් වෙත ගොස් ඇගේ මාලදිවයිනේ නිවාඩුවේ සරාගී ඡායාරූප කිහිපයක් බෙදාගත්තා. එහි එක් ඡායාරූපයක දැක්වෙන්නේ ඇය කහ පැහැති බිකිනියකින් සැරී ඔරුව සිටින අයුරු. සරාගී මෙන්ම මෙම ඡායාරූපය තුළ වචනවලින් කිව නොහැකි කලාත්මක බවකුත් තිබෙනවා. අනෙක් ඡායාරූපයේ දීෂා සිටින්නේ ලා නිල් පැහැති බිකිනයකින් සැරසිලා. ඇය හිරු රැස් ස්නානය කරන මේ ඡායාරූපයත් අතිෂයින් සරාගීයි.

දීෂා පටානි
දීෂා පටානි


දීෂා ඊළඟට සල්මාන් ඛාන් සමග ‘රාධේථ යූර් මොස්ට් වොන්ටඩ් බායි’ නම් චිත්‍රපටයේ රඟපානවා.

ෆිල්ම් ෆෙයාර් ඇසුරිණි – සකස් කළේ – තුෂාධවි

Recommended For You

About the Author: Editor