සමගි ජනබලවේගයේ සභාපති සරත් ෆොන්සේකා – සියලුම තනතුරු මෙන්න

සමගි ජනබලවේගයේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී  ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පත් කිරීම අද (25) රැස් වූ සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පියවර ගත්තේය.

මේ සමග සමගි ජන බලවේගය සඳහා ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් 6 දෙනෙකු නම් කරනු ලැබූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්මන් කිරිඇල්ල, කබීර් හෂීම්, ඉමිතියාස් බාකිර් මාකර්, කුමාර වෙල්ගම සහ රවීන්ද්‍ර සමරවීර යන මහත්වරුන් මේ සඳහා පත්කරනු ලැබීය.

පක්ෂය උප සභාපතිවරුන් ලෙස තලතා අතුකෝරල,  ගයන්ත කරුණාතිලක,  හරින් ප්‍රනාන්දු , දිලිප් වෙදාරච්චි සහ සුජීව සේනසිංහ යන මහත්වරුන් පත්කරගනු ලැබීය.

පක්ෂයේ මහලේකම් ලෙස තවදුරටත් රන්ජිත් මද්දුමබණ්ඩාර මහතාත් ජාතික සංවිධායක ලෙස තිස්ස අත්තනායක මහතාත් මෙහෙයුම් ප්‍රධානී ලෙස හරීන් ප්‍රනාන්දු මහතාත්  කටයුතු කරනු ඇති අතර පක්ෂ භාණ්ඩාගාරික ලෙස හර්ෂ ද සිල්වා මහතාත් සංවර්ධන හා පරීක්ෂණ ලේකම් ලෙස ඉරාන් වික්‍රමරත්න මහතාත් පත් කරනු ලැබීය.

සමගි ජන බලවේගයේ ප්‍රධාන විධායක නිළධාරීවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පත් කරනු ලැබීය.

අද පෙරවරු 10.00 ට පමණ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ  සමගි ජනබලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩලය පස්වරු 2.00 පමණ වන තෙක් පැවති අතර එහිදී පක්ෂයේ නව නිලධාරි මණ්ඩලය පත්කර ගැනීමට අමතරව පක්ෂය ඉදිරි කටයුතු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබීය.

Recommended For You

About the Author: Editor