
කොවිඩ්-19 ආසාදනය වූ නව ආසාදිතයන් 748 දෙනෙකු අද (26) හඳුනාගත් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පස්වරු 20.50 ට නිකුත් කළ ප්රවෘත්ති නිවේදනයක සදහන් වේ.
මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලින් මෙම ආසාදිතයින් හඳුනාගත් බවයි එම නිවේදනයේ සදහන් වන්නේ. එම පොකුරු වලින් මේ දක්වා ආසාදිතයන් 56,036 ක් වාර්තා වී ඇති බව ද අදාළ ප්රවෘත්ති නිවේදනයේ සදහන්.
මේ අතර රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව අද (26) දින නිකුත් කළ තවත් මාධ්‍ය නිවේදනයක සදහන් වුණේ කොවිඩ්-19 ආසාදිත රාගම ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි කාන්තාවක් අද දින මිය ගොස් ඇති බවයි.
මෙම මරණයත් සමග ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 288ක් බවට පත්ව තිබෙනවා.
