
අගමැති මෝදිගේ භාරතීය ජනතා පක්ෂ රජය විසින් ඉදිරිපත් කර තිබෙන කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණවලට විරෝධය පා දහස් සංඛ්‍යාත ඉන්දීය ගොවීන් අද ට්‍රැක්ටර් වලින් ඉන්දියාවේ දිල්ලි අගනුවර ඇතුළු වූ එහි දී පොලිසිය සමග දරුණු ගැටුම් ඇතිකර ගත්තා.




මහා ට්‍රැක්ටර් රැලිය අද දිනට (26) යෙදී තිබූ ඉන්දියාවේ ජනරජ දිනයට සමගාමීව දියත් වූ අතර යම් යම් සීමා කිරීම් මැද එයට දිල්ලි අගනුවරට ඇතුළු වීමට බලධාරීන් අවසර දුන්නා. නමුත් විරෝධාකරුවන් නියමිත මාර්ගවලින් පිටතට ගමන් කළ අතර ඒ සමග පොලිසිය සමග ගැටුම් ඇතිකර ගත්තා.
පොලිසිය කදුළු ගෑස් සහ බැටන් පොළු ප්‍රහාර එල්ල කරමින් විරෝධාකරුවන් පාලනය කිරීමට දැඩි පරිශ්‍රමයක් දැරුවා.

විරෝධාතාවල නිරත ගොවීන් දිල්ලි අගනුවරට ඇතුළුවන මාර්ගය නගර මධ්‍යයේ සැලසුම්කර තිබූ ජනරජ පෙළපාලියෙන් ඈත්ව සැලසුම්කර තිබුණා.



මේ අතර ට්‍රැක්ටර් පෙළපාලියේ ගමන කළ ගොවීන්ට මාර්ගය දෙපස රැස්ව සිටි ජනතාව මල් පෙති ඉසිමින් ආශිර්වාද කළා.
නමුත් සමහරු එකඟ වූ මාර්ගයෙන් ඉවත්ව ගමන් කිරීමට පියවර ගත් අතර පොලිසිය මාර්ග බාධක යොදා ගමන්මග අවහිර කළා. ඒත් ගොවීන් තම ට්‍රැක්ටර් යොදා ඒවා බිද දැමීමට පියවර ගත්තා.




ඒ සමග රැලිය පාලනය කිරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ අතර පෙළපාලිකරුවන් ද ප්‍රතිප්‍රහාර එල්ල කළා. ඒ සමග ගැටුම් උග්‍ර අතට පත් වුණා.


මේ අතර සමහර විරෝධතාකරුවන් නගර මධ්‍යයේ හදවතෙහි ඇති ඓතිහාසික රතු බලකොටුව ආක්‍රමණය කළ අතර දහස් ගණන් ගොවීන් ට්‍රැක්ටර් සහ පා ගමින් ඒ වෙත පැමිණියා.


සමහරු රතු කොටුවේ ගෝලාකාර මුදුනේ කොඩි ඔසවා සිය විරෝධය පළ කළා.

බී.බී.සී ඇසුරිණි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ