මියගිය සිංහයාගේ ‘ශුක‍්‍ර තරලයෙන්’ සිංහ පැටවෙක් බිහි කරයි

දරුවන් අහිමි දෙමාපියන් සඳහා කෘතිම සිංචනය මගින් දරුවන් ලබාදීම තව දුරටත් ලෝකයට අපූරු දෙයක් නොවෙයි. එය ඒ තරම්ම සුලභ දෙයක්. ඒ වගේම සත්ත්ව ලෝකයටත් එය අලූත් දෙයක් නොවෙයි. ක්ලෝනකරණය කළ සතුන් සිය ගණනක් දැන් ලෝකයේ සිටිනවා.

ඉතිං අපි කියන්න යන මේ පුවත ඔබට ඒ තරම් දෙයක් නොවුණත් ජාත්‍යන්තර මාධ්‍යවලට නම් එය ‘උණුසුම් පුවතක්’ වුණා. ඒ තමයි කෘතිම සිංචනය මගින් සිංගප්පූරු ජාතික සත්වෝද්‍යානයේ පළමු සිංහ පැටියා මෙලොවට බිහිවීම. ඒත් ඇත්තටම ජාත්‍යන්තර මාධ්‍ය උණුසුම් කළ පුවත මීටත් ටිකක් ඈතට යනවා.

‘අවාසනාවකට මෙන් බිළිදු සිම්බාට කිසි විටෙකත් තම පියා වන මුෆාසා මුණ ගැසෙන්නේ නැහැ’ කතාවට ආරම්භයක් දෙමින් සිංගප්පූරු සත්ත්ව උද්‍යාන ප‍්‍රකාශකයෙක් සඳහන් කළා. ‘ඒ ඇයි ?’

‘සිම්බා කියන්නේ මුෆසාගේ එකම පුත්‍රයා තමයි. ඒත් ප‍්‍රශ්නයක් තිබුණා. මුෆාසාගේ දැඩි ආක්‍රමණශීලීත්වය නිසා ඔහු කිසි විටෙකත් සාර්ථකව සංසර්ගයේ යෙදුණේ නැහැ. ඒ නිසා අපට විකල්ප ප‍්‍රවේශයක් ගැනීමට සිදු වුණා. අපි ඔහුගේ ශුක‍්‍රාණු එකතු කළා. එය ‘විද්‍යුත් ශුක‍්‍රාණු‘ ලෙස සැලකිය හැකියි‘

මෙම මුෆාසා වයස්ගත වූවා පමණක් නොව ක්ෂය රෝගයෙන්ද පීඩා වින්දේය. එබැවින් ඔහුව මරා දැමීමට සත්වෝද්‍යානය තීරණය කළේය.

‘මුෆාසා නිර්වින්දනය යටතේ සිටියදී ශුක්‍රාණු එකතු කිරීම ද්විතීයික ක්‍රියා පටිපාටියක්. එය වැදගත් එකක් වුවද ඔහු මියගිය පසු ඔහුගේ රුධිර නාලිකාව දිගටම පවතින බව සහතික කිරීම කළ යුතු වුණා’’

කෙසේවෙතත් සිම්බා සිය පියාගේ රුධිරය ඉදිරියට ගෙන යාමට සූදානම්ව සිටින බව පෙනේ. මාස තුනක දී කුඩා පැටියා නීරෝගීව සිටී.

සිම්බා පැටියා
සිම්බා සිංහ පැටියාට දැන් මාස තුනකි

සිම්බා – ඔහුගේ පියා මෙන් ඩිස්නි ක්ලැසික් ද ලයන් කිං හි නමකි. ඇත්ත වශයෙන්ම ඔහු උපත ලැබුවේ පසුගිය ඔක්තෝම්බර් මාසයේදීය. නමුත් සත්වෝද්යානය මේ වන තෙක් බලා සිටියේ ප්‍රවෘත්ති නිවේදනය කිරීමට ය.

ඔහුගේ මව වන කයිලාට ඇති වූ සමහර ආහාර ගැටලු නිසා සිම්බා අවසානයේ කෘත‍්‍රිම කිරිවලින් පෝෂණය කළ නමුත් මව සමඟ ඔහුගේ සමීප සම්බන්ධතාවය පවත්වා ගෙන ගියේය.

සිංගප්පූරු සත්වෝද්‍යානයේ වනජීවී සෞඛ්‍ය හා පර්යේෂණ මධ්‍යස්ථානය පැවසුවේ ඔහු නිරෝගී හා විමසිලිමත් කුඩා සිංහයෙකු ලෙස වැඩෙමින් සිටින බවත් අතිෂයින් ක‍්‍රීඩාශීලී බවත්ය.

‘ඔහු තම කිරි සමඟ අමු මස් කුඩා ප්‍රමාණයක් භුක්ති විඳීමට පටන් ගෙන ඇති අතර ඔහුගේ දියුණුව පෝෂණය කිරීම සඳහා ඔහුගේ පාලකයන් විසින් සකස් කරන ලද පොහොසත් කිරීමේ උපකරණ සමඟ සෙල්ලම් කරනවා’

සත්වෝද්‍යානයට අනුව මුෆාසාගේ ජාන දැන් සිම්බා වෙත සම්ප්‍රේෂණය කර ඇත ‘අපි‍්‍රකානු සිංහයන්ගේ ජාන සුරක්ෂිත කිරීම සත්වෝද්‍යානවල එක් වගකීමක්. එම ජාන සඳහා මේ වන විට ඉතාම ඉහළ වටිනාකමක් තිබෙනවා’ සත්ත්වෝද්‍යාන ප‍්‍රකාශකයා වැඩි දුරටත් සඳහන් කළේය.

සොබාදහම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය විසින් මෙම විශේෂය අවදානමට ලක්විය හැකි ලෙස වර්ගීකරණය කර ඇත.

Recommended For You

About the Author: Editor