Covid vaccines: අනුමත එන්නත් සහ අනෙක් ඒවා ගැන ‘ඔබ මේ කරුණු’ දැන සිටියාද ?

ඉන්දීය රජයේ පරිත්‍යාගයක් ලෙස ලැබුණු එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සංවර්ධනය කළ ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ් (AstraZeneca COVISHELD) කොවිඩ් මර්දන එන්නත ලංකාවේ මේ වන විට ලබාදී සිදු වෙනවා. ඒ අතර රජයේ ආරංචි මාර්ග කියන්නේ චීනයෙ නිෂ්පාදිත එන්නතකින් ද මාත්‍රා ලක්ෂ 03ක් ළගදීම ලැබීමට නියමිත බවයි. ඒ අතර අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා ද පසුගිය දා එන්නත් මිලියන 3ක් මිලදී ගැනීමක් ගැන සදහන් කළා.

මේ තත්ත්වය තුළ කොවිඩ් එන්නත්වල වත්මන් ප්‍රවණතා සහ සැබෑ තත්ත්වය ගැන සමාජය තුළ දැඩි අවධානයක් තිබෙනවා. අපේ මේ උත්සාහය ඔබ වෙනුවෙන් නිවැරදි තොරතුරු ලබාදීමක් කිරීම. ඒ බී.බී.සී ය විසින් අද (30) දින ප්‍රකාශයට පත් කළ විශේෂාංග ලිපියක පරිවර්තනයක් අප ඔබට ඉදිරිපත් කරනවවා.

මේ ඒ ලිපිය.

කොවිඩ්-19 වෛරසයට එරෙහි සටනේදී විශාල එන්නත් කිරීමේ ව්‍යාපාරයක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරවලින් නිර්මාණය කර ඇති එන්නත් කිහිපයක් ඒ සදහා භාවිතා කරනවා. මේ අතර නව එන්නත් දෙකක් මහා පරිමාණ සායනික අත්හදා බැලීම් වලදී ක්‍රියා කරන බව ද වාර්තා වෙනවා.

න්දියාවෙන් පරිත්‍යාගයක ලෙස ලැබුණු AstraZeneca COVISHELD එන්නත එන්නත් කිරීම ආරම්භ කළ පළමු දිනය වන අද (29) දින සෞඛ්‍ය අංශයේ ඉදිරිපෙළ නිලධාරීන් සහ සේවක සේවිකාවන්ට 5286 දෙනෙකුට එන්නත ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

අපට එන්නතක් අවශ්‍ය ඇයි?

වෛරසය මුලින්ම මතු වී වසරකට වැඩි කාලයක් ගත වී ඇතත්, බහුතරයක් දෙනා තවමත් වෛරසයට ගොදුරු වෙමින් සිටිනවා. මරණ සංඛ්‍යාව ද තව දුරටත් පවතින්නේ වාර්තාගත මට්ටමක.

මේ තත්ත්වය තුළ ගෝලීය අවධානය එන්නත් වෙත යොමුවීම පුදුමයක් නොවෙයි. මේ සදහා ඇති ‘එකම ඵලදායී විසදුම‘ එන්නතක් පමණයි. එන්නත්කරණය මගින් වෛරසය පැතිරීමේ අවස්ථාවන් අඩු කරන හෙයින් එය ඉතාම වැදගත් කොට සැලකෙනවා.

ලොකු තුන

මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය, යුරෝපා සංගමය, එක්සත් ජනපද ඖෂධ නියාමන අධිකාරිය ඇතුළු ප්‍රමුඛයින් විසින් සහිතක කර අනුමැතිය ලබා දුන් එන්නත් තුනක් තිබෙනවා. ඒවා ‘ලොකු තුන‘ ලෙස හැදින්වෙනවා. ඒවා නම්  ෆයිසර් / BioNTech , Moderna හා ඔක්ස්ෆර්ඩ් / AstraZeneca යන එන්නත් ත්‍රිත්වයයි.

ෆයිසර් සහ මෝඩර්නා යන දෙවර්ගයම ආර්එන්ඒ එන්නත් නිපදවා තිබෙනවා. ඔවුන් වෛරසයේ ජාන කේතයේ ඉතා කුඩා කොටසක් ශරීරයට එන්නත් කරනවා.

මේවා එක්සත් රාජධානියේ, යුරෝපයේ සහ එක්සත් ජනපදයේ භාවිතා කිරීම සඳහා අනුමත කර තිබෙනවා.

එකම ජානමය ද්‍රව්‍ය ශරීරයට ගෙනයාමට හානිකර නොවන වෛරසයක් භාවිතා කරන බැවින් ලංකාවේ ද  භාවිතා කරන ඔක්ස්ෆර්ඩ් එන්නත AstraZeneca අනෙක් එන්නත් දෙකෙන් සියුම් ලෙස වෙනස් වෙනවා. මෙය එක්සත් රාජධානියේ සහ යුරෝපයේ අනුමත කර තිබෙනවා.

ඉතා සීතල උෂ්ණත්වයක් අවශ්‍ය නොවීම නිසා සාමාන්‍ය ශීතකරණයේ ගබඩා කළ හැකි බැවින් එය භාවිතා කිරීම පහසුම එන්නත බවට පත්ව තිබෙනවා.

එන්නත් සියල්ල මාත්‍රාවන් දෙකක් ලෙස ලබා දිය යුතු නමුත් එක්සත් රාජධානිය ප්‍රමුඛතාවය දෙන්නේ හැකි තරම් පිරිසකට පළමු මාත්‍රාව ලබා දීම සහ දෙවැන්න ප්‍රමාද කිරීමටයි.

අපට වත්මන් එන්නත් පහත සදහන් ලෙස සසදා බැලිය හැකියි.

එන්නත් සංසන්දනය කරන්නේ කෙසේද?

අලුත් ඒවා දෙක

තවත් නව එන්නත් දෙකක් පිළිබඳ මහා පරිමාණ අත්හදා බැලීම් මේ වන විට සිදුවෙනවා. ඒ Novavax සහ Janssen යන එන්නත් දෙකයි. ඒවා දැන් ඖෂධ නියාමකයන් විසින් සමාලෝචනය කරමින් සිටිනවා.

Janssen එන්නත ඔක්ස්ෆර්ඩ් මෙන් එකම තාක්‍ෂණය භාවිතා කරන නමුත් තීරණාත්මක ලෙස ලබා දෙන්නේ තනි එන්නතක් ලෙස යි. එම එන්නත ගබඩා කිරීම සඳහා ශීතකරණයක් පමණක් අවශ්‍ය වන අතර මේ වසරේ සැලසුම් කර ඇති මාත්‍රාව බිලියනයකි. එයින් අදහස් වන්නේ එය ලොව පුරා සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකි බවයි.

Novavax භාවිතා කරන්නේ වෙනස්, පැරණි එන්නත් ප්‍රවේශයක් බවයි වාර්තා වන්නේ. මෙහිදී වෛරසයෙන් ලැබෙන ප්‍රෝටීන සහ ප්‍රතිශක්තිකරණ පද්ධතියට මූලික රසායනික ද්‍රව්‍යයක් ශරීරයට එන්නත් කරනු ලබනවා.

සෙසු ලෝකය කරන්නේ කුමක්ද?

යුරෝපයේ සහ එක්සත් ජනපදයේ භාවිතා නොකලත් තවත් කැපී පෙනෙන එන්නත් කිහිපයක් තිබෙනවා.

චීනයේ විද්‍යාඥයින් විසින් Sinovac, CanSino and Sinopharm නමින් එන්නත් තුනක් නිපදවා ඇති අතර ඒ සදහා ආසියාවේ සහ දකුණු ඇමරිකාවේ රටවල් කිහිපයක් සමඟ ගිවිසුම් අත්සන් කර තිබෙනවා. චීනයේ මිලියනයකට ආසන්න පිරිසකට සයිනෝෆාම් Sinopharm එන්නත ලබා දී ඇති බව වාර්තා වෙනවා.

රුසියාවේ ගමාලියා පර්යේෂණ මධ්‍යස්ථානය විසින් සංවර්ධනය කරන ලද Sputnik Vඑන්නත ඵලදායී බවත් සමහර පුද්ගලයින්ට ප්‍රතිශක්තිකරණය ලබා දී ඇති බවත් පවසමින් මුල් අත්හදා බැලීමේ දත්ත ප්‍රකාශයට පත්කර තිබෙනවා. 

එන්නත් කීයක් පර්යේෂණ අත්හදා බැලීම් කරමින් තිබෙනවාද ?

එන්නත් කීයක් පරීක්ෂා කරන්නේද?

ඒවා සියල්ලම සමානව ඵලදායීද?

එක් සමාගමක ප්‍රතිඵල තවත් සමාගමක් සමඟ සංසන්දනය කිරීම අසීරු යි. මන්ද ඔවුන්ගේ අත්හදා බැලීම් තරමක් වෙනස් ආකාරවලින් සිදු කර ඇති නිසයි. කෙසේ වෙතත්, සියලුම ප්‍රධාන එන්නත් කොවිඩ් පාලනයට ඵලදායී ලෙස භාවිත කළ හැකි බව විශ්වාස කරනවා.

කෙසේ වෙතත්, වඩාත්ම වැදගත් ප්‍රශ්නයක් වන ඒවා ‘වෛරසය පැතිරීම නවත්වන්නේද ? යන්න තමවත් සහිතක කර නැහැ.

මිනිසුන්ට හිතාමතාම වෛරසය ආසාදනය වී ඇති අභියෝගාත්මක අත්හදා බැලීම්වලදී හොඳම ප්‍රතිඵල ලබා දෙන්නේ කුමන ක්‍රමයද යන්න අවබෝධ කර ගැනීම වැදගත්.

ප්‍රභේද ගැන කුමක් කිව හැකිද?

කොරෝනා වයිරසයේ නව අනුවාදයන් ලොව පුරා රටවල මතුවෙමින් තිබෙනවා. කෙසේ වෙතත්, නව ප්‍රභේද පිළිබඳ පළමු “තාත්වික” දත්ත ඇති ජැන්සන් සහ නොවාක්ස් හි දත්තවල අනතුරු ඇඟවීමේ ලකුණක් / ඍණාත්මකතා තිබෙනවා.

නව ප්‍රභේදයක් ව්‍යාප්ත වෙමින් පවතින දකුණු අප්‍රිකාවේ මේ දෙකම ඔවුන්ගේ සමස්ත ඵලදායීතාවයේ අඩුවීමක් පෙන්නුම් කර තිබෙනවා.

ප්‍රතිඵල තවමත් හොඳ සහ පැහැදිලිවම එන්නතකට වඩා හොඳ නමුත් ඔවුන් අවධාරණය කරන්නේ කොරෝනා වයිරසය චලනය වන ඉලක්කයක් වන්නේ කෙසේද යන්නයි.

අනාගතයේදී අප භාවිතා කරන එන්නත් වෙනස් කිරීමට අපට අවශ්‍ය විය හැකියි.

මුලින්ම එන්නත ලබා ගන්නේ කාටද?

පළමුවෙන්ම එන්නත ලබා ගන්නේ කාටද යන්න රටවල් ප්‍රමුඛතා ලැයිස්තු සකස් කරමින් සිටිනවා.

තවමත් කළ යුත්තේ කුමක්ද?

  • බිලියන ගණනක මාත්‍රාවක් නිෂ්පාදනය කර ඒවා ලොව පුරා බෙදා හැරීම සඳහා විශාල පරිමාණයෙන් ඒවා නිෂ්පාදන කළ යුතුයි.
  • ආරක්ෂාව කොපමණ කාලයක් පවතින්නේ දැයි සොයා ගැනීමට පර්යේෂණ කළ යුතුයි.
  • එන්නත වෛරසය පැතිරීම කෙරෙහි ඇති කරන බලපෑම සොයා ගැනීමට පර්යේෂණ කළ යුතුයි.

මේ සියල්ල සිදුකළ විට ලැබෙන ප්‍රතිඵල මත තමයි කොවිඩ්-19 වසංගතයේ අනාගතය තීරණය වන්නේ. ඒ වන තෙක් ඔබ නිවැරදිව හා ඵලදායී ලෙස කොවිඩ්-19 වැළැක්වීමේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්න.

බී.බී.සී. වාර්තාවක් ඇසුරිණි සකස කළේ – තීක්ෂණ වෙළෙන්එගොඩ

Recommended For You

About the Author: Editor