Voice of දියවන්නා: ‘පවිත්‍රාගේ අතේ දුරින් හිටපු නිසා අපිත් බේරුණා’

සටහන – ගජබා නාගහවත්ත

මෙවර ද කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වුණේ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ය. ඒ පසුගිය සදුදාය. අගමැති මහින්ද වේලාසනින්ම කැබිනට් මණ්ඩලයට ඔන්ලයින් ඔස්සේ එක් වූයේය. ඒ වනවිටත් ඇමතිවරුන්ගේ කාර්ය මණ්ඩල ඔන්ලයින් කැබිනට් මණ්ඩල රැස්වීමට ඒ ඒ අමාත්‍යවරුන් සිටින තැන්, දර්ශන හා හඩ පැහැදිලි දැ‘යි පරීක්ෂා කරමින් සිටියහ.

අගමැති මහින්ද ද ඔවුන් සමග සම්බන්ධ වෙමින් ඔවුන්ට උපදෙස් දුන්නේය.

“හඩ පැහැදිලි නෑ.. තව පොඩ්ඩක් රූප ලොකු කරන්න. බස්ට් එක (උඩුකය) ගත්තනම් හොදයි.. ” වැනි උපදෙස් අගමැතිවරයා ඇමතිවරුන්ගේ කාර්යමණ්ඩල වලට උපදෙස් ලබා දුන්නේය.

කොවිඩ් වැළදී සුව වු ඇමති වාසු ද මෙවර කැබිනට් මණ්ඩලයට එක් වූයේය. වාසු පැමිණ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වූ සැණින් ඔහුව දැක්කේ අගමැති මහින්ද ය.

“කොහොමද වාසු..” අගමැති මහින්ද ඇසුවේය.

“හොදයි අගමැතිතුමා..” වාසු කීවේය.

මම ඉවරයි. බර වියදම්

මේ වනවිට ඔන්ලයින් කැබිනට් රැස්වීමට බොහෝ ඇමතිවරු පැමිණ සිටියහ. ඔවුන් සියලුම දෙනා ඇමති වාසුට සුබ පැතූහ.

“ඔබ දැකුමෙන් මා පින් කළ බව දැනිණි” ඩලස් කීවේය.

“ඔබෙ මුහුණින් මට ඒ බව පෙණුනි” වාසු උත්තර දුන්නේය.

පියල් නිශාන්ත ඇමතිවරයාගේ ආශ්‍රිතයෙකු බවට පත්ව සිටින නාමල් රාජපක්ෂ ඇමතිවරයා නිරෝධායනය වන අතර ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ කැබිනට් රැස්වීමට එක් වූයේය.

“මේ දවස්වල නාමල් කොටහළු වෙලා…” ඇමති විමල් විහිලු කළේය.

“තව දවස් කීයක් තියෙනවා ද?” බන්දුල ද ඇසුවේය.

 “අදින් ඉවරයි..පිසිආර් එක ගත්තා..” නාමල් කීවේය.

“චමල් සර්ටත් මාර වැඩේ වුණේ ගොවිජන සේවා කොමසාරිස්තුමා වාහනේ ගිහිල්ලා..” මහින්දානන්ද කීවේය.

“පුදුම බේරිල්ලක් බේරෙන්නේ සර්. මේ දවස්වල… පවිත්‍රාක්කා නෙළුම් මාවතේ ඉදලා ගියා විතරයි. තව පොඩ්ඩෙන් අපිත් අහුවෙනවා..” ඔහු කීවේය.

“මමත් ගියානේ ඊට පස්සේ එතනට.” සී.බී. කීවේය.

පවිත්‍රාගේ අතේ දුරින් හිටපු නිසා අපිත් බේරුණා. ” බන්දුල

 “පවිත්‍රාගේ අතේ දුරින් හිටපු නිසා අපිත් බේරුණා. ” බන්දුල කීවේය.

“නෑ. නෑ. පවිත්‍රා ඇමතිතුමිය ඔයාගේ අතේ දුරින් හිටියේ.” විමල් කීවේ බන්දුලටය.

“වාසු සර් ගෙදරද ?” නාමල් ඇසුවේය.

“මම ඉවරයි. බර වියදම්.” වාසු කීවේය.

“ඔබතුමා දැකීම සතුටක්…” දිනේෂ් ද කීවේය.

“සුවපත්ව ඉන්න වියදම සැරයි.” වාසු කීවේ දිනේෂ්ටය.

“මොනවද ඒ කාලෙ දුන්නේ.” බන්දුල ඇසුවේය.

“කෑම බීම අඩුවක් නෑ.. ” වාසු කීවේය.

“බෙහෙත් දෙනවාද ?” විමල් ඇසුවේය.

“එකම බෙහෙත තමයි නිරෝධායනය.” වාසු කීවේය.

“ගෙදර හිටියානම් ඉවරයිනේ…” විමල් යළි කීවේය.

“නීතියෙන් බෑනේ. ප්‍රතිකාර මධ්‍යස්ථානයට යන්න ඕනෑනේ..” වාසු උත්තර දුන්නේය.

“දැන් කීදෙනෙක් කොරොන්ටයින් ද?” අගමැති මහින්ද ඇසුවේය.

“දැන්නම් 10ක් විතර කොරොන්ටයින් මම හිතන්නේ.” මහින්දානන්ද කීවේය.

“එස්.එම් ඇමතිතුමාටත් කොරොන්ටයින් ද?” බන්දුල ඇසුවේය.

“ඔව්.ඔව් ” එස්.එම් කීවේය.

“මමත් නූලෙන් බේරුණේ.” විමල් කීවේ ඒ අතරය.

“ඒ මොකද ?” මහින්දානන්ද ඇසුවේය.

“එදා ටයර් කර්මාන්ත ශාලාව බලන්න ගිය දවසේ මමයි මහින්ද අමරවීර ඇමතිතුමයි මැද තමයි පියල් ගියේ..” විමල් කීවේය.

“මම නම් කියන්නේ අපිට පොසිටිව් නොවුණාට පස් පාරක්වත් හැදිලා හොද වෙලත් ඇති කියලා.” මහින්දානන්ද කීවේය.

“ඔව් ඔව් ඒක නම් ඇත්ත.” විමල් කීවේය.

“දැන් ඉතිං මොනවා කරන්නද? මේකත් එක්ක ජීවත් වෙන්නම වෙනවා..’ මහින්දානන්ද

අග්‍රාමාත්‍ය කාර්යාලය මෙහෙයවන ජීවනෝපාය සංවර්ධන කමිටු රැස්වීම මෙවර පැවැත්වුණේ නුවරඑළිය හා මහනුවර දිස්ත්‍රික්ක වලය. නුවරඑළිය දිස්ත්‍රික්කයේ රැස්වීම පහුගිය අගහරුවාදා (26) නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණ. ඊට මහින්දානන්ද, සි.බී, ප්‍රසන්න රණතුංග යන ඇමතිවරු එක්ව සිටියහ. පැමිණි ඇමතිවරුන්ට දිවා ආහාරව සුදානම් කර ඇත්තේ ආණ්ඩුකාර නිළ නිවසේය.

“දැන්නම් ලග ලග කැරකෙනවා.. කොයිවෙලේ ආයෙත් කොරොන්ටයින් වෙන්න වෙයි ද දන්නේ නෑ…” ඇමති සී.බී. කීවේය.

“මමත් අවස්ථා දෙක තුනක දී නූලෙන් බේරුනා..” ඇමති ප්‍රසන්න මහින්දානන්දට කීවේය.

“දැන් ඉතිං මොනවා කරන්නද? මේකත් එක්ක ජීවත් වෙන්නම වෙනවා..’ මහින්දානන්ද ඇමතිවරයා කීවේය.

“කොහොමද සංචාරකයන්ගේ පැමිණීම?” මහින්දානන්ද ඇසුවේ ප්‍රසන්නගෙනි.

“රට සංචාරකයන්ට විවෘත කරලා දවස් 05යිනේ අදට. 750ක් විතර වීසා ඇප්ලයි කරලා තියෙනවා. ටික ටික හරියයි..” ප්‍රසන්න පැහැදිලි කළේය.

මොන අවුලක් ද? ඔයා ඉතිං වැඩක් භාරගත්තොක් ඒක හරියටම කෙරෙනවානේ…” නාමල්

නාමල් පෝය නිමිත්තෙන් අලුත් වැඩක් කරයි

වසරේ මුල්ම පෝය යෙදී තිබුණේ පසුගිය බ්‍රහස්පතින්දාටය(28). ඇමති නාමල් පෝය නිමිත්තෙන් අලුත් වැඩක් සංවිධානය කළේය. ඒ සෑම පෝයදිනකම තරුණ තරුණියන් සිල් සමාදන් කරවීමය.

නාමල්ගේ ඉලක්කය වී ඇත්තේ තරුණ තරුණියන් ලක්ෂයක් සිල් සමාදන් කරවීමය. එහි සමාරම්භක වැඩසටහන පැවැත්වුණේ කැළණිය රජමහා විහාරස්ථානයේ දිය. මෙවර ඒ සදහා තරුණ තරුණියන් 500කට ආසන්න පිරිසක් සහභාගී වූහ. විශේෂත්වය වුයේ ඉන් වැඩිම පිරිසක් පැමිණ සිටියේ ප්‍රසන්නගේ මිනුවන්ගොඩ ආසනයෙන් වීමය. 300කට ආසන්න තරුණ තරුණියන් පිරිසක් කැලණිය විහාරස්ථානයට සිල් සමාදන් වීම සදහා ප්‍රසන්න යොමු කර තිබුණි. ඒ අතර ප්‍රසන්නගේ වැඩිමහල් දියණිය වන අර්චනා ද වූවාය. නාමල් අළුයම කැළණිය විහාරස්ථානයට පැමිණියේ ය. ප්‍රසන්න නොසිටි නිසා ඔහු දුරකතන ඇමතුමක් ගත්තේය.

“අයියේ මම ඉන්නේ කැළණිය පන්සලේ..ඔයා කොහෙද? ” නාමල් ඇසුවේය.

“මම ඊයේ රෑ වුණා ජීවනෝපාය සංවර්ධන කමිටුවට ගිහින් එන්න. ඔතන වැඩේ අවුලක් නෑ නේද? ” ප්‍රසන්න ඇසුවේය.

“මොන අවුලක් ද? ඔයා ඉතිං වැඩක් භාරගත්තොක් ඒක හරියටම කෙරෙනවානේ…” නාමල් කීවේ මේ වැඩසටහනට වැඩිම පිරිසක් සහභාගී වී සිටියේ ප්‍රසන්නගේ මිනුවන්ගොඩ ආසනයෙන් විම නිසා ය.

අගමැති මහින්ද ද බ්‍රහස්පතින්දා දවල් කැළණි විහාරයට ආවේ මේ යොවුන් සීල සමාධි වැඩසටහනට එක් වු තරුණ තරුණියන්ට ආශිර්වාද කිරීමට කැළණි විහාරස්ථානයේ නායක හිමියන් මුණ ගැසුණු අගමැති මහින්ද සිල් ගෙන සිටි තරුණ තරුණියන් සමග ද මොහොතක් කථාබස් කිරීමට අමතක කළේ ද නැත.

සටහන – ගජබා නාගහවත්ත

Recommended For You

About the Author: Editor