Liechtenstein සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වලට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකාව හා ලිච්ටෙන්ස්ටයින් (Liechtenstein) කුමාර රාජ්‍ය සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කිරිමට තීරණය කර තිබේ.

මේ සම්බන්ධ යෝජනාව ඇතුලත් අමාත්‍ය මණ්ඩල සංදේශයක් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉකුත් සතියේ දී කැබිනට් මණ්ඩලයට යොමු කරන ලදුව ඊට අනුමැතිය ලැබී තිබේ.

බටහිර යුරෝපා කලාපයට අයත් ලිච්ටෙන්ස්ටයින් කුමාර රාජ්‍යයය ස්විස්ටර්ලන්තය හා ඔස්ට්‍රියාව අතර පිහිටා ඇති අතර කුඩා ජනගහණයක් සහිත රටකි.1961 අප්‍රේල් 18 වැනි දිනැති රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිළිබද වියානා සම්මුතිය පදනම් කර ගනිමින් දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කිරිමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

මේ රට ගැන ඔබ දැනගත යුතු මූලික කරුණු

ලිච්ටෙන්ස්ටයින් යනු ඔස්ට්‍රියාව සහ ස්විට්සර්ලන්තය අතර පිහිටි කිලෝමීටර් 25ක විශාලත්වයෙන් යුත් රාජ්‍යයකි. එහි ප්‍රධාන භාෂාව ජර්මන් වන අතර 2019 වසරේදී ජනගහනය 38,378කි. ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය (2018) ඇමෙර්කානු ඩොලර් 181,402කි.

මෙම රාජ්‍යය එය මධ්‍යතන යුගයේ මාලිගා, ඇල්පයින් භූ දර්ශන සහ මංපෙත් ජාලයක් හා සම්බන්ධ ගම්මාන සඳහා ප්‍රසිද්ධය. සංස්කෘතික හා මූල්‍ය මධ්‍යස්ථානයක් වන වඩුස් අගනුවර නූතන හා සමකාලීන කලාවන්ගේ ගැලරි සහිත කුන්ස්ට්මූසියම් ලිච්ටෙන්ස්ටයින්ගේ නිවහන වේ.

Recommended For You

About the Author: Editor