ශ්‍රී ලංකාවේ පොහොර භාවිතය හා ප්‍රවණතා ගැන අලුත්ම හෙළිදරව්ව

ශ්‍රී ලංකාවේ පසුගිය 2020 යල – මහ දෙකන්නයේ හෙක්ටයාර් ලක්ෂ 13ක වී වගා කළ බවත් හෙක්ටයාර් 97,120ක අනෙකුත් බෝග වගා කළ බවත අද (02) කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙළිවිය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාව සදහා අමාත්‍යාංශ උසස් නිලධාරීන් ඇතුළු ආයතන කිහිපයක නිලධාරීන් සහභාගී වූහ.

මෙහිදී ‘පස් විශ්ලේෂණ කට්ටල ආධාරයෙන් ස්ථානීය පොහොර නිර්දේශ කිරීම‘ නම් ‍අත්පොත නිකුත් කිරීම ද සිදුවිය.

ශ්‍රී ලංකාවේ පොහොර භාවිතය, ආනයනය ඇතුළු කරුණු රැසක් මෙහිදී හෙළිකිරීම ද සිදුවිය. ඒ අනුව 2020 මෙරටට ආනයනය කළ පොහොර ප්‍රමාණය මෙට්‍රික්ටොන් 574,705.9ක් බවත් ඒ සදහා රුපියල් බිලියන 36කට අධික මුදලක් වැය කළ බවත ජාතික පොහොර ලේකම් කාර්යාලය සදහන් කළේය.

මෙහිදී ජාතික පොහොර ලේකම් කාර්යාල වාර්තා මගින් තව දුරටත් කරුණු පැහැදිලි කරමින් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව වාර්ෂිකව රසායනික පොහොර මෙට්‍රික්ටොන් 12,60,053ක් දළ වශයෙන් ආනයනය කරන බවයි. ඒ සදහා වන වියදම රුපියල් බිලියන 56ක් බව ද ජාතික පොහොර ලේකම් කාර්යාලයේ වාර්තා සදහන කළේය. ඩොලරයේ අගය වෙනස්වීම සහ විදේශීය වෙළඳපොලේ මිල වෙනස්වීම අනුව මෙම සංඛ්‍යා වෙනස් විය හැකි බව ද මෙහිදී සදහන් විය.

මෙහිදී ජාතික පොහොර ලේකම් කාර්යාලයේ වාර්තා වැඩි දුරටත් සදහන් කළේ වී වගාව සඳහා  රසායනික පොහොර  මෙට්‍රික් ටොන් 3,83,000ක් සහ අනෙකුත් බෝග සඳහා රසායනික පොහොර මෙට්‍රික් ටොන් 8,77,053.5ක් ආනයනය කරන බවයි.

පොහොර වර්ගයමිලරජය දරන වියදම රුපියල් මිලියනන
යූරියා 50kg3430.003430.00
ටී.එස්.පී. 50kg3037.003037.00
එම්.ඕ.පී. 50kg3323.003323.00

අනෙකුත් බෝග සඳහා

පොහොර වර්ගයමිලසහනාධාර මිලරජය දරන වියදම රු. මිලියන
යූරියා 50kg3430.001500.001930.00
ටී.එස්.පී. 50kg3037.001500.001537.00

(ලේඛන – ජාතිකපොහොරලේකම්කාර්යාලය)

මෙම මාධ්‍ය සාකච්ඡා වේදී ශ්‍රී ලංකා රසායනික පොහොර භාවිතය සහ ඒ ආශ්‍රිත ගැටලු රැසක් ද හෙළිවිය. ඒ අනුව,

  • කොමර්ෂල් පොහොර සමාගම, කාබනික පොහොර නිෂ්පාදන හා සැපයුම සඳහා වන ආයතන ලෙස පරිවර්තනය කොට පළාත්පාලන ආයතන ද සම්බන්ධ කරගෙන කාබනික පොහොර නිෂ්පාදනයට පියවර ගැනේ. (කැබිනට් අනුමැතිය හිමිව ඇත.)
  • මීට අමතරව කර්මාන්ත අමාත්‍යාංශයේ ලංකා පොස්පේට් සමාගම හා එක්ව රසායනික පොහොර සමාගමක් ස්ථාපනය කිරීමට ද පියවර ගනිමින් සිටී.
  • එප්පාවල නිධියේ ඇපටයිට් භාවිත කරමින් ත්‍රිත්ව සුපර් පොස්පේට් පොහොර (TSP) ආදේශකයක් ලෙස (සින්ගල් සුපර් පොස්පේට්) පොහොර නිපදවීමට සැලසුම් සකස් කර ඇත.
  • වාර්ෂිකව TSP පොහොර මෙට්‍රික්ටොන් 95,000ක් ආනයනය කරන අතර ඒ සඳහා දරන වියදම රුපියල් බිලියන 7කි. (ඇමරිකන් ඩොලර් මිලියන 38ක් )
  • ඉදිරි වසර 03 තුළ කාබනික පොහොර භාවිතය 30% දක්වා ඉහළට ගෙන ඒම අපේ පළමු ඉලක්කයයි. ( සෞභාග්‍යයේ දැක්ම)
  • පළාත් පාලන ආයතන 341ට දෛනිකව එකතුවන කසළ යොදාගෙන කාබනික පොහොර නිපදවා කාබනික පොහොර ඒකක පිහිටුවා ප්‍රාදේශීයව ගොවීන්ට බෙදීමට පියවර ගැනේ.
  • ගොවිජන සේවා කොට්ඨාසයකට ජාතික පොහොර ලේකම් කාර්යාලයට අනුයුක්තව සංවර්ධන නිලධාරීන් 562ක් පත්කරනු ලබන අතර, ඔවුන් මඟින් එක කොට්ඨාසයකින් මසකට මෙට්‍රික්ටොන් 10 බැගින් නිපදවන නිෂ්පාදකයින් 10 දෙනෙකු 2023 වන විට බිහි කිරීමට අපේක්ෂා කෙරේ.
  • පොහොර ලේකම් කාර්යාලයේ බලපත්‍රලාභී මහා පරිමාණ කාබනික පොහොර නිෂ්පාදකයින්19 දෙනෙක් ජාතික කාබනික පොහොර ක්‍රියාවලියට දායක කර ගැනේ. (දැනටත් 14 දෙනෙක් මෙහෙයුම් ආරම්භ කර ඇත)
  • රසායනික පොහොර අධික භාවිතයෙන් නොරොච්චෝලේ නිල් දරුවන් උපදින බවත් ඇස් නොපෙනෙන දරුවන් මසකට 30ක් ඉපදෙන බවත් වෛද්‍ය සමීක්ෂණවලින් හෙළි වී ඇත.
  • වකුගඩු, පිළිකා රෝගීන් දිනෙන් දින වර්ධනය වේ.
  • ගොවියාට අධික පොහොර භාවිතයෙන් අස්වැන්න වැඩි වෙනවා යැයි බොරුවක් සමාජගත කරමින් සමාගම් මහපොළොව වසවිසෙන් පුරවමින් සිටී.
  • මීට අමතරව පරන්තන්වල කර්මාන්ත අමාත්‍යාංශය සහ කෘෂිකර්ම අමාත්‍යාංශය එක්ව විදේශ ආයෝජන ද යොදාගෙන යූරියා පොහොර නිෂ්පාදන සමාගමක් ආරම්භ කිරීමටත් සැලසුම් කරලා ඇත.

මෙම මාධ්‍ය සාකච්ඡාවේදී හෙළි වූ තවත් කරුණක් වන්නේ රසායනික පොහොර භාවිතයේ ගෝලීය ස්වභාවය සහ ශ්‍රී ලංකාවේ තත්ත්වයයි.

ඒ අනුව

  • ඊශ්‍රායලය හෙක්ටයාරයකට 280.7kg
  • ඔස්ට්‍රේලියාව හෙක්ටයාරයකට යොදන පොහොර ප්‍රමාණය කිලෝ 68.1කි
  • ශ්‍රී ලංකාව හෙක්ටයාරයකට 300kgයි.
  • ඕස්ට්‍රේලියාවේ හෙක්ටයාරයකට අස්වැන්න මෙට්‍රික්ටොන් 10යි.
  • ශ්‍රී ලංකාවේ හෙක්ටයාරයකට අස්වැන්න මෙට්‍රික්ටොන් 4.6යි.

(එක්සත්ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ වාර්තාව සහ The Global Economy.com)

  • ගොවිජන සේවා මධ්‍යස්ථාන 562කම ආවරණය වන පරිදි පස් පරීක්ෂා කිරීමේ කට්ටල ලබාදීමට පියවර ගැනේ. (ඉන්දියාවෙන් ගෙන්වීමට පියවර අරගෙන අවසන්.)
  • ෙදියුණු සංවර්ධිත රටවල මෙන්ම ඉන්දියාවේ ද පස් පරීක්ෂා කර පොහොර ලබාදීම මේවනවිට සිදුවේ.
  • භූතානය කාබනික පොහොර භාවිතයෙන් කෘෂිකර්මයේ යෙදෙනවා.

මෙම මාධ්‍ය සාකච්ඡාවේදී පොහොර දූෂණ සහ වංචාවලට එරෙහි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද හෙළිදරව් කිරීමක් සිදුවිය.

  • රුපියල් බිලියන 1.2කට ආසන්න පොහොර බෙදා හැරීමේ අක්‍රමිකතා සම්බන්ධ පොහොර ලේකම් කාර්යාලයේ 05 දෙනෙකුගේ වැඩ තහනම් කර පරීක්ෂණ සිදුවේ.
  • රුපියල් බිලියන 200ක දියර පොහොර වංචාව සම්බන්ධයෙන් CID ය පරීක්ෂණ පවත්වන අතර එවකට හිටපු ලක්පොහොර සභාපති CID අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වේ.‍ෙ
  • මේ පිළිබඳ පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් පොහොර පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ඉල්ලා ඇත.
  • රසායනික පරීක්ෂණ වාර්තා 55ක් වෙනස්කොට හොර වාර්තා එකතු කර බාල පොහොර ගෙන්වූ අයට එරෙහිව සියලු නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබෙන අතර රටට විස කැවූ ඒ පිරිසට දැඩි දඬුවම් දීමට පියවර ගැනේ‍ෙ.
  • මේ පිළිබඳ විගණකාධිපති වාර්තාවෙන් කරුණු හෙළි වී ඇත.

2021 පෙබරවාරී 02 වැනි දින කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය ඇසුරිණි.

Recommended For You

About the Author: Editor