‘කෝවිඩ් එන්නත් අතිශයින්ම ආරක්ෂිතයි’ – බ්‍රිතාන්‍ය ඖෂධ නියාමකයා අවධාරණය කරයි

එක්සත් රාජධානියේ මිලියන සංඛ්‍යාත ජනතාවකට ලබා දෙන කෝවිඩ් එන්නත් අතිශයින්ම ආරක්ෂිත වන (Covid vaccines extremely safe) අතර සුළු වශයෙන් අපේක්ෂිත අතුරු ආබාධ ඇති බව එරට ඖෂධ නියාමන බලාධිකාරිය UK regulator පවසයි.

අදාළ පර්යේෂණය සදහා ජනවාරි 24 දක්වා ලබා දී ඇති මාත්‍රාවන් මිලියන හතකට ආසන්න සංඛ්‍යාවක ආරක්ෂක වාර්තා තක්සේරු කර ඇති අතර සැක සහිත ප්‍රතික්‍රියා 22,820 ක් පමණ වාර්තා වී ඇත.

සුළු වශයෙන් වාර්තා වූ අතුරු ආබාධ සියල්ලම මෘදු තත්ත්වයේ ඒවා විය.

මේ අතර,  නව පර්යේෂණ වලින් පෙනී යන්නේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත  AstraZeneca jabකොවිඩ් හි නව ‘කෙන්ට් – Kent’ variant of Covid) ප්‍රභේදයෙන් ආරක්ෂා වන බවයි.

වෛරසයේ වඩාත් බෝවන මෙම අනුවාදය දැන් එක්සත් රාජධානියේ බොහෝ ප්‍රදේශවල ව්‍යාප්ත වී ඇත.

එන්නත් වසංගතයෙන් මිදීමේ මාර්ගය ලෙස සලකනු ලබන අතර, මේ දක්වා ඇති සියලුම සාක්ෂි වලින් පෙනී යන්නේ ඒවා ආරක්ෂිත සහ ඵලදායී බවයි.

‘‘අතුරු ආබාධ ඇති වුවද ඒවා ඉතා මෘදුය. ඒවා රෝගයම නොව, එන්නත සඳහා ශරීරයේ ප්‍රතිචාරයයි. සාමාන්‍යයෙන් ඒවා දින කිහිපයක් ඇතුළත හොඳ අතට හැරෙන‘‘ බව ඖෂධ හා සෞඛ්‍ය නිෂ්පාදන නියාමන ඒජන්සිය පවසයි.

ෆයිසර් / බයෝඑන්ටෙක් එන්නත සඳහා දරුණු අසාත්මිකතා ඇතිවිය හැකි නමුත් එය ඉතා දුර්ලභ ය. එය පරිපාලනය කරන ලද මාත්‍රාවන් 100,000: 1-2ක් පමණක් විය හැකි බව විශේෂඥයන් ගණන් බලා ඇත. 

වෛද්‍යවරුන් දැනටමත් පවසන්නේ ෆයිසර්-බයෝඑන්ටෙක් එන්නතෙහි අඩංගු අමුද්‍රව්‍ය වලට සැලකිය යුතු අසාත්මිකතා ප්‍රතික්‍රියා ඇති පුද්ගලයින් එය ලබා නොගත යුතු බවයි.

එක්සත් රාජධානිය වෙනුවෙන් එන්නත් ආරක්ෂාව තක්සේරු කර ඇති වෛද්‍යවරයෙකු වන මහාචාර්ය ශ්‍රීමත් මුනීර් පිරමොහමඩ් මහතා පැවසුවේ “එය අතිශයින්ම ආරක්ෂිතයි. ප්‍රතිලාභ අවදානම් වලට වඩා බෙහෙවින් වැඩි යි. මම එය මගේ පවුලේ අයට ද කියමි.”

පුද්ගලයන් 10 දෙනෙකුගෙන් එක් අයෙකුට බලපාන සහ සාමාන්‍යයෙන් දින කිහිපයක් ඇතුළත යහපත් විය හැකි පොදු ප්‍රතික්‍රියා වලට ඇතුළත් වන්නේ:

  • උගුරේ දැවිල්ල
  • හිසරදය
  • ශීතල
  • වෙහෙස
  • අසනීප බවක් දැනීම
  • උණ
  • කරකැවිල්ල
  • දුර්වලකම
  • මාංශ පේශි කැක්කුම

එක්සත් රාජධානියේ එන්නත් නියාමකයාට මුහුණේ අංශභාගය හෝ දුර්වලතාවය පිළිබඳ වාර්තා 75 ක් ලැබී ඇති නමුත් මෙම තත්වය ස්වාභාවිකවම සිදුවිය හැකිය. “මේ දක්වා ලැබී ඇති මුහුණේ අංශභාගය පිළිබඳ වාර්තා සංඛ්‍යාව අපේක්ෂිත ස්වාභාවික අනුපාතයට සමාන වන අතර එන්නත් ලබා දීමෙන් පසුව වැඩි අවදානමක් යෝජනා නොකරයි. මෙම සිදුවීම් අපි දිගටම අධීක්ෂණය කරන්නෙමු.”

එය ලබා ගන්නා සියලුම එන්නත් ආරක්ෂණ දත්ත පිළිබඳ සතිපතා යාවත්කාලීන කිරීම් ප්‍රකාශයට පත් කරනු ඇත.

බී.බී.සී වාර්තාවකි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

Recommended For You

About the Author: Editor