රත්‍රං දිව සහිත ‘මමී දෙකක්’ සොයා ගනී

ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියා ප්‍රදේශයේ Taposiris Magna දේවස්ථානය තුළ කරන ලද කැණීම්වලදී රත්‍රන් දිව සහිත මමී දෙකක් සොයා ගත් බව විදෙස් මාධ්‍ය පවසනවා.

මෙම කැණීම්වලින් මමී 16ක් සොයාගෙන ඇති අතර ඒවා වසර 2000කට වඩා පැරැණි බවයි පුරාවිද්‍යාඥයින් පවසන්නේ්‍

මේ සොයා ගැනීම ගැන අදහස් දක්වමින් පුරාවිද්‍යාඥයින් පවසන්නේ පාරාවෝ රජවරුන්ගේ අවමංගල චාරිත්‍ර සැලකීමේදී මෙම රත්‍රන් දිව මෘත දේහයේ හකුවලට සවිකිරීම සාමාන්‍ය ලක්ෂණයක් බවයි.

‘‘ මරණයෙන් පසු ඔවුන්ට කතා කිරීමට, ආහාර ගැනීමට සහ හුස්ම ගැනීමට පහසු වීම සඳහා මෙවැනි රත්‍රන් දිව සවි කිරීම එකල චාරිත්‍රයක් ව තිබුණ බවට අවස්ථා කිහිපයකදීම සාක්ෂි ලැබී තිබෙනවා‘ ඔවුන් පැවසුවා.

Recommended For You

About the Author: Editor