ලෝකයේ කුඩාම උරග විශේෂය සොයා ගනී

ලෝකයේ කුඩාම උරගයා තමන් විසින් සොයා ගත් බව පර්යේෂකයින් පිරිසක් පවසනවා. කුඩා බීජයක ප්‍රමාණයෙන් යුත් මෙම උරගයා කටුසු විශේෂයක් බව සදහන්. ඔවුන් සොයා ගෙන ඇත්තේ මැඩගස්කරයෙන්.

පිරිමි සත්වයාගෙ සිරුඑ මිලි මීටර 13.5ක් වන අතර බෘකේෂියා නනා නොහොත් නැනෝ-චමෙලෝන් (Brookesia nana, or nano-chameleon) ලෙස ඔවුන් නම්කර තිබෙනවා.

මියුනිච් හි බැවේරියානු ප්‍රාන්ත සත්ව විද්‍යා එකතුවට අනුව අලුතින් සොයා ගත් මෙම කටුසු විශේෂය උරග විශේෂ 11,500 ක් අතරින් කුඩාම විශේෂය බව සදහන්.

ඔවුන්ගෙ වැඩුණු පිරිමි සතෙකු හිසේ සිට වලිගය දක්වා දිග මි.මී. 22 (අඟල් 0.86) බව සදහන් වෙනවා.

ගැහැණු සතෙකු මිලිමීටර් 29 ක් පමණ විශාල වන බවයි වාර්තා වන්නේ.

“මෙම නව උරග විශේෂ සොයා ගත්තේ උතුරු මැඩගස්කරයේ මොන්ටේන් වැසි වනාන්තරයකින් පමණක් වන අතර ඔවුන් වඳවීමේ තර්ජනයට ලක්විය හැකිය” යනුවෙන් විද්‍යාත්මක වාර්තා සඟරාව පවසනවා.

හැම්බර්ග්හි ස්වාභාවික ඉතිහාස මධ්‍යස්ථානයේ විද්‍යාඥයෙකු වන ඔලිවර් හැව්ලිට්ෂෙක් පැවසුවේ “නැනෝ- උරගයින්ගේ වාසස්ථානය අවාසනාවකට මෙන් වන විනාශයට ලක්ව ඇති නමුත් එම ප්‍රදේශය මෑතකදී ආරක්ෂාව යටතේ තබා ඇති බැවින් එම විශේෂය නොනැසී පවතිනු ඇතැයි අපට විශ්වාස කළ හැකියි”

තවමත් නැනෝ-me රන්

පර්යේෂකයෝ සොයා ගත් පරිදි මෙම නැනෝ කටුස්සන් වැසි වනාන්තරයේ මයිටාවන් දඩයම් කරන අතර රාත්‍රියේ විලෝපිකයන්ගෙන් බේරීමට තණකොළ අතර සැඟවී සිටිති.

පර්යේෂකයන්ගෙන් එක් අයෙකු වන ආචාර්ය මාක් ෂර්ස් නව සොයා ගැනීම හැඳින්වූයේ “අතිශය කුඩාකරණය පිළිබඳ දර්ශනීය අවස්ථාවක්” ලෙස යි.

බෘකේෂියාව පිහිටා ඇති වනාන්තර තවමත් දිවයිනේ උතුරින් පිහිටි අනෙක් වනාන්තර සමඟ හොඳින් සම්බන්ධ වී ඇති බව ඔහු පැවසුවා.

බී.බී.සී. වාර්තාවකි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

Recommended For You

About the Author: Editor