ආණ්ඩුව සහ ජනතා විශ්වාසය ගැන ‘ඇමති ඉන්දික අනුරුද්ධ’ කළ විග්‍රහය

බැදුම්කර සිද්ධිය සහ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වැරදිකරුවන්ට නඩු පවරා කඩිනමින් දඬුවම් ලබාදීමට ජනාධිපතිතුමා ගත් එම තීරණය නායකයෙකු විසින් ගත් හොදම තීන්දුවක් බව, ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා කියයි.

අද පවතින්නේ ජනතාවාදී ආණ්ඩුවක් බවත්, අප එදා විපක්ෂයේ සිටියදී සිර දඬුවම් විද, උසාවි වලට ගොස්, මහ පාරේ අරගල කරමින් වත්මන් ආණ්ඩුව නිර්මාණය කල බවත්, ආණ්ඩුව පිළිබඳව ජනතාවට 100% ක් විශ්වාස බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ උපදෙස් මත සැමට නිවසක් ලබාදීමේ වැඩපිළිවෙල මේ වන විට සාර්ථකව දියත් කරමින් සිටින බවත්, පසුගිය කාලයේ මුඩු බිමක් වූ රට අද යලි වැඩබිමක් බවට පත්වෙමින් ඇති  බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ “ඔබට ගෙයක් – රටට හෙටක්” ජාතික නිවාස වැඩසටහන යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ, කැළණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, එගොඩ ඊරියවැටිය ප්‍රදේශයේ ඉදිවන නව නිවසට මුල්ගල තැබීමේ අවස්ථාවට (06) සහභාගී වෙමිනි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ගරු අග්‍රාමාත්‍ය සහ නිවාස අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය පෙබරවාරී මාසයේදී “ඔබට ගෙයක් – රටට හෙටක්” ජාතික නිවාස වැඩසටහන ආරම්භ කරන ලදි. මෙම වැඩසටහනේ පළමු අදියර යටතේ ග්‍රාමසේවා මට්ටමින් දිවයින පුරා  නිවාස 14,022 ක් ඉදි කෙරෙන අතර එහි දෙවන අදියර ද මේ වන විට ආරම්භ කර ඇත.

Recommended For You

About the Author: Editor