ඵෙතිහාසික හිඳගල ලෙන් විහාරය වහා ප්‍රතිසංස්කරණට

අනුරාධපුර, ගම්පොළ, මහනුවර හා කොළඹ යන යුග හතරට අයත් සිතුවම්වලින් සමන්විත ඵෙතිහාසික හිඳගල ලෙන් විහාරය වහාම ප්‍රතිසංස්කරණය කරන්නැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.

Image result for hindagala temple

ඵෙතිහාසික හිඳගල ලෙන් විහාරය විනාශ මුඛයේ පවතින බවට පසුගිය දා ජාතික පුවත්පතක පළ වී තිබූ පුවතක් සැළකිල්ලට ගනිමින් අග්‍රාමාත්‍යතුමා විසින් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාට මේ සම්බන්ධයෙන් සොයා බලා වහාම ඊට අවශ්‍ය පියවර ගන්නා ලෙස උපදෙස් ලබා දෙන ලදී.

ඵෙතිහාසික හිඳගල ලෙන් විහාරයේ සිතුවම් ඇදි ස්ථාන බොහොමයක් අද වන විට විනාශ වෙමින් පවතින බවත්, ඒ් පිළිබඳව වගකිව යුතු බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බවත් සඳහන් කරමින් විහාරයේ භාරකාර ධූරය හොබවනු ලබන ඇඹිල්මීගම ධම්මකිත්ති හිමියන් අදාළ පුවත්පතට ප්‍රකාශ කර තිබිණි.

Image result for hindagala temple

ඵෙතිහාසික වටිනාකමකින් යුත් මෙම ලෙන් විහාරය කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය පිළියම් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පූර්ණ උපදෙස් පරිදි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කඩිනමින් ආරම්භ වනු ඇත.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරීන්  හිඳගල ලෙන් විහාරයට ගොස් දැනටමත් ලබා දී ඇති නිර්දේශ අනුව මෙම ප්‍රතිසංස්කරණයන් ක්‍රියාත්මක වේ.

Recommended For You

About the Author: Editor