බොලිවුඩ් රසිකයින් උමතු කළ ‘අලියාගේ මාලේ සංචාරයේ’ උණුසුම් ඡායාරූප

කොවිඩ්-19 වසංගතයෙන් ඉන්දියාව නිමක් නැතිව බැටකනවා. ඒ අතර ගොවි උද්ඝෝෂණ, ස්වභාවික ආපදාත් නිමක් නැහැ. ඒත් පසුගිය මාස කිහිපය පුරා අගුළු දා තිබුණ බොලිවුඩය දැන් යළි තමන්ගේ සුපුරුදු කටයුතු ආරම්භ කර තිබෙනවා.

‍මේ අතර සුපිරි බොලිවුඩ් නිළියක වන Alia Bhatt – ආලියා භාට්ගේ සුන්දර – සරාගී ඡායාරූප වලින් බොලිවුඩයේ සමාජමාධ්‍ය පිරී යමින් තිබෙනවා.

ආලියා පසුගිය සති කිහිපය අතිෂය කාර්යබහුල වුණා. ඒ ඇය සංජේ ලීලා බන්සාලිගේ ‘ගංගුබායි කැතියවාඩි‘ චිත්‍රපටයේ අවසන් රූගත කිරීම්වලට පූර්ණ අවධානය යොමුකර තිබූ නිසයි.

ඉතිං ආලියා ඊයේ (06) මේ අවිවේකී සමය අවසන් කළා. ඒ කියන්නේ ගංගුලි බායි හි රූගත කිරීම් අවසන් කළා. ඇය ඒ සමග කළේ බොහෝ බොලිවුඩ් තරු කරන දේම තමයි. තව මොහොතක විරාමයක් නොගෙන ඇය විදේශ සංචාරයකට පිටත් වුණා. ඒ සුන්දර මාලදිවයිනට.

ආලියා සමග ඇගේ සොහොයුරිය වන ෂහීන් භට් සහ මිතුරිය අකාන්ෂා රන්ජන් සහ අනුෂ්කා රන්ජන් කපූර් ද සිටින බවයි වාර්තා වුණේ.

ඉතිං ආලියාත් අපි වගේම තමයි සංචාරය ආරම්භ කළ මොහොතේ සිට ආලියා තමන්ගේ සමාජමාධ්‍ය ගිනුම ඔස්සේ රසිකයින් සමග විවිධාකාරයේ උණුසුම් ඡායාරූප සහ වීඩියෝ බෙදා ගත්තා. මිලියන සිය ගණනක් ආලියාට රසිකයෝ ඉන්න නිසාත්, මේ ඡායාරූප අතිෂයින්ම උණුසුම් නිසාත් ඒවා මුළු ඉන්දියාව පුරාත් පසුව ලෝකය පුරාත් වෛරස් වුණා.

ඉතිං අපි අපේ පාඨකයින් සමග මේ සුන්දර – උණුසුම් ඡායාරූප ටික බෙදා ගන්න කල්පනා කළා

ආලියා භට්
ආලියා භට්
ආලියා භට්
ආලියා භට්
ආලියා භට්
ආලියා භට් මාලදිවයිනේ ඇගේ නවතම පින්තූරවල උණුසුම වැඩි කරයි
ආලියා භට්


ආලියා භට්

ආලියා භට්
ආලියා භට්
ආලියා භට්

Recommended For You

About the Author: Editor