සජිත් ප්‍රේමදාස සමග එක්වී ‘පොදුජන යුගයක් නිර්මාණය කිරීමට’ ඇප කැප වෙනවා – යූ. ජෝර්ජ් පෙරේරා

එදා යූ. ජේර්ජ් පෙරේරා ඇතුළු තරුණ දේශපාලනඥයින්ගේ, එක්සත් ජාතික පාක්ෂිකයින්ගේ පමණක් නොව රටේම අනාගතය විනාශ කළ එජාප නායක රනිල් වික්‍රමසිංහ අද දේශපාලන අනාථයෙක් බවට පත්ව සිටිනවා. ඔහුගේ කල්ලියත් දේශපාලන අනාථයින් බවට පත්ව සිටිනවා. එය දෛවෝපගත සිදුවීමකට වඩා මේ රටේ බුද්ධිමත් ජනතාව, විශේෂයෙන් එක්සත් ජාතික පාක්ෂිකයින් සංවිඥානිකව ගත් ඓතිහාසික තීන්දුවක් වශයෙන් සැලකිය හැකියි.

කැළණි ගංගා මිටියාවතේ සහ සියනෑ කෝරළයේ ‘පොදුජන මිනිසාගේ‘ 30 වසරක දේශපාලන උදානය

සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ශයෙන් පාරිශුද්ධත්වයට පත් ඓතිහාසික කැළණි පින්බිමේ ආශිර්වාදය ලබන කැළණි ගං මිටියාවත සහ සියනෑ කෝරළයේ ජීවත් වන ඔබ සැප ආශිර්වාද ලත් පුරවැසියන් ලෙස සැලකිය හැකියි.

ඒ වගේම ඔබ සැම අයත් වන්නේ ශ්‍රී ලංකාද්වීපයේ ඓතිහාසික සහ වත්මන් යුගයේ අතිෂය සුවිශේෂ වැදගත්කම් රැසකට හිමිකම් කියන, උරුමකම් කියන පුරවරයකට. ඒ අතර ශ්‍රී ලංකාද්වීපයේ ගෞරණීය මහ රජුවන දුටු ගැමුණු මහ රජතුමාගේ ආදරණීය මෑණියන් වහන්සේ වන වෙහෙර මහා දේවියයේ උපන්බිම මේ කැළණිය පුරවරය වීම කැළණි ගංගා මිටියාවතේ ජීවත් වන අප සියලු දෙනා ලද අභිමානයක්.

කීර්තිමත් දේශපාලනඥයින් රටට බිහිකළ පින් බිමක්

ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලනය ගත් විට ද කැළණි පුරවරය ප්‍රමුඛ සියනෑ කෝරළය ඇතුළු ගම්පහ දිස්ත්‍රික්කයට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයක්.

ජාතියේ පියා වන මහා මාන්‍ය ඩී.එස්. සේනානායක මැතිදුන්, මෙරටින් බිහි වූ අග්‍රගණ්‍ය දේශපාලනඥයෙකු හා බුද්ධිමතෙකු වන සර්.ඩී.බී ජයතිලක මහතා, ඩඩලි සේනානායක මහතා, එස්.ඩඩ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා, ආර්.එස්. පෙරේරා (ශ්‍රීලනිප ඇමැතිවරයෙක් වූ) වගේම මෙරට කීර්තිමත් දේශපාලනඥයෙකු හා ශ්‍රී ලංකාවේ පළමු වන විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා, චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ගම්පහ දිස්ත්‍රික්කයෙන් බිහි වූ කීර්තිමත් දේශපාලනඥයින් අතර අතිෂය වර්ණවත් නායකයින්.

ජේ.ආර්. ජයවර්ධන

මෙහිදී කැළණිය මැතිවරණ ආසනය විශේෂ කොට දක්වන්නේ නම් කැළණිය ආසනය මෙරට දේශපාලනයේ කීර්තිමත්ම චරිත කිහිපයකට ශක්තිය හා වාසනාව ලබා දුන් ජය බිමක්. ඒ අතර මෙරට කීර්තිමත්ම දේශපාලනඥයින් වන සර්. ඩී.බී. ජයතිලක, ජේ.ආර්. ජයවර්ධන, ආර්. ජී. සේනානායක, සිරිල් මැතිව් ප්‍රමුඛයි.

දේශපාලනයේ සේම කැළණි ගං මිටියාවත වඩාත් පොහොසත් සමාජ- ආර්ථික හා සංස්කෘතික උරුමයන් රැසකට හිමිකම් කියනවා. ඒ අතර කැළණි ගංගා මිටියාවතේ සහ සියනෑ කෝරළය වර්ණවත් කරන ආගමික විවිධත්වය හා සහජීවනය ප්‍රමුඛයි. ඓතිහාසිකව සිංහල බෞද්ධ ජනතාව සේම කතෝලික සහ ඉස්ලාම්භක්තිකයින් ද හිනිදු භක්තිකයින් ද මේ බිමේ මහත් සහජීවනයෙන් සහ අනෝන්‍ය විශ්වාසයෙන් ජීවත් වෙනවා. ඔවුන් රටේ සමස්ත ආර්ථික, දේශපාලන, සමාජයීය හා සංස්කෘතික වටිනාකම්වලට එක් කරන්නේ අතිශය ශක්තිමත්භාවයක්.

කැළණි ගං මිටියාවතේ අභිමානවත් දේශපාලන උරුමයක්

යූ. ජෝර්ජ් පෙරේරා මහතාගේ පියා වන දිවංගත යූ.එස්.පෙරේරා

මෙවන් සුවිශේෂ බිමකයි යූ. ජෝර්ජ් පෙරේරා නමින් ඔබ සැම හදුනන, දන්නා කියන ඔබේ හිතවත් දේශපාලනඥයා බිහි වන්නේ.

හතු පිපෙන ආකාරයෙන් දේශපාලකයින් බිහි වන රටේ, පොදුජනතාව ‘පැරෂුට්කාරයින්‘ ලෙස ඔවුන්ව අපහාසයට – උපහාසයට ලක් කරන රටේ යූ. ජෝර්ජ් පෙරේරා සැලකෙන්නේ අක්මුල් ඇති, අඛණ්ඩ හා ගෞරවණීය දේශපාලන උරුමක් ඇති පරපුරක වත්මන් පුරකක් ලෙසයි.

යූ. ජෝර්ජ් පෙරේරා මහතාගේ සීයා වන අධි නීතීඥ දිවංගත යූ.එල්.පෙරේරා මැතිතුමා කැලණිය ගම් කාර්ය සභාවේ සභාපති ලෙස කටයුතු කළ, කැළණියට සුවිශාල සේවයක් ඉටුකළ කීර්තිමත් දේශපාලනඥයෙක් වගේම සමාජ සේවකයෙක් වශයෙන් ජනතාවගේ නොමද ගෞරවාදරයට ලක් වූ නොකැළැල් දේශපාලනඥයෙක්.

තම පියාගේ අඩිපාරේ ගමන් කළ යූ. ජෝර්ජ් පෙරේරා මහතාගේ පියා වන දිවංගත යූ.එස්.පෙරේරා මැතිතුමා බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකු වශයෙන් හා හිටපු කැලණිය එ.ජා.ප ප්‍රධාන සංවිධායකවරයෙකු ලෙස කටයුතු කළ කීර්තිමත්දේශපාලනඥයෙක්. ඔවුන් ජනතාව වෙනුවෙන් ඉටුකළ සේවය, කළ කැප කිරීම් අදත් වැඉිහිටි ජනතාව අතර අමරණීය මතකයන් ලෙස තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂ රජයේ ප්‍රබල ඇමතිවරුන් වූ සරත්චන්ද්‍ර රාජකරුණා, ජෝෂප් මයිකල් පෙරේර සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා (ඉහළ)
යූ. ජෝර්ජ් පෙරේරා මහතාගේ විවාහ මංගල්‍ය දා… ශ්‍රී ලංකාවේ හිටපු ජනපති ආර්. ප්‍රේමදාස මහතා සහ හිටපු ජනාධිපති ඩී.බී. විජේතුංග මහතා (එවකට අගමැති) මෙම මංගල්‍ය්‍යට අත්සන් කරන අයුරු. (මැද) කීර්තිමත් දේශපාලනඥයෙකු වූ ඔසී අබේගුණසේකර මහතා ජෝර්ජ් සමග…

බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, සමගි ජන බලවේගයේ මහර ආසනයේ ප්‍රධාන සංවිධායක යූ. ජෝර්ජ් පෙරේරා මහතා පන්නරය ලබන්නේ, ශක්තිය ලබන්නේ, ආශිර්වාදය ලබන්නේ තම ආදරණීය සීයාගේ සහ පියාගේ කීර්තිමත් දේශපාලන හා සමාජයීය ජීවිතයෙන් සහ ඔවුන් ජනතාව අතර තබා ගිය අවංක පිළිගැනීමෙන් මිස මැර බලයෙන්, ධන බලයෙන් හෝ ඊනියා මාධ්‍ය බලයෙන් නොවෙයි.

එහෙත් මෙහිදී ඔබගේ අවධානය යොමු විය යුතු වැදගත්ම කරුණ වන්නේ ජෝර්ජ් පෙරේරා ‘හුදු පවුල් උරුමයේ අනුහසින් දේශපාලනයේ යෙදෙන අයෙකු නොවන බවයි. ගම්පහ දිස්ත්‍රික්කයේ, විශේෂයෙන් කැළණි ගංගා මිටියාවතේ සහ සියනෑ කෝරළයේ පක්ෂ – විපක්ෂ සියලු දෙනා ඔහුව සලකන්නේ ‘ජනතාව සමග රැදෙමින්, ඔවුන් වෙනුවෙන් දේශපාලනය කරන, ඔවුන්ගේ අවශ්‍යතා සහ හඩ නියෝජනය කරන ‘අවංක‘ දේශපාලනඥයෙකු ලෙසයි.

එය කිසිසේත් පවුල් උරුමය හෝ වෙනත් ඍණාත්මක ශක්තීන් මත බිහි වූ ප්‍රසාදයක් හෝ ජනබලයක් නොව ඔහු විසින් ම අපමණ වෙහෙස මහන්සියෙන් හා මහත් කැපවීමෙන් උපයා ගත් ශක්තියක්.

යූ.ජෝර්ජ් පෙරේරා නම් පොදුජන මිනිසා

මුලින් සදහන් කළ ආකාරයෙන් යූ. ජෝර්ජ් පෙරේරා පවුලෙන් ලැබූ දේශපාලන පන්නරය සහ අත්දැකීම් මත තම දේශපාලන ජීවිතය නිර්මාණය කර ගත් දේශපාලනඥයෙක්.

ඔහු කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු, ප්‍රාදේශීය සභා උප සභාපතිවරයෙකු, ප්‍රා.දේශීය සභාවේ විපක්ෂ නායක, බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙක්, මහර ආසනයේ හිටපු ප්‍රධාන සංවිධායක,  ගම්පහ දිස්ත්‍රික් එ.ජා.ප සංවිධායක හා බස්නාහිර පළාත් සභාවේ 4 වන හා 5 වන පළාත් සභාවල විපක්ෂයේ ප්‍රධාන සංවිධායක වශයෙන් ද වසර 29ක් අපරාජිත මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළා.

කිසිදු අවස්ථාවක දේශපාලන වරප්‍රසාද, බලපෑම්වලට යට නොවී තමන් බලයට පත් කළ ජනතාවට සහ පක්ෂයට යුක්තිය ඉටු කළ යූ. ජෝර්ජ් පෙරේරා ඒ අදීනකම, අවංකකම හා නිර්භීතභාවය නිසා දිනෙන් දින ජනතා ප්‍රසාදය හා කැමැත්ත දිනා ගත්තත් ඔහුට එවකට බලයේ සිටි කිසිදු බලවතෙකුගෙන් බලපෑම්, පීඩා මිස යුක්තිය ඉටු වුණේ නැහැ

එය එක්සත් ජාතික පක්ෂය ආණ්ඩු බලය හෙබ වූ යුගයන් හි ද සිදුවීම දෛවෝපගත සිදුවීමකට වඩා ජෝර්ජ් පොරේරාගේ ශක්තිය හා අවංකභාව, අදීනත්වයට ලබා දුන් සහතිකයක් වශයෙන් සැලකිය හැකියි.

ප්‍රවීන සිනමා නළු රවින්ද්‍ර රන්දෙණිය මහතා සමග
හිටපු ජනපති ජේ.ආර්. ජයවර්ධන මහතා (ඉහළ) සහ හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය සමග

ජෝර්ජ් පෙරේරාගේම වචනවලින් කියන කතාව

ඉහතින් සදහන් කළ සියලු දේ අතර යූ. ජේර්ජ් පෙරේරා මහතා විසින් ම තමා ගැන කියන කතාවක් තිබෙනවා. හුදු පම්පෝරි ගැසීමක් නොවන ඒ කතාව මෙසේයි,

‘‘වසර 29 පුරාවට ඇදී එන මාගේ අඛණ්ඩ දේශපාලන දිවියේ සියළු අභියෝගයන්ට මුහුණ දෙමින් 2015 ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සමග අනෙකුත් පක්ෂ වලත් පොදු අපේක්ෂක වශයෙන් ඉදිරිපත් වු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වශයෙන් තෝරා පත් කර ගැනීමට මාගේ උපරිම ශක්තිය හා සහයෝගය ලබා දුනිමි. එම ජයග්‍රහණයෙන් අනතුරුව 2015 පාර්ලිමේන්තු මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් වූයේ ආසාන සංවිධායක ධුරයක් පවා නොමැතිවය.  මාගේ පියාගෙන් (කැලණිය හිටපු එ.ජා.ප.සංවිධායක දිවංගත යූ.එස් පෙරේරා මැතිතුමා) පසු කැලණිය ආසනයේ සංවිධායක ධූර හෙබවූ දිවංගත ප්‍රදීප් හපන්ගම මැතිතුමා, හිටපු අමාත්‍ය දිවංගත අතුල නිමලසිරි ජයසිංහ මැතිතුමා, හිටපු අමාත්‍ය දිවංගත සුරනිමල රාජපක්ෂ මැතිතුමා හා ටී.බෙවන් පෙරේරා මැතිතුමා, සමග එ.ජා.ප.අලියා සලකුණ යටතේ සෑම මැතිවරණයකටම ඉදිරිපත් වී එහිදී කැලණිය ආසනයේ වැඩිම ඡන්ද ප්‍රමාණය ලබා කැලණිය ආසනයේ එ.ජා.ප.යේ ප්‍රථමයා බවට පත් වූ බව සිහිපත් කරනුයේ නිහතමානීවය.

  • 2020 මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරග කර මනාප ඡන්ච 30,000කට අධික ප්‍රමාණයක් ලබා ගැනීම.
  • 2015 පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්ද 50,000 කට ආසන්න ප්‍රමාණයක් ලබා ගැනීම හා එහිදී කැලණිය ආසනයේ එක්සත් ජාතික පක්ෂ ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය  ලබා ගැනීම
  • බස්නාහිර පළාත් සභාවේ එ.ජා.ප. ජේෂ්ඨතම මන්ත්‍රීවරයා වීම.
  • බස්නාහිර පළාත් සභාවේ ගම්පහ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයේ දැනට සිටින මන්ත්‍රී කණ්ඩායමේ ප්‍රථමයා වීම.
  • කැලණිය ප්‍රා. සභා මන්ත්‍රීවරයෙකු, ප්‍රා.සභා උප සභාපතිවරයෙකු, ප්‍රා. සභාවේ විපක්ෂ නායක, බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙක්,  මහර ආසනයේ හිටපු ප්‍රධාන සංවිධායක,  ගම්පහ දිස්ත්‍රික් එ.ජා.ප සංවිධායක හා බස්නාහිර පළාත් සභාවේ 4 වන හා 5 වන පළාත් සභාවල විපක්ෂයේ ප්‍රධාන සංවිධායක වශයෙන් ද වසර 29 ක අපරාජිත මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීම.
  • මාගේ සීයා වන අධි නීතීඥ දිවංගත යූ.එල්.පෙරේරා මැතිතුමා කැලණිය ගම් කාර්ය සභාවේ සභාපති ලෙස කටයුතු කර තිබීම.
  • මාගේ පියා දිවංගත යූ.එස්.පෙරේරා මැතිතුමා බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකු වශයෙන් හා හිටපු කැලණිය එ.ජා.ප ප්‍රධාන සංවිධායකවරයෙකු ලෙස කටයුතු කර තිබීම .
  • ආසන සංවිධායක ධුරයන් හොබවන සංවිධායකවරුන් පවා පරාජය වු මැතිවරණ අවස්ථාවන් වලදි මාගේ ජයග්‍රාහණය තහවුරු වීම මාගේ දක්ෂතාවයට වඩා මා වටා හැමදාමත් සිටින ජනතා මතය බව සිහිපත් කරනුයේ හදවතින් නැගෙන ගෞරවයකිනි.

තවද අප පක්ෂයේ ඉතාමත් කටුක අවස්ථා වලදි ජිවිත තර්ජනයන් පවා නොතකා, (සිරි ගෙවල් වල පවා ගොස්) මැර දේශපාලකයන් සිටි කැලණිය ආසනයේ එක්සත් ජාතික පාක්ෂිකයන් ආරක්ෂා කරමින් මුහුණ දුන් අවස්ථාවන් සිහිපත් කරමි‘

දේශපාලන හැරවුම් ලක්ෂයක්

තම ජීවිත කාලයම එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජාතික පාක්ෂිකයින් වෙනුවෙන් කැප කළ යූ. ජෝර්ජ් පෙරේරා වැනි තරුණ, අදීන හා ජනතාවාදී දේශපාලනඥයින්ට ගමන් කළ යුතු මාවත කිසිසේත් සුමට සුමුදු බාධා රහිත මාර්ගයක් නොවෙයි. ඒ නිසාම ඔවුන් බොහෝ විට බැට කෑමට සිදුවන්නේ, කොන් කිරීමට, නොසලකා හැරීමට ලක් වන්නේ තමන් නියෝජනය කරන, ශක්තිය දෙන පක්ෂ නායකත්වයෙන් වීම දේශපාලනයේ සැබෑ කතාවක්.

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග

ජෝර්ජ් පසුගිය කාලය පුරාම අඛණ්ඩව එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායකයා යැයි කියා ගන්නා රනිල් වික්‍රමසිංහ මහතාගෙන් දැඩි සේ බැට කෑ තරුණ දේශපාලනඥයෙක්. රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකත්වයට පත් වූ දා සිට අඛණ්ඩව දේශපාලන පළිගැනීම්වලට ලක් වූ තරුණ දේශපාලනඥයින් අතර ජෝර්ජ් ඉදිරියෙන්ම සිටිනවා.

එහෙත් අවසානයේ, එනම් 2019 වර්ෂයේ ජනාධිපතිවරණයෙන් පසු ජෝර්ජ් පෙරේරා ඇතුළු එජාප නායකත්වයෙන් අඛණ්ඩ බැට කෑ තරුණ දේශපාලනඥයින් දැඩි තීන්දුවක් ගන්නේ තම දේශපාලන අනාගතයට වඩා රටේ, එක්සත් ජාතික පාක්ෂිකයින්ගේ අනාගතය හා ඔවුන්ට ඉටුවිය යුතු යුක්තිය ගැන වඩාත් සංවේදී හැගීමෙන්.

පසුගිය 2020 මහ මැතිවරණයෙන් අන්ත, නින්දාසහගත පරාජයක් ලැබූ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රාජකීය කල්ලිය තව දුරටත් අඛණ්ඩව එක්සත් ජාතික පක්ෂයේ බලය අල්ලාගෙන සිටිම තුළ රටත්, ජනතාවත් දැවැන්ත පීඩාවට පත් වෙනවා සේම ජනතාව තව තවත් රාජ්‍ය මර්ධනයට ලක්වන බව දුටු එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු අති බහුතරයක් එක්සත් ජාතික පක්ෂයේ සියලු තලයන් නියෝජනය කරන මන්ත්‍රීවරුන් මෙන්ම එක්සත් ජාතික පාක්ෂිකයින් ද නව යුගයක්, ජනතාවාදී දේශපාලනයක් ගැන මහත් විශ්වාසයෙන් ‘සමගි ජන බලවේගය‘ බිහි කර ඒ වටා ගොනු වෙමින් සිටිනවා.

එක්සත් ජාතික පක්ෂය දශක තුනකට අධික කාලයක් ශක්තියක් හා බලයක් වුණ යූ. ජෝර්ජ් පෙරේරා මහතා සියයට 99ක් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ දේශපාලනඥයින් හා පාක්ෂිකයින් ගත් මග අනුව යමින් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයට ශක්තියක් වී සිටිනවා.

අද, වර්තමානයේ ඔහු සමග ජන බලවේගයේ මහර ආසනයේ ප්‍රධාන සංවිධායකවරයා බවට පත්ව සිටිනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රබල මැතිවරණ කොට්ඨාශයක් වන මහර ආසනයේ ප්‍රධාන සංවිධායක ධුරයෙන් පිදුම් ලැබීම ජෝර්ජ් පෙරේරාගේ දේශපාලන ගමන්නේ ස්වර්ණමය අවස්ථාවක් බවට පත් වෙනවා.

එදා යූ. ජේර්ජ් පෙරේරා ඇතුළු තරුණ දේශපාලනඥයින්ගේ, එක්සත් ජාතික පාක්ෂිකයින්ගේ පමණක් නොව රටේම අනාගතය විනාශ කළ එජාප නායක රනිල් වික්‍රමසිංහ අද දේශපාලන අනාථයෙක් බවට පත්ව සිටිනවා. ඔහුගේ කල්ලියත් දේශපාලන අනාථයින් බවට පත්ව සිටිනවා. එය දෛවෝපගත සිදුවීමකට වඩා මේ රටේ බුද්ධිමත් ජනතාව, විශේෂයෙන් එක්සත් ජාතික පාක්ෂිකයින් සංවිඥානිකව ගත් ඓතිහාසික තීන්දුවක් වශයෙන් සැලකිය හැකියි.

මේ තත්ත්වය තුළ යූ. ජෝර්ජ් පෙරේරා වැනි කෘතහස්ත දේශපාලනඥයින්ගේ, ජනතාවට සමීප පොදුජන මිනිසුන්ගේ අගය තව තවත් වැඩි වර්ධනය වෙමින් තිබෙනවා. ඔවුන්ගේ සේවය තව තවත් රටට – ජාතියට අවශ්‍ය බව තහවුරු වෙමින් තිබෙනවා.

දැන් සමගි ජන බලවේගය ශක්තිමත් සහ සංවිධානාත්මක පක්ෂයක් බවට පත්ව තිබෙනවා. යූ. ජෝර්ජ් පෙරේරා වැනි ජනතාවාදී නායකයින් එහි ප්‍රමුඛයින් බවට පත්ව තිබෙනවා. ඒ කියන්නේ රටේ අනාගතය යළි ලියන්න පුළුවන් යුගයක් කඩිනමින් බිහි වන බවයි.

අප ඔබගෙන් ඉල්ලා සිටින්නේ මේ පොදුජන මිනිසා තව තවත් ශක්තිමත් කරන ලෙසයි. ඔහුගේ කැපවීමට – දැක්මට ශක්තියක් වන ලෙසයි. මන්ද ඔහු ඔබව පවා නොදුන්, අවමානයට පත් නොකළ සැබෑම දේශපාලනඥයෙක්. රටක් එළිය කළ හැකි දේශපාලනඥයෙක්.

සටහන – රුවන් ලොකු විතානගේ

Recommended For You

About the Author: Editor