‘Shelter’ – ලොව වටා ඡායාරූප

ලංකාවේ අන්තර්ජාල අඩවි හුදු දේශපාලන ඕපාදූප සහ මඩවලට සහ මිත්‍යා මතවලට වැඩි ඉඩක් යොමු කරන විට ජාත්‍යන්තර වෙබ්අඩවි සිය පාඨකයින්ට අපූර්වත්වයක් සහ වින්දනයක් ලබා දෙනවා. ඔවුන්ගේ අත්දැකීම්වල වේදිකාවක් සපයනවා.

මේ බී.බී.සී වෙබ්අඩවිය ‘‘නවාතැන්” යන තේමාව යටතේ ලොවපුරා පාඨකයින්ගෙන් ලබාගත් ඡායාරූප එකතුවකි. ලංකාවේ අපටත් මෙවැනි අත්දැකීමක් ලබාගත හැකි නම් !

වැවකින් වැගිරෙයි
පෝල් ග්‍රැනහාන්: “ග්‍රීක දූපතක් වන කෝර්ෆු දූපතේ කොරිෂන් විල අසල මෙම අපූුරු දැවමුවා නිවාසය පිහිටා ඇත.
බස් නැවතුම්පොළක මිනිස්සු
රොබී බර්න්ස්ටයින්: “කැනඩාවේ ටොරොන්ටෝහි පිහිටි මෙම බස් නැවතුම්පොළ පෙබරවාරි සීතලෙන් ඉතා සුළු ආරක්ෂාවක් සපයයි.”
ලන්ඩනයේ බැංකු ස්ථානය
කොනර් ඩොනලි: “මම [ලන්ඩනයේ] උමං මාර්ගයක් හරහා යමින් සිටියදී, තෙත් සහ සුළං සහිත උදෑසනක මිනිසුන් කුඩ යට රැකවරණය ලබන අයුරු මම දුටුවෙමි.”
බීගල්
මයිකල් ෂ්වාස්: ” බීගල් ‘වර්ගයට අයත් මෙම බලු පැටියා – කිම්බර්ලි’ මගේ බිරිඳගේ කකුල් පිටුපස රැකවරණය ලබන අයුරු
තාපස කකුළුවා
ගේබ්‍රියෙලා ඩෙල්සින් පයර්ස් මෙම ඡායාරූපය ගත්තේ බ්‍රසීලයේ ෆ්ලොරියානාපොලිස් හි පැන්ටානෝ ඩෝ සුල් හි වෙරළ තීරයේ දී ය
ලී කූඩාරමක බල්ලා
ජේන් බ්ලැන්: වනාන්තරවල සංචාරයේ යෙදෙන විට මෙවැනි නවාතැන් පොළවත් අටවා ගැනීම නිතර සිදුවේ. එවැනි අවස්ථාවක මෙ සුනඛයා කොතරම් නිසංසලේ නවාතැන් ගෙන සිටී දැයි සිතා බලන්න.
ප්‍රදීපාගාරය
ජෑන් පෙඩී: “නිව් බ්‍රයිටන් ප්‍රදීපාගාරය, කුණාටු සහිත රළ පහරින් ආරක්ෂා වීමකි.”
සෙල්ලම් බැටළුවන්
ඇන්ජෙලා පැරී: “අගුළු දැමීම නිසා සෙල්ලම් කිරීමට ඇති තරම් කාලය ලැබුණා. මේ සෙල්ලම් බැලුවා එයට සහභාගී වූ එක් මිතුරෙක් පමණයි.
බස් නැවතුම්පොළක බැටළුවන්
පෝල් ඊ ටර්ස්නර්-අප්කොට්: බස්රථවල ගමන් කරන්නේ මිනිසුන් පමණයි. ඒත් මෙයා ?
ලේඩිබෝඩ්
ෂව්නා වෝර්බර්ටන්: මගේ ගෙවත්තේ මෙම පොපිමල පිපුණේ පසුගිය ශීත කාලයේ. ඒත් බලන්න එහි ඇතුළත.
නැව මුහුදුබත් වූ මාළු
කැරන් හම්ෆ්රි: “එක්සත් රාජධානියේ මුහුදු තීරයේ ගලී ගිය නැවක සුන්බුන් අතර නිවසක් තනාගෙන සිටින මේ මාළුවා ඇත්තටම සුරක්ෂිතයි.
ආවරණයක් යටතේ බල්ලා
ඈන් ඇන්ටනොපොලූ: “අපේ පාර්සන් රසල් ටෙරියර් ස්නූපීගේ නව ගුහා ඇඳ දැන් පැමිණ ඇති අතර ඔහු එයට ආදරය කරයි, විශේෂයෙන් පෙබරවාරි මස මුලදී එඩින්බරෝ හි පැවති මෙම සීතල කාලගුණය තුළ ඔහු එළියට පැමිණීම ප්‍රතික්ෂේප කරයි.”
ලේඩි කුරුල්ලන්
අජේම්ස් බුටෙන්ෂෝ: “ලේඩි බර්ඩ් කුරුමිණියන් හර්ට්ෆර්ඩ්ෂයර් හි ඉරිඟු පිට්ටනියක් අසල පැරණි වැට කණුවක මුදුනේ නවාතැන් ගෙන සිටී”
තැළුණු පැල්පත
ජෝර්ජ් පැගෝනිස් ෆාරෝ දූපත්වල මෙම ගොඩනැගිල්ල ඡායාරූප ගත කළේය.
පවුලේ අය බස් නැවතුම්පොළක
ලී බර්ටන්: “වෙස්ටන්හි මුහුදු වෙරළට ඉහළින් හමන මුහුදු සුළගින් රැකවරණය ලබන මගීන් තිදෙනෙක් සමාජ දුරස්ථභාවය ද රැකගෙන සිටින අයුරු.

බී.බී.සී

Recommended For You

About the Author: Editor