මානව හිමිකම් සභාවේ ඉදිරි සැසියට උපදේශනයක්

පාත්ෆයිඩර් පදනමේ දෘෂ්ටි කෝණය

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාවේ 46 වැනි සැසිවාරය මාර්තු මස අගභාගයේදී පැවැත්වීමට නියමිතය.

2015 වසරේ ගෙන එන ලද මතභේදාත්මක 30/1 යෝජනා සම්මතය  පිළිබඳ විවාදය නව මුහුණුවරකින් යළි ආරම්භ වී තිබේ. 30/1 යෝජනා සම්මතය යනු යහපාලන රජය විසින් සම හිමිකාරීත්වය දරන ලද අඥාන පියවරකි. එයට හේතුව, 2015 දී සම්මත කරගන්නා ලද 30/1 යෝජනා, මෙම වසරේදී කල් ඉකුත් වීමත්, බටහිර යුරෝපා රටවල් පහක් නියෝජනය කරන ඊනියා මූලික කණ්ඩායම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාව ඒ සඳහා පොළඹවනු ලැබීමත්ය. පවතින තත්ත්වය විග්‍රහ කරගැනීමට සහ මෙතැනින් ඔබ්බට ගමන් කරන දිශාව තීරණය කිරීමටත් මෙකී මුලික කණ්ඩායමට මෙවර සිදුවනු ඇත.    

30/1 යෝජනාවන්හී අන්තර්ගතය හා එහි ආකෘතිය පැත්තෙන් සලකන විට එය විශිෂ්ට පබැදීමක් බව ඕනෑම විද්වතෙකු පිළිගනු ඇත. 30/1 යෝජනා සම්බන්ධයෙන් තද විවේචනශීලියෙකු පවා එය දුෂ්කර තත්වයක් තුළ ගනු ලැබූ තීරණයක් බව පිළිගන්නට ඉඩ තිබේ. අභ්‍යන්තර කටයුතු වලට තියුණු ලෙස බලපාන, ව්‍යවස්ථා විරෝධී හා ක්‍රියාත්මක කළ නොහැකි, තමන්ටම බලපෑමක් වන, එක්සත් ජාතීන්ගේ යෝජනා මාලාවක සම කර්තෘත්වය, ස්වෛරී හා ස්වාධීන යයි පිළිගන්නා රටක් විසින්, එම මානව හිමිකම් සභා ඉතිහාසය තුළ ගත් පළමු අවස්ථාව මෙය විය හැකිය.

ඉතිහාසගත වන තවත් කරුණක් තිබේ. එනම්, එම යෝජනා සම්මතය තුළ අභ්‍යන්තර රාජ්‍ය පාලනය හා සම්බන්ධ කරුණු රැසක් ගැබ්වීමයි. සාමාන්‍යයෙන්, අභ්‍යන්තර රාජ්‍ය පාලනයට අදාල කරුණු එම යෝජනාවල කර්තෘත්වය දැරූ සාමාජික රට වන ශ්‍රී ලංකාවේ ජාතික නීතිමය අධිකාරි බලය තුළ පවතින  බව සැලකේ. සාමාජික රාජ්‍යයක් විසින් තමන් මතම පටවාගත් එවැනි ක්‍රියාමාර්ගයක් පිළිබඳ නිදර්ශනයක් මෙයට පෙර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තා වී නැත.

මෙයට පෙර, 2017 වසරේ  දී පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාවේ 34වන සැසිවාරය ආසන්නයේදී ද, පාත්ෆයින්ඩර් පදනම, මෙම යෝජනා නැවතත් සාකච්ඡාවට භාජනය කරන්නැයි එවකට පැවැති රජයෙන් ඉල්ලා සිටියේය. ශ්‍රී ලංකාවේ පවතින යථාර්ථය සලකා බලා යළිත් එම කාරණා සාකච්ඡා කළ යුතු බවද, හුදු කල් ඉල්ලාගැනීමක් නොවිය යුතු බව ද සදහන් කරණ ලදි.  
අන් කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී රටක ආණ්ඩුවක්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාවේ යෝජනා මාලාවකට අනුග්‍රහය දැක්වීමෙන් පසු දැවැන්ත මැතිවරණ පරාජයකට හේතු වූයේ නැත.

යෝජනාව ඉතිහාසයට එකතු කරන තවත් වැදගත් හේතුවක. සෑම වසරකම මෙම කාලයේදී ශ්‍රී ලංකාවට අතපෙවීමට උත්සුක වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාව හා එයට සමගාමී සෙසු ජාත්‍යන්තරයන් විසින් තේරුම් ගත යුතු ගැඹුරු යථාර්ථයක් තිබේ.  එනම් මෙවැනි යෝජනා ඔස්සේ බලපෑම් කිරීමට උත්සාහ කරන්නේ  දකුණු ආසියාවේ පැර‚තම ප්‍රජාතාන්ත්‍රික රාජ්‍යයන් දෙකක් අතරින් එකකය.

ශ්‍රී ලංකාව පිළිබඳ සීමිත අවබෝධයක් ඇති රාජ්‍යයන් කණ්ඩායමක් විසින් මුලපුරනු ලැබූ මෙම යෝජනාවලට එරෙහිව දෙස් විදෙස් මතවාදයක් ගොඩනැගිණි. එය ස්වෛරී රාජ්‍යයකට කරන ලද බලහත්කාරී අතපෙවීමක් ලෙසය. ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනය සම්බන්ධ කාරණා රැසක් අධීක්ෂණය හා විනිශ්චය, සදහා දුරස්ථව පිහිටි ජිනීවා හි ලේකම් කාර්යාලයකට භාරදීම අනියම් බලකිරීමක් ලෙස සැලකිණි. ශ්‍රී ලංකාව විසින් විසඳුම් සෙවිය යුතු පශ්චාත් ගැටුම් සහිත අභියෝග රැසක් ගොඩගැසී ඇති බව පිළිගත් දෙස් විදෙස් පිරිස් පවා කල්පනා කළේ, 30/1 යෝජනා, මානව හිමිකම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහයෝගය ප්‍රවර්ධනය කිරීමේදී නිර්මාණය කරන ලද වැරදි ආකෘතියක් බවයි. එම යෝජනා මාලාවේ තිබුණු ඇතැම් විධිවිධාන වෙනත් රටවල දී අසාර්ථක වූ ඒවාය. උදාහරණයක් ලෙස දෙමුහුන් අධිකරණ ක්‍රමය මෙයට පෙර කාම්බෝජයේදී අසාර්ථක විය.

විදේශ විනිශ්චයකාරවරුන් පත්කිරීම වැනි ඇතැම් කරුණු ව්‍යවස්ථා විරෝධී සහ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැකි ඒවාය. රාජ්‍ය පාලනය සම්බන්ධ මෙම ක්‍රියාවලිය අධීක්ෂණය කිරීම පැවරුණේ කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලයට හා ජිනීවාහි ලේකම් කාර්යාලයකට බව පෙන්වා දිය යුතුය. මෙකී සියල්ල එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට පටහැණිය. එහෙත්, ශ්‍රී ලංකාව පිළිබඳ වැරදි උපදෙස් මත කටයුතු කළ, මෙරට මානව හිමිකම් පිළිබද සලකා බැලු බටහිරට නැඹුරු කණ්ඩායමට ඒ ගැන නිසි හැඟීමක් නොතිබිණී.

ආණ්ඩු වෙනසකට පවා තුඩුදිය හැකි ජාත්‍යන්තර නීති හා ආයතන සම්බන්ධයෙන් ගන්නා ලද මෙවැනි අත්තනොමතික හා නවෝත්පාදන, යෝජනා පිළිගතයුතු හොද ආකෘතියක් නොවේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාව සමග කටයුතු කිරීම සඳහා, සංවර්ධනය වෙමින් පවතින රටවල් ඇතුළු ලෝකයේ රාජ්‍යයන් දිරිගැන්වීම හා පෙළඹවීම ගැන එම සභාව බැරෑරුම් ලෙස සිතන්නේ නම්, මෙවැනි ආදර්ශ ඉදිරියේ දී අනුගමනය නොකළ යුතුය. දෘඪ හා ස්වාධීන වගවීමේ ක්‍රියාවලියක් දේශියව නිර්මාණය කිරීම හා යෝජනාවක් සඳහා යහපත් උපදෙස් ලබාදීම ඒ වෙනුවට, කළ යුතුය. තාක්ෂ‚ක සහාය සම්බන්ධ ජාත්‍යන්තර සහයෝගය, උපදේශන සේවා, යහ භාවිතාවන් යනාදිය මානව හිමිකම් සභාව විසින් අවශ්‍ය අවස්ථාවන්හිදී ලබාදිය යුතුය.

පාත්ෆයින්ඩර් පදනමේ උපදේශය හා, පිළිගැනීම, එවැනි ක්‍රියාමාර්ග මිස, කිසිසේත්ම වෛරී ක්‍රියා පටිපාටි නොවේ. සුදුසු ක්‍රියාවලියක පහත දැක්වෙන ලක්ෂණ තිබිය යුතුය:    

එය ක්‍රියාත්මක විය යුත්තේ සාමාන්‍ය ජාතික හා ජාත්‍යන්තර සම්මත පටිපාටියක් තුළය¦
– එක්සත් ජාතීන් ගේ සංගමය සමග සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා එවැනි සේවා    සෙසු රාජ්‍යයන්හට ආදර්ශයක් විය යුතුයි¦
– සහයෝගයෙන් කටයුතු කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන රටවල් අධෛර්යවත් නොකරන ආදර්ශයක් විය යුතුය.
මෙම තත්ත්වය තුළ, අලූත් ජන වරමක් සහිතව 2020 වසරේදී බලයට පත් මෙරට ආණ්ඩුවේ විදේශ අමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාවේ 45 වන සැසිවාරයේදී, 2015 වසරේ අනුමත කල 30/1 යෝජනා වලට දක්වන ලද සම අනුග්‍රාහකත්වයෙන් ඉවත්වීම ගැන පුදුම විය යුතු නැත.  

මීළඟ පියවර කුමක්ද?

  • ශ්‍රී ලංකාව සම්බන්ධ වගවීමේ හා සංහිඳියා ක්‍රියාදාමය අවසන් වී තිබේද? එයට දිය හැකි පිලිතුර නම් zzපැහැදිලිවම නැතZZ යන්නය.  
  • දුෂ්කර හා සංකීර්ණ ප්‍රශ්න තිඛෙන රටවල් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාව සමග සහයෝගයෙන් කටයුතු කිරීම දිරිගැන්වීමට හේතු වන පරිදි ඔවුන් කෙරෙහි විශ්වාසය තහවුරු හා  ශක්තිමත් කරගැනීමට එම සභාව සමත් වූවාද?  පැහැදිලිවම නැත.
  • ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී සහයෝගයෙන් කටයුතු කරන, යහපත් අතීත වාර්තා තිඛෙන රටවල්, මෙවැනි, බලහත්කාරී හා රාජ්‍ය ව්‍යවස්ථාවන්ට පටහැ‚ ක්‍රියාමාර්ග හමුවේ තවදුරටත් එසේ සහයෝගයෙන් කටයුතු කරන්නට ඉඩ තිබේද? පැහැදිලිවම නැත.

වර්තමාන සංදර්භය හා ඉදිරි ගමන

මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරියගේ (්‍යක‍්‍යඍ) පැත්තෙන් සලකා බලන විට, මෙම වසරේ දී ද සිදුවී තිඛෙන්නේ ලංකාව පිලිබද තවත් බරපතල චොදනා සහිත වාර්තාවක් ඉදිරිපත් කිරීම පමණකි. එහි පෙරටත් වඩා බලහත්කාරී නිර්දේශ සහිතය. මේ අතරින් ඇතැම් නිර්දේශ අවුල් සහගතය.

වර්තමානයේ සුලබ, බටහිර වාග් ව්‍යවහාරයන් අතර තිඛෙන ඉලක්ක ක්‍රියාමාර්ග, දේපල රදවාගැනීම වැනි අංශ එම වාර්තාෙවි ඇතුලත්ය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාව සමග සැමවිටම සහයෝගයෙන් කටයුතු කර ඇති ස්වෛරී රටකට එරෙහිව කරනු ලබන එවැනි යථාර්ථවාදී නොවන ප්‍රකාශ නොතකා හැරියත්, දැකිය හැකි තවත් දෙයක් තිබේ. එනම්, මෙම වාර්තාෙවි ඇති අලූත් සොයාගැනීම්, යෝජනා ස`දහා සැබෑ සහයෝගයක් ලබාගැනීමේදී ප්‍රොය්ජනවත් නොවන බවයි. කිසිදු ස්වෛරී රාජ්‍යයක් විසින් මෙවැනි බලහත්කාරී ක්‍රියාමාර්ග පිළිගන්නේ නැත.

මෙකී ක්‍රියාමාර්ග හේතුවෙන් එක්සත් ජාතීන්ගේ මහා සභාවේ ඡන්ද ඛෙදී යනු ඇති අතර ආරක්ෂක කවුන්සිලයේදී නිශේධ බලයට ද ඉලක්ක විය හැක. මෙවැනි ක්‍රියාවලියකින් ඒ හා සම්බන්ධ අනුග්‍රාහකයන් උද්දාමයට පත්විය හැකි වුවද, රටක බිම් මට්ටමේ සැබෑ ප්‍රශ්න ආමන්ත්‍රණය කිරීමේදී, එම යෝජනාවල ඇති ප්‍රායෝගික වටිනාකම ඉතා සීමිතය. නැතිනම් වටිනාකමක් ඇත්තේම නැත.  

ශ්‍රී ලංකා රජය පැත්තෙන් සලකා බලන විට, ඡන්දදායක හැඟීම් හේතුවෙන්, 30/1 යෝජනා සම්මතයේ සම අනුග්‍රාහකත්වයෙන් ඉවත් වුව ද, එවැනි ඉවත්වීමක් මගින් සංහිඳියාව හා වගවීම සම්බන්ධ ශ්‍රී ලංකාවේ වගකීමෙන් ඉවත්වීමක් අදහස් නොවන බව (එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාවේදී ) ශ්‍රී ලංකා රජය පැහැදිලිව ප්‍රකාශ කර තිබේ.  

තම රජය තිරසර සංවර්ධන අරමුණු සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග කටයුතු කිරීම ඇතුළුව ජාත්‍යන්තර වශයෙන් සහයෝගයෙන් ක්‍රියා කිරීමට කැපවී සිටින බව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සදහන් කරන ලදී. මානව හිමිකම්, සාමය හා යුක්තිය සම්බන්ධ කාරණා තිරසර සංවර්ධන අරමුණුවලට අයත්ය. රාජ්‍යයන්ගේ ස්වෛරීභාවය හා ස්වාධීනත්වය පිළිනොගන්නා හා එයට ගරු නොකරන ඕනෑම පියවරක් ප්‍රතික්ෂේප කිරීමට පසුබට නොවන බව තම ප්‍රකාශය අතරතුරම ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාවේ විවිධ විශේෂ ක්‍රියාමාර්ග හා විශේෂ නියෝජිතයන් (ීචැජස්ක ඡරදජැාමරු ඵ්බා්එැි ) ඍ්චචදරඑැමරි) සමග දිගින් දිගටම කාර්යක්ෂම ලෙස කටයුතු කර තිබේ. මෙම නියෝජිතයන්ට මෑත කාලයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට අවස්ථාව නොලැබු‚ නම්, එසේ වූයේ ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්ති වෙනස් වූ නිසා නොවේ.

2020 කෝවිඩ්-19 හේතුවෙන් සමස්ත ලෝකයටම අසාමාන්‍ය වසරක් වූ නිසාවෙන් ආගමන විගමන කටයුතු අඩාල විය. පිළිගත නොහැකි, ඒක පාර්ශ්වීය බලහත්කාරය වෙනුවට ස්වෛරී රාජ්‍යයන් අතර ජාත්‍යන්තර සහයෝගය දිරිගැන්වීම සම්බන්ධයෙන් බැරෑරුම් ලෙස සිතන්නේ නම්, ඉදිරියට යාහැකි අලූත් මාර්ග තිබේ. එවැනි පියවරකින් සාකච්ඡා සදහා සුදුසු වාතාවරණයක් ඇතිකර නොගතහොත්, පාත්ෆයින්ඩර් පදනම කල්පනා කරන පරිදි, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාවේ  අනුග්‍රාහකයන්ට හා ශ්‍රී ලංකාවට ඉදිරි සැසියේදී  සලකා බැලිය හැකි විකල්ප දෙකකි. ඒවා මෙසේය:

  1. මෙතෙක් අත්කරගෙන තිඛෙන ප්‍රගතිය මත පදනම්ව, ශ්‍රී ලංකාවේ වගවීම හා සංහිඳියාව සම්බන්ධයෙන් අඛණ්ඩව කටයුතු කිරීමේ හා ප්‍රශ්න විසඳීමේ අවශ්‍යතාව පිළිගැනීම සහ ( උදා: අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය, වන්දි, පුනරුත්ථාපනය, සමාජ ආර්ථීක නගාසිටුවීම ආදී). අවශ්‍ය අවස්ථාවලදී ජාත්‍යන්තර සහයෝගය පිරිගැනීම. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිරිනමනු ලබන තාක්ෂ‚ක සහාය ද එම සහයෝගයට අයත් වේ.
  2. කෙසේ වෙතත්, ඉටුකළ නොහැකි හා ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට අනනුකූල නොවන විසඳුම් යෝජනා පිලිගැනීමට අනුග්‍රහකයන් විසින් දිගින් දිගටම බලපෑම් කරන්නේ නම් (උදා: 30/1 යෝජනා සම්මතය හා 40/1 යෝජනා සම්මතය), ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභා ක්‍රියාවලියෙන් සම්පූර්ණයෙන්ම ඉවත් විය යුතුය.

අවුරුදු 30 ක් පමණ දිග්ගැසුණු හානිකර ගැටුම් කාලය අතරතුර, (ආරක්ෂාව, දේශපාලනය, රාජ්‍ය තාන්ත්‍රිකභාවය හා ආර්ථීකය වැනි) ප්‍රතිවිරුද්ධ තත්ත්ව තිබියදී පවා, මානව හිමිකම් හා මානුෂීය ආධාර වැනි කාරණා සම්බන්ධව බාහිර සංවිධාන සමග සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබඳ ශ්‍රී ලංකාව මුලු ලොවටම කදිම ආදර්ශයක් දැක්විය. 1998 වසරේදී ශ්‍රී ලංකාවට පැමි‚ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයාගේ විශේෂ නියෝජිත ඔලාරා ඔටුනු පවසා සිටියේ, zදෙමළ ඊලාම් විමුක්ති කොටිZ සංවිධානයේ පාලනය සහිත ප්‍රදේශවලට රජය අඛණ්ඩවම ආහාර, ඛෙහෙත්, සෞඛ්‍ය පහසුකම්, අධ්‍යාපනය හා වෙනත් අත්‍යවශ්‍ය සේවා සැපයීම මගින්  ශ්‍රී ලංකාව මුලු ලොවටම  කදිම ආදර්ශයක් සැපයු බවයි.  

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාව විසින් ක්‍රියාත්මක කළ නොහැකි හා රටක ව්‍යවස්ථාවට පටහැනි නිර්දේශ බලහත්කාරයෙන් පැටවීම හේතුවෙන් කිසියම් සාමාජික රටක් එම සහයෝගී ප්‍රතිපත්තියෙන් ඉවත් වීම ඉතා  කණගාටුදායක කරුණක් බව සදහන් කරන්නට අවශ්‍යය.  
එවැනි තත්වයක් මත, ශ්‍රී ලංකාව හා ඒ හා සමාන අදහස් දරණ රටවල් විසින් එවැනි යෝජනා සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාවේ ඡන්දයකට යොමු කිරීමට ඉඩ කඩ ඇත. එවැනි ඡන්දයකදී දැඩි ඛෙදීම් ඇතිවීමට ඉඩ තිබේ. සුළු බහුතරයකින් යෝජනා අනුමත වුව ද, ශ්‍රී ලංකාව විසින් එම නිර්දේශ නොතකා හරින අවකාශය විවෘතය.

එහි දී තමන්ට පක්ෂව ඡන්දය දෙන රටවල් සමග ද්විපාර්ශ්වීය ආර්ථීක සම්බන්ධකම් තවතවත් ශක්තිමත් කරගැනීමටද ඉඩ තිබේ. එම නිසා, එවැනි යෝජනා මේ දක්වා ඇති වගවීමේ හා සංහිඳියාවේ අවශ්‍යතාවට කිසිදු උපකාරයක් වන්්නේ නැත. අවසානයේ දී චීනය, කියුබාව, ඉන්දියාව, ඊශ්‍රායලය හා එක්සත් ජනපදය වැනි රටවල් විසින් නොතකා හැර තිඛෙන යෝජනා විශාල ප්‍රමාණය අතරට එකතු වන තවත් යොජනාවක් වීමට ඉඩ තිබේ. මෙවැනි යෝජනා එක්සත් ජාතීන්ගේ මහා සභාව වෙත ගෙන ගියද, සිදුවන්නේ  දැඩි ලෙස ඛෙදුණු ඡන්දයකින් පසුව, අවසානයේදී ආරක්ෂක මණ්ඩලයේදී නියත ලෙසම නිශේධ බලයට භාජනය වීමයි.

පාත්ෆයින්ඩර් පදනම විශ්වාස කරන පරිදි, සාර්ථක ඉදිරි ගමනක් තිඛෙන්නේ ශ්‍රී ලංකාව හෝ ඕනෑම යෝජනා සම්මතයක මුලපිරුම්කරුවන් විසින් ගනු ලබන ඒක පාර්ශ්වීය ක්‍රියාමාර්ග තුලින් නොව, සම්මුතියකින් ගන්නා තීරණ මත බවයිි. එවැනි සුභවාදී  පියවරකින් පවතින තීරණාත්මක  සන්ධිස්ථානයෙන් ඉදිරියට ශ්‍රී ලංකාව ගෙන යා හැක. බිම් මට්ටමේදී ක්‍රියාත්මක කළ නොහැකි තවත් ලේඛනයක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාවේ ලේඛන අතරට එක්කිරීමෙන්, මානව හිමිකම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහයෝගය සඳහා ඇති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාවේ මෙවලම් කට්ටලයේ ප්‍රයෝජනවත්කම හෝ විශ්වසනීයත්වය හෝ ශක්තිමත් කරන්නේ නැත. එවැනි යෝජනා සම්මතයක් මගින් සිදුවන්නේ ශ්‍රී ලංකාව පිළිබඳ මූලික අරමුණක සිටින කණ්ඩායම පමණක් ස්වයං තෘප්තියට පත්වීමය.

අවසන් වශයෙන් ශ්‍රී ලංකාව පිළිබඳ සලකා බලන බටහිර මූලික කණ්ඩායම වෙත යොමු කල යුතු ප්‍රශ්නයක් පාත්ෆයින්ඩර් පදනම යෝජනා කරයි. ඔබ විසින් ඔබගේ කාර්යය කරන්නට යන්නේ සාමාජික රටකට අයුතු බලපෑම් කිරීමෙන් හෝ එදිරිවාදීකමක් ඇතිව ද, නැතිනම් සහයෝගයෙන් හා සාකච්ඡාවෙන්ද? යන්නය. එම පියවර ගන්නේ අයුතු බලපෑමේ හා එදිරිවාදීකමින් නම්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාව තුළ දකුණ නියෝජනය කරන, සංවර්ධනය වෙමින් පවතින රටවල් තවත් අර්ථ විරහිත හා බලහත්කාරී යෝජනාවකට ඡන්දය දීමට පෙර ගැඹුරින් කල්පනා කරනු ඇති බව මකත් කළ යුතුය.

(පාත්ෆයින්ඩර් පදනම විසින් මානව හිමිකම් සභාවට උපදේශනයක් පි‚ස නිකුත් කරනු ලබන පාත්ෆයින්ඩර් දෘෂ්ටිකෝණයෙන් සකස් කළ ලියැවිල්ලකි. පාඨක ඔබේ අදහස් පහත දැක්වෙන විද්‍යුත් තැපැල් ලිපිනයට එවන්නේ නම් මැනවි.

Recommended For You

About the Author: Editor