වේග පන්දු පුහුණුකරු ‘ඩේවිඩ් සේකාර්’ ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙසින් කටයුතු කරන ලද ඩේවිඩ් සේකාර් මහතා පෞද්ගලික හේතුවක් මත සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දී සිටියි.

2019 වසරේ දෙසැම්බර් මස 08 වැනිදා සිට අදාළ ධුරයේ රාජකාරි ඇරඹූ  සේකර් මහතා ගෙවී ගිය වසර 2 කට ආසන්න කාලය තුළ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙසින් සේවය කළේය.

Recommended For You

About the Author: Editor