ඔබ විශ්වාස නොකළ යුතු ‘උපත් පාලන පෙති’ පිළිබඳ මිථ්‍යාවන් 5ක්

සෞඛ්‍යය

ලිංගික අධ්‍යාපනය හා ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳ දැනුවත්භාවය නොමැතිකම උපත් පාලන ක්‍රම සහ ඒ හා සම්බන්ධ ඖෂධ පිළිබඳ බොහෝ මතභේද සහ වැරදි වැටහීම් ඇති කරයි. 

මිථ්‍යාවන් සහ වැරදි වැටහීම් මගින් ඇති කළ හැකි බොහෝ අවදානම් තිබේ. නිදසුනක් වශයෙන්, පදනම් විරහිත මතවාදයන් සහ විශ්වාසයන් පිරිමින් සහ කාන්තාවන් විශේෂිත උපත් පාලන ක්‍රමයක් හෝ කිසියම් උපත් පාලන ක්‍රමයක් භාවිතා කිරීමෙන් වළක්වයි. මෙමගින් අවසානයේදී අනවශ්‍ය ගැබ් ගැනීම් සහ අනවශ්‍ය ශාරීරික මෙන්ම මානසික හානියක් සිදුවිය හැකිය. 

කෙසේ වෙතත්, නිසි අධ්‍යාපනයක් සහිත කාන්තාවන්ට පහසුවෙන් සෞඛ්‍ය සම්පන්න ලිංගික හා ප්‍රජනන ජීවිතයක් ගත කළ හැකිය.

උපත් පාලන පෙති වල ඇති ලොකුම වාසිය නම් ඒවා ඉතා ඵලදායී වන අතර නිවැරදිව භාවිතා කරන විට ඉහළ සාර්ථකත්ව අනුපාතයක් තිබීමයි. වෙනත් වාසි අතර සාමාන්‍ය ඔසප් චක්‍ර සහ සැහැල්ලු ප්‍රවාහ ඇතුළත් වේ. 

කෙසේ වෙතත්, දිනකට එක් පෙත්ත බැගින් ගැනීමේ අනිවාර්ය අවශ්‍යතාවය සමහර කාන්තාවන්ට වෙහෙසකර බවක් පෙනෙන්නට ඇති අතර ඒවා ගැනීම අතපහසුවීමේ හැකියාව වැඩිය‍. නියමිත පරිදි ගත යුතු පෙති මඟ හැරුණු විට එය අසාර්ථක වීමේ සම්භාවිතාව ඉහළය. 

එමනිසා, උපත් පාලන ක්‍රම දැනුවත්ව හා පරිස්සමින් භාවිතා කරන අතරම කාන්තාවන් ඔවුන්ගේ ප්‍රජනක සෞඛ්‍යය පිළිබඳ වගකීම ගත යුතුය. නව උපත පාලන ක්‍රමවේදයන්, විශේෂයෙන් පෙති ආරම්භ කිරීමට පෙර සියලුම කාන්තාවන් නාරිවේද වෛද්යවරයෙකුගෙන් උපදෙස් ලබා ගත යුතුය.

සෞඛ්‍ය පෙති

ඔබ විශ්වාස නොකළ යුතු උපත් පාලන මිථ්‍යාවන් පහක් පිළිබඳ සත්‍යය දැන ගන්න


මිථ්‍යාව # 1: සියලුම උපත් පාලන පෙති බර වැඩිවීමට හේතු වේ

සත්‍යය: පළමු පරම්පරාවේ උපත් පාලන පෙති ශරීරයේ මේදය රඳවා තබා ගැනීම හා සම්බන්ධ තාවකාලික බර වැඩිවීමට හේතු විය. කෙසේ වෙතත්, නව සංයෝග බර වැඩිවීමට හේතු නොවේ; පොලිකිස්ටික් ඩිම්බකෝෂ සින්ඩ්‍රෝමය – Polycystic Ovary Syndrome (PCOS) ඇති රෝගීන්ගේ බර අඩු කර ගැනීමට සහ වෙනත් ප්‍රතිලාභ සමඟ ඒවා උපකාරී වේ.

මිථ්‍යාව # 2: උපත් පාලන පෙති කුරුලෑ හෝ අසාමාන්‍ය හිසකෙස් වර්ධනයට මග පාදයි

සත්‍යය: විවිධ ප්‍රොජෙස්ටරෝන් – Progesterone සංඝටක සහිත නව උපත් පාලන පෙති සංයෝග මගින් ටෙස්ටොස්ටෙරෝන් සාන්ද්‍රණය අඩු කරන අතර PCOS රෝගීන් තුළ කුරුලෑ ඇතිවීමේ අවදානම අඩු කරයි.

3 වන මිථ්‍යාව: පෙති එකක් හෝ වැඩි ගණනක් මග හැරීම ප්‍රශ්නයක් ඇති නොකරයි

සත්‍යය: නියමිත පරිදි ගත යුතු උපත් පාලන පෙත් එකක් හෝ කිහිපයක් මග හැරීම සැහැල්ලුවට නොගත යුතුය.  එය අනපේක්ෂිත ගැබ් ගැනීමකට තුඩු දිය හැකිය. එපමණක් නොව, එය ඔසප් චක්‍රයේ ලේ ගැලීම ආරම්භ කිරීමට ද හේතු විය හැකිය. එවැනි අවස්ථාවක ගත යුතු පූර්වාරක්ෂාවන් මොනවාදැයි දැන ගැනීමට සහ අනපේක්ෂිත ගැබ්ගැනීම් සිදු නොවීමට වග බලා ගැනීම සඳහා පෙති එකක් හෝ කිහිපයක් මග හැරී ඇත්නම් නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගත යුතුය.

4 වන මිථ්‍යාව: උපත් පාලන පෙති සාරවත් බව හානි කරයි

සත්‍යය: උපත් පාලන පෙති කිසිදු ආකාරයකින් සාරවත් බවට හානිකරන බවට කිසිදු සාක්ෂියක් නොමැත. ඒවා ගැබ් ගැනීම් පමණක් වළක්වයි.

සෞඛ්‍යය

මිථ්‍යාව # 5: උපත් පාලන පෙති ගැනීම කිසිදු පූර්ව ඇගයීමකින් හෝ අවදානම් තක්සේරුවකින් තොරව ආරම්භ කළ හැකිය

සත්‍යය: උපත් පාලන පෙති සාමාන්‍යයෙන් ආරක්ෂිතයි, නමුත් රුධිර කැටි ගැසීම් සඳහා ජානමය ප්‍රවණතාවක් වැනි ඇතැම් අවදානම් සාධක ඇති අය, හෝ තරබාරු අය හෝ දුම් පානය කරන අයට උපත් පාලන පෙති භාවිතය සුදුසු නොවිය හැකිය. එබැවින් මුඛ ප්‍රතිංධිසරාේධක පෙති (OCP) ආරම්භ කිරීමට පෙර සෑම විටම වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබාගෙන අවදානම් ඇගයීමක් කළ යුතුය. 

උපත් පාලන පෙති ගැන අවුල් සහගත තොරතුරු රාශියක් අන්තර්ජාලයේ ඇත. එය කාන්තාවන් අතර භීතියක් ඇති කරයි. මෙම සැකයන් දුරු කිරීමට ඔබට කළ හැකි දේ මෙන්න.

උපත් පාලන ක්‍රම පිළිබඳ නිවැරදි තොරතුරු ලබා ගැනීම ඉතා වැදගත්ය. නිවැරදි තොරතුරු ලබා ගත හැකි හොඳම ක්‍රමය වන්නේ රජයේ වෙබ් අඩවි වලින්, ජාත්‍යන්තර සෞඛ්‍ය සංවිධානවලින් හෝ රෝහල් වෙබ් අඩවියකිනි.

ඕනෑම උපත් පාලන ක්‍රමයක් භාවිතා කිරීම පිළිබඳ ඔබේ කනස්සල්ල ඔබේ පවුලේ වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කරන්න. සෑම ක්‍රමයක්ම සෑම කෙනෙකුටම නොගැලපෙන අතර දැනුවත් තේරීමක් කිරීම ඔබට සහ ඔබේ සහකරුට වඩාත් සුදුසු දේ සොයා ගැනීමට උපකාරී වේ.

උපත් පාලන පෙති හා සම්බන්ධ බොහෝ මිථ්‍යාවන් සෑම පුද්ගලයෙකුටම අදාළ නොවේ. අප සෑම කෙනෙකුම වෙනස් වන අතර, පෙති ඔබට සුදුසු දැයි තීරණය කළ හැක්කේ ඔබට සහ ඔබේ වෛද්‍යවරයාට පමණි. ඔබට ඇති ඕනෑම ප්‍රශ්නයක් ඔබේ වෛද්‍යවරයාගෙන් විමසීමට වග බලා ගන්න.

ෆෙමිනා ඇසුරිණි – සකස් කළේ – තීක්ෂණ වෙළෙන්එගොඩ

Recommended For You

About the Author: Thusal