‘මානසික ආතතිය සහ මොළය’ අතර සම්බන්ධ ගැන විස්මිත සොයා ගැනීමක්

මානසික ආතතිය දනවන සිදුවීමකට මුහුණ දීම හේතුවෙන් මිනිස් මොළය අවම වශයෙන් වසර හතරකින් වයසට යාහැකි බව ඇමරිකානු සමීක්ෂකයෝ පවසති.

දරුවෙකුගේ වියෝව, දික්කසාදය, රැකියාව අහිමිවීම වැනි සිදුවීම් දැඩි ආතතියක් ගෙන දෙන අවස්ථා වශයෙන් සමීක්ෂණ වාර්තාවේ සඳහන් වෙයි.

මැදිවියේ පසුවන පුද්ගලයන් 1300දෙනෙකු යොදා ගනිමින් මෙම සමීක්ෂණය කර ඇත්තේ ඔවුන්ගේ මොළයේ ක්‍රියාකාරිත්වය සහ සිතීමේ ශක්තිය පරීක්ෂාවට ලක්කිරීමෙනි.

ආතතිය සහ ඩිමෙන්ශියා රෝගය අතර සෘජු සබඳතාවක් සොයාගත නොහැකි නමුත් සමීක්ෂකයන් පවසන්නේ ආතතිය දනවන සිදුවීමකට මුහුණ දීම පසුකාලීනව ඩිමෙන්ශියා රෝගය ඇතිවීමට හේතුසාධක විය හැකි බවය.

දරුවෙකුගේ වියෝව, දික්කසාදය, රැකියාව අහිමිවීම වැනි සිදුවීම් දැඩි ආතතියක් ගෙන දෙන අවස්ථා වශයෙන් සමීක්ෂණ වාර්තාවේ සඳහන් වෙයි
දරුවෙකුගේ වියෝව, දික්කසාදය, රැකියාව අහිමිවීම වැනි සිදුවීම් දැඩි ආතතියක් ගෙන දෙන අවස්ථා වශයෙන් සමීක්ෂණ වාර්තාවේ සඳහන් වෙයි

එම නිගමනය පිටුපස ඇති සිද්ධාන්තය වන්නේ, ආතතිය හේතුවෙන් ප්‍රදාහය (inflammation) ඇතිවීමත් එමගින් ඩිමෙන්ශියා රෝගය ඇතිවීමට වැඩි ඉඩප්‍රස්තාවක් සැලසීමත් ය.

අප්‍රිකානු සම්භවයක් සහිත පුද්ගලයන් මෙම අවදානමට වැඩි වශයෙන් මුහුණ දෙන බව ද මෙම සමීක්ෂණයෙන් හෙළිවී තිබේ.

ආතතිය හේතුවෙන් ප්‍රදාහය
ආතතිය හේතුවෙන් ප්‍රදාහය

මෙම සමීක්ෂණය මෙහෙයවනු ලැබ ඇත්තේ ඇමරිකාවේ විස්කොන්සින් වෛද්‍ය විද්‍යාලයේ විශේෂඥ කණ්ඩායමක් විසිනි.

ආතතිය ගෙන දෙන සිදුවීමකින් අධ්‍යාපන කටයුතු කරගෙන යාමට දුෂ්කර වීම, ආර්ථික වශයෙන් අනාරක්ෂිතභාවය, බරපතළ සෞඛ්‍ය ගැටළු සහ මානසික කම්පනයන් ඇතිවීම වැනි තත්වයන් මෙම සමීක්ෂණයට සහභාගී වූ පිරිස අත්විඳ තිබේ.

කෙසේ නමුත් ඩිමෙන්ශියා රෝගය ඇතිවීමට වෙනත් සාධක බොහොමයක් පවතින බව ද සමීක්ෂණ වාර්තාවේ සඳහන් වේ.

Recommended For You

About the Author: Thusal