ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් රක්ෂණ වාරික දැන් මහජන බැංකුවේ CDMවලින් ගෙවීමේ හැකියාව

මහජන බැංකුවේ ස්වයං බැංකුකරණ ඒකකයන්හි ඇති මුදල් තැන්පතු යන්ත‍්‍ර CDM ඔස්සේ ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස්හි ජීවිත හා සාමාන්‍ය රක්ෂණ වාරික ගෙවීම් කිරීමට දැන් පහසුකම් සලසා ඇත. ඒ ආයතනික සබඳතාවයන් ශක්තිමත් කරගැනීම සහ ව්‍යාපාර මෙහෙයුම් මුල්‍ය සේවා කාර්යක්ෂම කරගැනීමට සහයවීමේ මහජන බැංකු ඩිජිටල් උපායමාර්ගික එළඹුමේ කොටසක් ලෙසිනි.

මෙම සේවාව නිල වශයෙන් දියත් කිරීම පසුගියදා කොළඹ 02, මහජන බැංකු ප‍්‍රධාන කාර්යාලයේදි මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ, ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ජගත් වැල්ලවත්ත, මහජන බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු සහ ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස් ප‍්‍රධාන විධායක නිලධාරී චන්දන එල්. අලූත්ගම යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

මෙම අවස්ථාවට මහජන බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගෙවීම් හා ඩිජිටල්) කේ.බී. රාජපක්ෂ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකරණ) මහින්ද පේ‍්‍රමනාත්, තොරතුරු තාක්ෂණ ප‍්‍රධානි දම්මික දාසා, ශී‍්‍ර ලංකා රක්ෂණ සංස්ථාවේ ප‍්‍රධාන නිලධාරී (ව්‍යාපාර සංවර්ධන) රුක්මන් වීරරත්න, ප‍්‍රධාන තොරතුරු නිලධාරී ආලෝක ජයවර්ධන, වැඩබලන සහකාර සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකරණ) ආර්. රවිකරන්, අලෙවි ප‍්‍රධානි නාලක විජේවර්ධන මහතා ඇතුඵ නිලධාරීන් සහභාගී වූහ.

මෙහි විශේෂත්වය වන්නේ දිවයින පුරා පිහිටා ඇති 244 ක් පමණ වන මහජන බැංකුවේ ස්වයං බැංකුකරණ ඒකකයන්හි SBU ඇති මුදල් තැන්පතු යන්ත‍්‍ර ඔස්සේ සිදුකරන සියලූම ගෙවීම් ඒ මොහොතේදීම අදාළ ගිණුම්වලට බැර වීම සහ ඉතාමත් ආරාක්ෂාකාරී ලෙස සියලූ ගනුදෙනු සිදුකර ගැනීමට හැකිවීමයි. ඒ අනුව තවදුරටත් ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස් ගනුදෙනුකරුවන්ට දැන් තම රක්ෂණ ගෙවීම් සඳහා ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස් ශාඛාවකටම යා යුතු නොවන අතර, නිසි කලට වාරික ගෙවීමේ හැකියාවද ගනුදෙනුකරුවන්ට උදාවේ.

Recommended For You

About the Author: Thusal