මාසයක් තුළ වී මෙට්‍රික් ටොන් ලක්ෂ 2ක් මිලදී ගන්නවා – කෘෂිකර්ම ඇමති

රජයේ වී මිලදී ගැනීමේ ජාතික ක්‍රියාන්විතයට සමගාමීව පසුගිය 07 වැනිදා දියත වැඩපිළිවෙළ යටතේ මේ වන විට වී මෙට්‍රිික් ටොන් 5000ක් මිලදී ගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (09) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

වී මිලදී ගැනීම වෙනුවෙන් මාර්තු 07වැනිදා සිට අප්‍රේල් 08වැනිදා දක්වා මාසයක ක්‍රියාන්විතයක් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් දියත් කර ඇත.

මෙහිදී කෘෂිකර්ම අමාත්‍යවරයා මෙසේද පැවසුවේය.

‘මෙම වැඩපිළිවෙල යටතේ අම්පාර, අනුරාධපුර, කුරුණෑගල, පොළොන්නරුව, හම්බන්තොට, මඩකලපුව දිස්ත්‍රික් 06කට ප්‍රමුඛත්වය දී තිබෙනවා. එම දිස්ත්‍රික් 06ට නිලධාරීන් 366ක් ද පත් කර තිබෙනවා.  වී අලෙවි මණ්ඩලයේ ගබඩා 323ක් පවතිනවා. ඒවායේ වී මෙට්‍රික් ටොන් 323,700ක් ගබඩා කළ හැකියි‘

වී අලෙවි මණ්ඩලයේ ගබඩාවලට අමතරව සමූපකාර හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල සතුව ද ගබඩා පහසුකම් පවතින අතර, මෙට්‍රික් ටොන් ලක්ෂ 05ක ගබඩා සූදානම්ව පවතින බවද ඇමතිවරවයා සදහන් කළේය.

Recommended For You

About the Author: Thusal