මානව හිමිකම් කවුන්සිලයට ‘ශ්‍රී ලංකාවට’ ආර්ථික සම්බාධක පැනවිය හැකිද?

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය මේ දිනවල පැවැත්වෙන අතර නැවතත් ශ්‍රී ලංකාව තුළ මේ පිළිබඳව දැඩි අවධානයක් යොමුවී ඇත්තේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම පිළිබඳව වාර්තාවක් එහි සාකච්ඡාවීමත් එක්සත් රාජධානිය ඇතුළු රටවල් සමූහයක් තවත් යෝජනාවක් සම්මත කිරීමට සැලසුම් කිරීමත් හේතුවෙනි.

කැනඩාව, එක්සත් රාජධානිය, ජර්මනිය, උතුරු මැසිඩෝනියාව, මොන්ටිනිග්‍රෝ හා මලාවි යන රටවල් ද අදාළ සමූහයට අයත් වේ.

එම රටවල් සමුහය, ශ්‍රී ලංකාව පිළිබඳ කෙටුම්පත් කෙරුණු යෝජනාවක් මාර්තු 16 වෙනිදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරනු ඇත.

‘ද අයිලන්ඩ්’ පුවත් පත පසුගිය දා වාර්තා කර තිබුණේ “ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට සහයෝගය ලබා ගැනීමට, එහි සම අනුග්‍රහකත්වය දරන සාමාජිකයින් වන කැනඩාව සහ එක්සත් රාජධානිය දැඩි ලෙස ප්‍රවර්ධනයක යෙදෙමින් සිටිති.” යනුවෙනි.

එහි වැඩිදුරටත් දැක්වුණේ ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන්, බංග්ලාදේශ මහ කොමසාරිස් තාරෙක් අරිෆුල් ඉස්ලාම් කොළඹ 07 හි කැනඩා මන්දිරයේදී (කැනඩා මහ කොමසාරිස් නිල නිවස) හමුවූ අතර එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් එච්.සී. සාරා හල්ටන් දකුණු කොරියානු තානාපති වුන්ජින් ජියොන්ග් ද මෑතකදී හමුවූ බවය. බංග්ලාදේශය මෙන්ම දකුණු කොරියාව ද සාමාජික රටවල් 47ක ගෙන් සමන්විත මානව හිමිකම් කොමිසමේ සාමාජික රටවල් ය. සාමාන්‍යයෙන් මෙම රටවල රාජ්‍ය තාන්ත්‍රිකයින් අතර රැස්වීම් ඉතා දුර්ලභ බව ‘ද අයිලන්ඩ්’ පුවත්පත වැඩිදුරටත් පවසා තිබිණි.

එහෙත් කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන් තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබුණේ”තමාව ආවේක්ෂණය කරන්නේද යන්නයි.

එහෙත් සම අනුග්‍රාහක රටවල් සමූහය විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශයන්ට වඩා බෙහෙවින් වෙනස් නිර්දේශයන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ විසින් ඉරිදිපත් කරන ලද වාර්තාවේ සඳහන් වන අතර එමගින් ශ්‍රී ලංකාවේ යුද අපරාධ සහ හිංසනයේ යෙදුනු පුද්ගලයන් ට එරෙහිව ඉලක්කගත සම්බාධක, ඔවුන්ගේ වත්කම් අහුරාලීම සහ සංචාරක තහනම් කිරීම් සලකා බලන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවලින් ඇය ඉල්ලා සිටියාය.

මිෂෙල් බැෂලේ ගේ වාර්තාව පසුගිය දා අන්තර්ක්‍රියාකාරී සංවාදයට ගැනුණු අතර නිකරගුවා, එරිත්‍රියා සහ උතුරු කොරියා ඇතුළු රටවල් 21 ක් ශ්‍රී ලංකාවට සහය පළ කරමින් කතා කළහ. නිකරගුවා, එරිත්‍රියා සහ උතුරු කොරියාව ද මානව හිමිකම් කවුන්සිලය තුළ ඔවුන් පාදක කරගත් යෝජනාවලට මුහුණ දී සිටිති.

කියුබාව, වෙනිසුවෙලා, ඉන්දුනීසියාව, පාකිස්ථානය මෙවර මෙන් අතීතයේ දී ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවලට එරෙහිව පැහැදිලි ස්ථාවරයක් ගත් රවල් අතර සිටිති. එහෙත් අතීතයේදී ඔවුනට එම යෝජනා පරාජය කිරීමේ හැකියාව නොලැබිණි.

“රටවල් 21 ක සහයෝගය, මුහුණ දීමට ඇති ප්‍රශ්ණයට ප්‍රසන්න යථාර්ථයක් නොවේ, අසර්බයිජානය කවුන්සිලයේ හෝ වෙනත් ඕනෑම තැනක ශ්‍රී ලංකාව වෙනුවෙන් කථා කිරීම ඇත්ත වශයෙන්ම එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට සහයෝගයෙන් කථා කිරීම අතර විශාල වෙනසක් පෙන්නුම් කරනවා. එසේ නොදැකීම ප්‍රශ්නයේ නියම ස්වභාවය ගණනය කිරීමට අපොහොසත් වීමක්,”යනුවෙන් මාධ්‍යවේදී දරිෂා බැස්ටියන් පැවසුවාය.

රට තුළ මේ වන විට විවිධ මත පැතිරෙන අතර ඇතැම් පුද්ගලයන් පවසන්නේ මානව හිමිකම් කවුසිලයේ යෝජනාව හරහා රටට ආර්ථික සම්බාධක පැනවීම වැනි අහිතකර බලපෑම් ඇතිවිය හැකි බවය. එහෙත්, සැබෑවටම මානව හිමිකම් කවුන්සිලයට එසේ කළ හැකිද?

මානව හිමිකම් කවුන්සිලයේ සංයුතිය

කවුන්සිලය සාමාජික රටවල් 47 කින් සමන්විත වන අතර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සාමාජිකයින්ගේ සෘජු හා රහසිගත ඡන්ද විමසීමකින් එම සාමාජික රටවල් තෝරා ගනු ලැබේ. මානව හිමිකම් ප්‍රවර්ධනය හා ආරක්ෂා කිරීම සඳහා එම අපේක්ෂක රාජ්‍යයන්ගේ දායකත්වය මෙන්ම ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ කැපවීම් සහ ස්වේච්ඡාවෙන් ක්‍රියාකිරීම මහ මණ්ඩලය විසින් සැලකිල්ලට ගනු ලබයි.කවුන්සිලයේ සාමාජිකත්වය පදනම් වන්නේ සමාන භූගෝලීය ව්‍යාප්තිය මත ය. ඒ අනුව අප්‍රිකානු රටවලට ආසන 13 ක්, ආසියා – පැසිෆික් රටවලට ආසන 13 ක්, ලතින් ඇමරිකානු සහ කැරිබියානු රටවලට ආසන 8 ක්, බටහිර යුරෝපීය සහ අනෙකුත් රාජ්‍යයන්ට ආසන 7 ක්, නැගෙනහිර යුරෝපීය රටවලට ආසන 6 ක් මානව හිමිකම් කවුන්සිලයේ ආසන වෙන්වී ඇත.

වසර තුනක සාමාජික කාලයක් අදාළ රටවලට හිමිවන අතර අඛණ්ඩව වාර දෙකක් සාමාජිකත්වය දැරීමෙන් පසු වහාම නැවත තේරී පත්වීමට සුදුසුකම් නොලබයි.මානව හිමිකම් කවුන්සිලය නිර්මාණය කිරීම සඳහා 2006 මාර්තු මාසයේදී 60/251 යෝජනාව සම්මත කරන විට රාජ්‍යයන් විසින්ම අවධාරණය කරන ලද නිර්ණායකයට අනුව කවුන්සිලයේ සාමාජිකත්වය ලැබීමත් සමඟ ඉහළ මානව හිමිකම් ප්‍රමිතීන් ආරක්ෂා කිරීමේ වගකීම එම සාමාජික රටවලට පැවරේ.

සභාපතිවරයෙක් සහ උප සභාපතිවරු හතර දෙනෙක් ඇතුළත් වන කවුන්සිලයේ මාධ්‍යම කාර්යාංශය සමන්විත වනුයේ, කලාපීය කණ්ඩායම් පහ නියෝජනය කරන පුද්ගලයින් පස් දෙනෙකුගෙනි. ඔවුන් වසරක කාලයක් සේවය කරනුයේ කවුන්සිලයේ වාර්ෂික චක්‍රයට අනුකූලව ය.

සාමාජික රටවල්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් ගණන 47 කි. 2020 ජනවාරි 1 වෙනිදා වන විට එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 193න් 117 ක් මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයන් ලෙස සේවය කර ඇත.

පහත සාමාජික ලැයිස්තුවෙන් 2006 සිට 2020 දක්වා සමාජිකත්වය දැරූ රටවල් පෙන්නුම් කෙරේ.

ඇෆ්ගනිස්ථානය, ඇල්බේනියාව, ඇල්ජීරියාව, ඇන්ගෝලාව, ආර්ජන්ටිනාව, ආර්මේනියාව, ඕස්ට්‍රේලියාව, ඔස්ට්‍රියාව, අසර්බයිජානය, බහමාස්, බහරේනය, බංග්ලාදේශය, බෙල්ජියම, බෙනින්, බොලිවියාව (බහුත්ව රාජ්‍ය), බොස්නියාව සහ හර්සගොවිනා, බොට්ස්වානා, බ්‍රසීලය, බල්ගේරියාව, බුර්කිනා ෆාසෝ කැමරූන්, කැනඩාව, චිලී, චීනය, කොංගෝ, කොස්ටාරිකා, කෝට් ඩි අයිවෝර් (අයිවරි කෝස්ට්), ක්‍රොඒෂියාව, කියුබාව, චෙකියා (චෙක් ජනරජය), කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, ඩෙන්මාර්කය, ජිබුටි, ඉක්වදෝරය, ඊජිප්තුව, එල් සැල්වදෝරය, එරිත්‍රියාව, එස්තෝනියාව, ඉතියෝපියාව, ෆීජි, ෆින්ලන්තය, ප්‍රංශය, ගැබොන්, ජෝර්ජියාව, ජර්මනිය, ඝානා, ග්වාතමාලා, හංගේරියාව, අයිස්ලන්තය, ඉන්දියාව, ඉන්දුනීසියාව, ඉරාකය, අයර්ලන්තය, ඉතාලිය, ජපානය, ජෝර්දානය, කසක්ස්තානය, කෙන්යාව, කුවේට්, කිර්ගිස්තානය, ලැට්වියාව, ලිබියාව, මැඩගස්කරය, මැලේසියාව, මාලදිවයින, මාලි, මාෂල් දූපත්, මොරිටේනියාව, මුරුසිය, මෙක්සිකෝව, මොන්ගෝලියාව, මොන්ටිනිග්‍රෝ, මොරොක්කෝව, නැමීබියාව, නේපාලය, නෙදර්ලන්තය, නිකරගුවාව, නයිජීරියාව, නෝර්වේ, පාකිස්ථානය, පැනමාව, පැරගුවේ, පේරු, පිලිපීනය, පෝලන්තය, පෘතුගාලය, කටාර්, කොරියානු ජනරජය, මෝල්ඩෝවා ජනරජය, උතුරු මැසිඩෝනියා ජනරජය, රුමේනියාව, රුසියානු සමූහාණ්ඩුව, රුවන්ඩාව, සවුදි අරාබිය, සෙනෙගල්, සියරා ලියොන්, ස්ලොවැකියාව, ස්ලොවේනියාව, දකුණු අප්‍රිකාව, සෝමාලියාව, ස්පාඤ්ඤය, ශ්‍රී ලංකාව, සුඩානය, ස්විට්සර්ලන්තය, තායිලන්තය, ටෝගෝ, ටියුනීසියාව, උගන්ඩාව යුක්රේනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, මහා බ්‍රිතාන්‍යය සහ උතුරු අයර්ලන්තය, ඇමරිකා එක්සත් ජනපදය, උරුගුවේ, වෙනිසුවෙලා (බොලිවේරියානු ජනරජය), වියට්නාමය, සැම්බියාව.

කවුන්සිලයේ බලතල

මානව හිමිකම් කවුන්සිලයේදී, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය තුළ මෙන් කිසිදු රාජ්‍යයකට නිෂේධ බලය හිමිවී නොමැත. යෝජනා සම්මත වන්නේ සම්මුතියෙන් හෝ බහුතර ඡන්දයෙනි. එමනිසා චීනය සහ රුසියාව වැනි රටවලට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ “නිෂේධ බලය” ඇති බවට පැවසීම නිවැරදි නොවේ.

ආර්ථික හෝ වෙනත් ආකාරයකින් සම්බාධක පැනවීමේ හැකියාවක් මානව හිමිකම් කවුන්සිලයට නොමැත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා ක්‍රියාත්මක කිරීමට හෝ නොකිරීමට අදාළ රාජ්‍යයන් බැඳී නොමැත. එහි අර්ථය වනුයේ එයට අනුගත වීම සඳහා රජයකට “බල කිරීමක්” සිදු වන නමුත් සෘජු ප්‍රතිවිපාක, සම්බාධක හෝ දඩුවම් ලබාදීමට කවුන්සිලයට හැකියාවක් නොමැත. එහෙත් කවුන්සිලයේ යෝජනාවලින් හෙළිකරන මානව හිමිකම් කඩවීම ඉස්මතු කිරීම තුළින් ඒවා පදනම් කර තනි තනි රවවල් ද්විපාර්ශ්වික සම්බාධක පැනවීම වැනි ප්‍රතිවිපාක ඇතිවිය හැකිය.

බැෂලේ ගේ වාර්තාවේ “ඉලක්කගත සම්බාධක” සඳහා කැඳවීමක් යෝජනා කිරීම තුළින් අදහස් කෙරෙන්නේ සමස්ත රටට නොව, එම වාර්තාවේ හදුන්වා දී ඇති පුද්ගලයන්ට එරෙහි සම්බාධක පැනවීම සඳහා තනිවම තීරණය කිරීමේ හැකියාව රජයන්ට ඇති බවය. යුද වකවානුවේ අපයෝජනයන්ට සම්බන්ධ වීමේ ප්‍රතිඵලයක් ලෙස ඇතැම් හමුදා නිලධාරීන්ට ජාත්‍යන්තර සංචරණය හෝ වෙළෙඳ ගනුදෙනුවල යෙදීම වළක්වා ඇත.

මෙය දැනටමත් ඇතැම් රටවල් විසින් අනුගමනය කරනු ලබන ක්‍රියාමාර්ගයකි. උදාහරණයක් ලෙස දැනටමත් ඇමරිකා එක්සත් ජනපදය විසින් හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට සංචාරක තහනමක් පනවනු ලැබ ඇත.පෙර වසරවල මෙන් නොව, දැනට මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත්වී සිටින එක්සත් ජනපදය නැවත මානව හිමිකම් කවුන්සිලයට එක්වීමේ වෑයමක නියැලෙයි. ඔවුනට තවමත් ඡන්ද අයිතිය ලබා දී නොමැත.

එමනිසා ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවේ සම අනුග්‍රාහකයන්ට තවමත් සිය යෝජනාවට බහුතර කැමැත්ත ලබාගැනීමට හැකිවේදැයි සැක සහිත වන්නේ චීනය, රුසියාව සහ පාකිස්තානය යන සියල්ලන්ටම කවුන්සිලයේ ඡන්ද අයිතිය ඇති අතර එය සැලකිය යුතු ඡන්ද බලයක් වන බැවිනි.

නමුත් මෙම යෝජනාව කවුන්සිලයේ පරාජයට පත්වුවද, එම රටවලට තනි තනිව තීරණ ගැනීමේ හැකියාව තිබේ.

Text by bbc

Recommended For You

About the Author: Thusal