වන විනාශය නැවැත්වීම සඳහා ඇමති සරත් වීරසේකරගෙන් ‘විශේෂ සැලසුමක්’

වන විනාශය නැවැත්වීම සඳහා රාජ්‍ය ආයතන එකතු කරගනිමින් විශේෂ ඒකකයක් පිහිටුවන අතර smart ජංගම දුරකතන හරහා App පහසුකම ඇති කරන බවත්  මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සදහන් කළේ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදී පැවසීය.

එහිදී වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ අමාත්‍යවරයා,

‘‘වනය විනාශ කරනවා කියන්නේ අනාගත පරම්පරාවට රටක් නැති කරනවා කියන එකයි. ජනාධිපතිතුමා සහ වර්තමාන ආණ්ඩුව වන විනාශය වැළැක්වීමට කටයුතු කරන්නේ දේශපාලන වාසි බලාගෙන නෙමෙයි. මේ රටට ඇති සැබෑ ආදරේ නිසා.

මේ සඳහා විශේෂ ඒකකයක් මහජන ආරක්ෂක අමාත්‍යංශය තුළ පිහිටුවා ඇති අතර 1997 අංකයට ඇමතීමෙන් වනය විනාශ කරන අය පිළිබඳව තොරතුරු ලබාදීමට හැකියාව තිබෙනවා.   වන විනාශය නැවැත්වීම සඳහා රාජ්‍ය ආයතන එකතු කරගනිමින් විශේෂ ඒකකයක් පිහිටුවන අතර smart ජංගම දුරකතන හරහා App පහසුකම ඇති කරනවා‘

දැනට පවතින නීති වල අඩු ලුහුඩු කම් පවතින අතර ඒ පිළිබඳව ද විශේෂ අවධානයක් යොමුකර දැඩි නීති සැකසීමට අදාළ ආයතන කටයුතු කළ යුතු බව අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දුන්නේය.

රට පුරාම මෙම වන විනාශය නොවන බැවින්  වන විනාශය බෙහෙවින් සිදුවන ප්‍රදේශ වන පුල්මුඩේ කැබිතිගොල්ලෑව අනුරාධපුර මාදුරුඔය ඇතුළු  එම ස්ථානයන්හි විශේෂ කාර්ය බළකායේ කඳවුරු පිහිටුවා අවට පිහිටි පොලිස් ස්ථාන ශක්තිමත් කිරීමටද යෝජනා විය. 

එසේම ත්‍රිවිධ හමුදාවන්හි පුහුණු  කටයුතු මෙම කැලෑ තුල සිදු කිරීමට යෝජනා වූ අතර උසස් පෙළ හදාරන සිසු සිසුවියන් දැනුත් කිරීම සඳහා උසස් පෙළ විෂය නිර්දේශයට ඇතුලත් කිරීමට යෝජනා විය. 

Recommended For You

About the Author: Thusal