‘ජාත්‍යන්තර පාරිභෝගික දිනය අදයි’ – පාරිභෝගික ඔබ ඔබේ අයිතිවාසිකම් ගැන මේ කරුණු දැන සිටියාද ?

ලෝක පාරිභෝගික දිනය මාර්තු 15 දිනට යෙදී ඇත. මෙම ලිපිය ඒ නිමිත්තෙනි.

මෙවර ලෝක පාරිභෝගික අයිතිවාසිකම් දිනයේ  (2021 මාර්තු 15) සඳහා තේමාව වන්නේ ‘ප්ලාස්ටික් දූෂණය මැඩපැවැත්වීම’  යි. මෙම තේමාව මගින් වඩාත් තිරසාර භාවිතයන් අනුගමනය කිරීම හා ප්‍රවර්ධනය කිරීම සඳහා ගෝලීය වශයෙන් පාරිභෝගිකයින් දැනුවත් කිරීම හා සම්බන්ධ  කිරීම සිදුකරනු ලබයි.  

ප්ලාස්ටික් යනු අපගේ එදිනෙදා ජීවිතයේදී බෙහෙවින් ප්‍රයෝජනවත් ද්‍රව්‍යයකි, නමුත් අපගේ පරිභෝජනය සහ ප්ලාස්ටික් නිෂ්පාදනය, විශේෂයෙන් එක්වරක් භාවිත කර ඉවත දමන ප්ලාස්ටික්, තිරසාර නොවේ. මෙය අපගේ පරිසර පද්ධතියට බලපාන අතර දේශීය හා ජාත්‍යන්තර පරිසරය දූෂණය කිරීම සහ මිනිස් සෞඛ්‍යයට තර්ජනයක් වීම ඇතුළු සෘණාත්මක පාරිසරික ප්‍රතිවිපාක ඇති කරයි. 

2020 අගෝස්තු මාසයේදී නිකුත් කරන ලද පිව් පුණ්‍යායතන භාර සහ පද්ධති වාර්තාව(The Pew Charitable Trusts & SYSTEMIQ report), ප්‍රධාන ප්‍රතිපත්ති වෙනස්වීම්, නවෝත්පාදනයන් සහ හැසිරීම් වල වෙනස්කම් සිදු නොවන්නේ නම් 2040 වන විට ප්ලාස්ටික් ද්‍රව්‍ය සාගරයට ගලා ඒම තුන් ගුණයකින් වනු ඇතැයි ගණන් බලා ඇත. ප්ලාස්ටික් දූෂණය මැඩපැවැත්වීම ගෝලීය අභියෝගයක් වන අතර ඒ සඳහා සම්බන්ධීකරණ, ජාත්‍යන්තර විසඳුම් අවශ්‍ය බව අවධාණය කරයි.  පාරිභෝගිකයින්  ලෙස, මෙම ගැටළුව විසඳීම සහ ප්ලාස්ටික් තිරසාර පරිභෝජනය සහ නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම සඳහා අපට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ හැකිය. 

2050 වන විට මාළු වලට වඩා සාගරයේ ප්ලාස්ටික් ඇති බවට ගණන් බලා ඇත. සාගර ක්ෂීරපායීන් හා කැස්බෑවන් 100,000 ක් සහ මුහුදු පක්ෂීන් මිලියනයක් වසරකට සාගර ප්ලාස්ටික් දූෂණයෙන් මිය යති. සෑම වසරකම ප්ලාස්ටික් ටොන් මිලියන 8 ක් අපේ සාගරයට ඇතුල් වේ. සෑම වසරකම නිපදවන ප්ලාස්ටික් වලින් 50% ක්ම භාවිතා කරනු ලබන්නේ තනි භාවිත ප්ලාස්ටික් ය මෙතෙක් නිපදවා ඇති සියලුම ප්ලාස්ටික් වලින් අඩක් පසුගිය වසර 15 තුළ නිපදවා ඇති අතර  නිපදවන ප්ලාස්ටික් වලින් 40% ක් ඇසුරුම් කර එක් භාවිතයකින් පසු ඉවතලනු ලැබේ. ප්ලාස්ටික් දූෂණය පිළිබඳව පාරිභෝගිකයින් වැඩි වැඩියෙන් සැලකිලිමත්  විය යුතුය . 

2019 දී කරන ලද ගෝලීය අධ්‍යයනයකින් හෙළි වූයේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය සඳහා ප්‍රබල පාරිභෝගික ප්‍රතිචාරයක් ඇති බවයි (ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 82% ක් තනි භාවිත ප්ලාස්ටික් විකල්ප වෙනුවට නැවත භාවිතා කළ හැකි පිරිසිදු කිරීමේ උපකරණ භාවිතා කරන අතර 72% සාප්පු යාමේදී නැවත භාවිතා කළ හැකි  බෑග් ගෙන එනු ලබන අතර 62% නැවත පිරවිය හැකි පානීය බෝතල් භාවිතා කරයි) – වසංගතය තුළ තනි භාවිත ප්ලාස්ටික් භාවිතය වැඩි වී තිබියදීත්, COVID-19 සහ 74% කට ආසන්න පාරිභෝගිකයින් (යුරෝපයේ, එක්සත් ජනපදයේ සහ දකුණු ඇමරිකාවේ) හේතුවෙන් ගෝලීය වශයෙන් පාරිභෝගිකයින්ගෙන් 55% ක් දැන් පරිසරය ගැන වැඩි සැලකිල්ලක් දක්වයි.පාරිභෝගිකයින්  තිරසාර ඇසුරුම් සඳහා වැඩි මුදලක් වැය කිරීමට කැමැත්තෙන් සිටී. ප්ලාස්ටික් දූෂණය හා තිරසාර පරිභෝජනය මැඩපැවැත්වීම සඳහා පාරිභෝගිකයින්ට පහසු තේරීමක් කිරීම සඳහා සෑම මට්ටමකින්ම පද්ධතිමය වෙළඳපල වෙනසක් අවශ්‍ය වි ඇත.

පාරිභෝගිකයා යනු කවරෙක් ද

භාණ්ඩ හා සේවා පරිභෝජනය කරනු ලබන තැනැත්තා පාරිභෝගිකයා ලෙස සරළව හැදින් විය හැකි වුවද නීතියේ අර්ථකථනයට අනුව වෙළෙන්දන් විසින් හෝ නිෂ්පාදකයෙකු විසින් හෝ මිලක් ලබා ගැනීමට සලස්වන  යම් භාණ්ඩ හෝ සේවා නියම වශයෙන් භාවිතා කරන්නෙකු හෝ  භාවිතා කරනු ඇතැයි බලාපොරොත්තු විය හැකි තැනැත්තෙකු පාරිභෝගිකයා ලෙස පුළුල්ව හදුන්වයි. මෙම අර්ථකථනයට අනුව ඉදිකටුවක් මිලදී ගනු ලබන තැනැත්තා ඇතුළු ඕනෑම භාණ්ඩයක් හෝ සේවාවක් මිල දී ගනු ලබන තැනැත්තා පාරිභෝගිකයෙකි.

 ඕනෑම රටක සමස්ත ජනගහනයම සමන්විත වන්නේ පාරිභෝගිකයන්ගෙන්ය.එම නිසා පාරිභෝගිකයාට ඉතා වටිනා තත්වයක් රට තුළ නිර්මාණය වී ඇත.එම වටිනාකම නිසාම පාරිභෝගිකයන් විශාල අයිතිවාසිකම් රැසකට හිමිකම්පායි. ඒ පිළිබද අදහස් දක්වන ඇමරිකාවේ හිටපු ජනාධිති ජෝන් එ.ෆ් කෙනඩි පැවසූfවි “සියළු පුරවැසියෝ පාරිභෝගිකයෝය ආර්ථික ක්ෂ්ත්‍රයේ විශාලම ස්ථරය ඔවුන් වන අතර රාජ්‍ය හා පෞද්ගලික යන සෑම ක්ෂත්‍රයකම තීරණ වලින් පීඩාවට පත්වන්නෝද ඔවුන්වෙති”  එම කියමන ඉතා නිවරදි බව වර්තමානයේ අපට ගම්‍යවේ.

පාරිභෝගික අයිතිවාසිකමි වල ඉතිහාසය.

වර්තමානයේ අන්තර්ජාතිකව පිළිගත් පාරිභෝගික අයිතිවාසිකමි වල උත්පත්තිය ඇමරිකාව වුවද අතීතයේ එනම් රජ සමයේ පටන් අප රටේ පාරිභෝගික අයිතිවාසිකම් තහවුරු වී තිබූ බවට බොහෝ පුරාණ ග්‍රන්ථ හා සෙල්ලිපි සාක්ෂි දරයි. ඒ කෙසේවුවද වර්තමානයේ පවතින ප්‍රධාන ගැටළුව වනුයේ පාරිභෝගිකයන් තම අයිතාවාසිකම් පිළිබද දැනුවත් නොවීම හා තම අයිතිවාසිකම් පිළිබද පාරිභෝගිකයා උනන්දු නොවීමයි.“දැනුවත් පාරිභෝගිකයා සුරක්ෂිත පාරිභෝගිකයෙකු යන්න” ප්‍රකට කියමනක් වුවද අප රටේ පාරිභෝගිකයා දැනුවත් නැත.සෑම වසරකම මාර්තු 15 දිනට ලෝක පාරිභෝගික දිනය යෙදී ඇත. මෙවර පාරිභෝගික දිනයේ තේමා පාඨය වන්නේ ලෝක පාරිභෝගික අයිතිවාසිකම් දිනය 2019 අපේ තේමාව වනුයේ විශ්වාසදායි ස්මාර්ට් නිෂ්පාදන. (Trusted Smart Products) පාරිභෝගිකයින්ට අවශ්‍ය හා අවශ්‍ය වන්නේ කුමක්ද යන්නත්, මෙම ඩිජිටල් නිෂ්පාදන සහ සේවාවන් සංවර්ධනය කිරීමේ  වැදගත්කම කොතරම්ද යන්න අවධාරණය කිරීම

පාරිභෝගිකයාට ඇති අයිතිවාසිකම් මොනවාද?

පාරිභෝගික අයිතිවාසිකම් රාශියක් ඇත. ඒවා අතර ප්‍රධාන අයිතිවාසිකම් ලෙස,

  • මූලික අවශ්‍යතා – පාරිභෝගිකයන්ගේ පැවැත්ම තහවුරු කෙරෙන මූලික භාණ්ඩ හා සේවා එනම් ආහාර, ජලය,ඇ දුම්, නිවාස, සෞඛ්‍ය හා සනීපාරක්ෂක සේවා අධ්‍යාපනය හා ඵලදායක් රැකියාවක්
  • රැකවරණය නොහොත් සුරක්ෂිතභාවය – සෞඛ්‍යයට හා ජීවිතයට හානිකර භාණ්ඩ හා සේවා සැපයීමෙන් වෙළදාමෙන් ආරක්ෂාවීමට අයිතිය
  • තොරතුරු – වංක හෝ නොමග යවන සුළු දැන්වීමෙන්හෝ ප්‍රචාරණයෙන් ආරක්ෂාවීමට ඇති අයිතිය
  • තෝරා ගැනීම – යහපත් ප්‍රමිති හා පිළිවිතර වලින් යුත් තරගකාරී මිල ගණන්වලට නිෂ්පාදන හා සේවා තෝරාගැනීමේ අයිතිය
  • සවන් යොමු කරවා ගැනීම – රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයේදී පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා සහ අදහස් ප්‍රකාශකිරීමට හා ඒවාට ඇහුම්කන් දීමක් ලබාගැනීමේ අයිතිය
  • සහන පිළියම්ව් – යාජ තොරතුරු අයහපත් භාණ්ඩ සහ අසතුටුදායක සේවා සිදුවෙන අසහනයට වන්දි හෝ සහන ලබාගැනීමේ අයිතිය
  • පාරිභෝගික අධ්‍යාපනය – දැනුවත් හා සබුද්ධික පාරිභෝගිකයෙකු වශයෙන් කටයුතු කිරීමට දැනුම සහ කෞශල්‍යය අත්කර ගැනීමේ අයිතිය
  • සුවදායක පරිසරය – ජීවිතයට අනතුරුදායක හෝ තර්ජනාත්මක නොවන්නාවූ ද අභිමානවත් හා යහපත් දිවි පෙවෙතක් ගත කිරීමට ඉඩ සැළසෙන්නාවූ ද පරිසරයක ජීවත්විමට ඇති අයිතිය
  • සංවිධානයවීමට ඇති අයිතිය – තම අයිතිවාසිකම් දිනා ගැනිම සදහා සංවිධානය විමට ඇති අයිතිය

පාරිභෝගිකයා දැනුවත්විය යුත්තේඇයි?

වෙළදපොළ ආර්ථිකය තුළ නිෂ්පාදකයා සිය ලාභය උපරිමකර ගැනීම සදහා කටයුතු කරනවා විනා පාරිභෝගික සුභසාධනය ගැන නොසිතයි. එම නිසා පාරිභෝගිකයා දැනුවත් නොවී සිටිම මගින් පාරිභෝගිකයා නිරතුරුවම රැවටීමට ලක්වීමක් සිදුවේ .වෙළද පොලෙන් භාණ්ඩ හා සේවා ලබාගෙන පරිභෝජනය කිරීම මගින් පාරිභෝගිකයා තම අවශ්‍යතා සපුරා ගනී.

එසේ මිලදී ගනු ලබන භාණ්ඩ මස් හා මස් ආශ්‍රිති නිෂ්පාදන,කිරිආහාර,සිසිල්බීම, පළතුරු,තෙල් වර්ග ආදී භාණ්ඩ ලෙස හැදින් විය හැක. මිල දී ගනු ලබන මෙම භාණ්ඩ පිළිබද පාරිභෝගිකයාට කිසිම අවබෝධයක්නොමැත.මෙහි වඩාත් භයානකම තත්වය වන්නේමෙම භාණ්ඩ ඇතුළු වෙනත් භාණ්ඩ සදහා ඇතුලත්කර ඇති ශරීරයට අහිතකර රසකාරක පිළිබද පාරිභෝගිකයා නොදැන සිටිමයි. එම නිසා පාරිභෝගිකයා තම අයිතිවාසිකම්   පිළිබදව මෙන්ම තමන් මිලදි ගනු ලබන භාණ්ඩ පිළිබදව ද දැනුවත් විය යුතුය.

පාරිභෝගිකයින් ආරක්ෂා කිරිම සදහා  ලංකාවේ ඇති නීති මොනවද ?

පාරිභෝගිකයින් ආරක්ෂා කිරීම සදහා රජය විසින් විවිධ නිති සකසා ඇත.සමහර නීති පාර්ලිමේන් තුව විසින් සකසා සම්මත කර තිබෙන අතර සමහර නීති අදාල අමාත්‍යවරයා විසින් තම බලතල ප්‍රකාර යෝග ලෙස සකසා ගැසට් පත්‍රය මගින් ප්‍රසිද්ධ කොට ඇත.

පාරිභෝගිකයන් සම්බන්ධයෙන් අප රටේ ක්‍රියාත්මකවන ප්‍රධාන නීතිය වන්නේ 2003  ජනවාරී මස 9 වන දා පාර්ලිමෙන්තුවේ  දී සමම්මත කර ගන්නා ලද 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරී පනතයි.

මෙම පනත ක්‍රියාත්මකවීමත් සමගම එතෙක් පැවැති

  • 1979 අංක 1 දරණ පාරිභෝගික ආරක්ෂකපනත
  • 1987 අංක 1 දරණ සාධාරණ වෙළද කොමිෂන් සභාපනත හා
  • 1950 මිල පාලනපනත(73 වනඅධිකාරය)අහෝසි කරන ලදී

2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරී පනත මගින් පාරිභෝගික ආරක්ෂාව සදහා පාරිභෝගික කටයුතු අධිකාරිය පිහිටුවන ලදී. එම අධිකාරිය පිහිටුවීමේ අරමුණ වන්නේ පාරිභෝගිකයාගේ ජීවිතවලට සහ දේපල වලට උපදාවයක් සිදුවන භාණ්ඩ අලෙවි කිරීමට සහ සේවා සැපයීමට එරෙහිව පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම,අසාධාරණ පිළිවෙත්වලට විරුද්ධව පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමට හා පාරිභෝගික අයිතිවාසිකම් වලට නිසි සැළකිල්ලක් දැක්වීම සහතිකවීමයි.

 හැකි සෑමවිටම පාරිභෝගිකයන්ට තරගකාරී මිලට භාණ්ඩ හා සේවාවලට ප්‍රමාණවත් ප්‍රවේශයක් ශයක් ලබා දීමට සහතිකවීම,අසාධාරණ වෙළද පිලිවෙත් සීමිත වෙළද පිළිවෙත් හෝ වෙළෙන්දන් විසින් සිදුකරන වෙනත්යම් ආකාරයක පාරිභෝගික සූරාකෑම් වලට එරෙහිව සහනයක් ලබා දීමට පාරිභෝගික කටයුතු අධිකාරිය ක්‍රියා කරනු ලබයි.

යම් අසාධාරණයකට ලක්වුනු පාරිභෝගිකයෙකු ඒ පිළිබද පැමිණිලි කළයුත්තේ කුමන ආයතනයටද?

භාණ්ඩ හා සේවාවක් මිලදී ගනු ලැබූ පාරිභෝගිකයෙකු යම් අසාධාරණයකට හෝ රැවටීමට ලක්වුනි නම් 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරි පනත මගින් පිහිටවු පාරිභෝගික කටයුතු අධිකාරියට අදාල භාණ්ඩය මිළදීගෙන මාස 03 ක් ඇතුලත තමන් මිලදීගත් භාණ්ඩයේ ලදු පතත් සමග ලිඛිතව පැමිණිල්ලක් කළ හැක. පාරිභෝගික කටයුතු අධිකාරියේ ලිපිනය වන්නේ“අධ්‍යක්ෂක ජෙනරාල්”පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය, අංක 27 වොක්ෂෝල් විදිය, කොළඔ 02. යන්නය.විශේෂයෙන් ලංකාවේ අලෙවි කරනු ලබන විදුලි උපකරණ හා ඉලෙක්ට්‍රොනික භාණ්ඩ සදහා මාස 06 ක අවම වගකීමේ කාලයක් ලබාදීම අනිවාර්යවේ .

භාණ්ඩයක් මිලදී ගනු ලබන පාරිභෝගිකයෙක් සැලකිලිමත් විය යුතු කරුණු  මොනවාද?

භාණ්ඩයක් මිලදිගනු ලබන පාරිභෝගිකයෙකු අනිවාර්යයෙන්ම එහි ඇති ලේබලය හොදින් කිය විය යුතුයි.එම භාණ්ඩයේ නිෂ්පාදිත දිනය, බර, භාණ්ඩයේ මිල, නිෂ්පාදිත දිනය,කල් ඉකුත් වන දිනය, නිෂ්පාදකයාගේ තොරතුරු හා එහි අඩංගු ද්‍රව්‍ය පිළිබද විස්තර අදාල ලේබලයේ සටහන්ව ඇද්දැයි සොයා බැලිය යුතුය.

තමන් විසින් මිලදී ගත් භාණ්ඩ හෝ සේවා සදහා විස්තාරාත්මක කුවිතාන්සියක් ලබා ගැනීම කළ යුතුය. මෑත කාළයේ දී පුද්ගලික රෝහල්වලට පාරිභෝගිකයාහට සවිස්තරාත්මක කුවිතාන්සියක් ලබා දීම අනිවාර්යය කරන ලදී. තවද ශ්‍රි ලංකාව තුළ අලෙවි කරන ඕනෑම විදුලි උපකරණයක් සදහාම අවම වශයෙන් මාස 6 ක වගකීමේ සහතිකයක් ලබා දීම අනිවාර්යෙන්ම කල යුතුය.   ශ්‍රි ලංකාව වැනි රටක ප්‍රධාන ප්‍රශ්ණයවන්නේ පාරිභෝගිකයන් තම අයිතිවාසිකම් පිළිබද නොදැන සිටීමයි. තම අයිතිවාසිකම් කඩවූ පාරිභෝගිකයෙකුට පාරිභෝගික අධිකාරියේ 1977 දුරකථනයට ඇමතිය හැක දිවයිනේ සැම දිස්ත්‍රික් කාර්යාලයක් කේන්ද්‍ර කරගනිමින් පාරිභෝගික කටයුතු අධිකාරීයේ දිස්ත්‍රික් කාර්යාල ස්ථාපිත කර ඇත. එම කාර්යාල වලටද පාරිභෝගික පැමිණිලි යොමු කළ හැක.

                 රංජිත් විතානගේ – සභාපති  පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය.

Recommended For You

About the Author: Thusal