AL ප්‍රතිඵල සිංහල අවුරුද්දට පෙර – අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට පෙර නිකුත් කිරීමට හැකිවනු ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ප්‍රකාශ කළා. 

මේ අතර 2021 උසස් පෙළ සහ 5 වසර ශිෂ්‍යත්ව විභාග කල් යන බවට සමාජමාධ්‍ය තුළ පැතිර යන පුවත් සම්බන්ධයෙන් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා කියා සිටියේ 2021 උසස් පෙළ සහ 5 ශ්‍රේණීය ශිෂ්‍යත්ව විභාගය කල්දැමීමට මෙතෙක් කිසිදු තිරණයක් ගෙන නොමැති බවයි. 

මේ ගැන සිය ස්ථාවරය පැහැදිලි කළ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා ‘‘විෂය නිර්දේශය ආවරණය වී නොමැති නම් සහ සිසුන්ට දුරස්ථ මාර්ග ගත අධ්‍යාපන ක්‍රමය තුළින් එම ආවරණයන් ලැබී නොමැති නම් ඒ සම්බන්ධයෙන් සිසුන් සහ ගුරුවන් සමග සාකච්ඡා කර විභාග පැවැත්වීම පිළිබදව තීරණයකට එළඹිය යුතු‘ බව ද කියා සිටියා.

Recommended For You

About the Author: Thusal