පාකිස්තාන ශ්‍රී ලංකා ඒකාබද්ධ යුද අභ්‍යාසය තෙවැනි දිනටත්

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ලබාදුන් සංකල්පීය මඟපෙන්වීම මත ආරම්භ කෙරුණු ‘Shake Hands – 1’යුද අභ්‍යාසයේ තෙවැනි දිනයේ අභ්‍යසෙ සාලියපුර ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී අද (19) පැවැත්විණ.

එළැඹෙන මාර්තු 31 වැනිදා දක්වා පැවැත්වෙන මෙම යුද අභ්‍යාසයට පාකිස්තාන යුද්ධ හමුදාවේ නිලධාරීන් හය දෙනෙකු සහ සෙසුනිලයන් 35 ක් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිලධාරීන් 4 දෙනෙකු සහ සෙසු නිලයන් 40 දෙනෙකු මේ සඳහා සහභාගී වෙති.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පාබල අධ්‍යක්‍ෂ ජෙනරල් මේජර් ජෙනරල් තිලක් හංගිලිපොලගේ උපදෙස් මත පාබල හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් සංවිධානය කරන මෙම ‘Shake Hands – 1’ සමස්ත අභ්‍යාසයේ අධ්‍යක්‍ෂ ලෙස බ්‍රිගේඩිර් සංජීව ප්‍රනාන්දු කටයුතු කරන අතර, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ලෙස කර්නල් ඩබ්ලිව්.එස්.එල් හේමරත්න කටයුතු කරයි.

Recommended For You

About the Author: Thusal