World Happiness Report 2021: ලංකාව 129 වැනි ස්ථානයේ’

World Happiness Report 2021 හෙවත් 2021 වසරේ ප්‍රීතිමත්ම මිනිසුන් සිටින රටවල දර්ශකය ඊයේ (19) ප්‍රකාශයට පත් වූ අතර එම දර්ශකයේ ශ්‍රී ලංකාවට 129 වන ස්ථානය හිමිව තිබෙනවා. පළමු ස්ථානයේ ෆින්ලන්තයත් අවසන් ස්ථානයේ ඇෆ්ගනිස්ථානයත් සිටිනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ‘තිරසර සංවර්ධන විසඳුම් ජාලය විසින් වාර්ෂිකව මෙම World Happiness Report එළිදක්වනු ලබන අතර ඒ සදහා ලොවපුර සියලුම මහද්වීපවලට පිහිටි රටවල් 149ක් යොදා ගන්නවා. මෙවර නිකුත් වුණේ එහි 09 වැනි වාර්තාවයි.

2021 වර්ෂයේ වාර්තාව පිටු 212 කින් යුතු මෙම වාර්තාව මේ වසරේදී වැඩි අවධානයක් කෝවිඩ් වසංගත තත්වය හමුවේ එක් එක් රටවල ජනතාවට ඊට මුහුණ දී ඇති ආකාරයි. එහෙන්ම මේ රටවල පුද්ගලයින්ගේ මානසික සතුට ගැන ද වාර්තාව දැඩි අවධානයක් යොමුකර තිබෙනවා.

මෙම දර්ශකයට අනුව අයිස්ලන්තය සහ නෙදර්ලන්තය පිළිවෙළින් සිව්වැනි සහ පස්වැනි තැනටත් පත්ව ඇති අතර එතැන් සිටි පිළිවෙලින් නෝර්වේ, ස්වීඩනය, ලක්සම්බර්ග්, නවසීලන්තය හා ඔස්ට්‍රියාව එහි වඩාත්ම සතුටින් සිටින ජනතාවක් වෙසෙන රටවල් දහය බවට පත්ව සිටිනවා. පසුගිය වසරේ කොවිඩ් වසංගතයෙන් හා දේශපාලන අර්බුදවලින් පීඩාවට පත් එක්සත් ජනපදය මෙම දර්ශකයේ 19 වන ස්ථානයේත් චීනය 84 වන ස්ථානයේත් පසුවෙනවා.

මෙම දර්ශකයේ ආසියානු කලපයේ අනෙකුත් රටවල් වන නේපාලය 87 වන ස්ථානයත්, බංග්ලාදේශය 101 වන ස්ථානයත්, පාකිස්තානය 105 වන ස්ථානයත් පසුවන අතර අප අසැල්වැසි ඉන්දියාව 139 වන ස්ථානයේත් රැඳී සිටිනවා.

ඇෆ්ගනිස්ථානය මෙම දර්ශකයේ අවසන් ස්ථානය එනම් 149 ස්ථානයට පත්ව සිටින අතර අප්‍රිකානු කලාපයේ රාජ්‍යයන් වන සිම්බාබ්වේ (148), රුවන්ඩාව (147), බොට්ස්වානා (146) සහ ලෙසෝතෝ (145) පසුවෙනවා.

මේ අනුව ශ්‍රී ලංකාව ලෝකයේ අසතුටුම රටවල් 20 අතර පසුවීම විශේෂත්වයක්.

World Happiness Report 2021 වාර්තාව ඔබට පහත ලින්ක් එක ඔස්සේ පරිශීලනය කළ හැකියි.

https://happiness-report.s3.amazonaws.com/2021/WHR+21.pdf

Recommended For You

About the Author: Thusal