දේශපාලන අර්බුද මැද බ්‍රසීලයේ කොවිඩ් මරණ සහ ආසාදිතයින් ඉහළට

බරපතළ දේශපාලන අර්බුදයකට මුහුණ දී සිටින බ්‍රසීලයේ කොවිඩ් වසංගතය යළි තීව්‍රර වී තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය පවසනවා. ඒ ඊයේ (31) ලෝකයේ වැඩිම කොවිඩ්-19 ආසාදිතයින් පිරිසක් හා මරණ ප්‍රමාණය බ්‍රසීලයෙන් වාර්තා වීම සමගයි.

ඊයේ බ්‍රසීලයෙන් කොරෝනා මරණ 3950 ක් වාර්තා වූ අතර ආසාදිතයින් 89,200ක් වාර්තා වුණා. මේ සමග බ්‍රසීලයේ කොවිඩ් මරණ සංඛ්‍යාව  321,886ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 12,753,258 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

Recommended For You

About the Author: Thusal