BIMSTEC සමුළුවට විදේශ ඇමැති දිනේෂ්ගෙන් විශේෂ ඉල්ලීමක්

බංග්ලාදේශ, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, ශ්‍රී ලංකාව සහ තායිලන්තය යන රටවලින් සමන්විත බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල සංවිධානයේ (BIMSTEC) 17 වන අමාත්‍ය රැස්වීමේදී, සිය මුලසුනෙහි පිළිගැනීමේ කතාව පවත්වමින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංගමයේ ප්‍රඥප්තිය සම්බන්ධ වැඩකටයුතු කඩිනමින් අවසන් කරන ලෙසට විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉල්ලා සිටියේය.

මෙම උත්සවය 2021 අප්‍රියෙල් 01 වන දින කොළඹදී පැවැත්විණි. මෙම රැස්වීම මගින් කථිකයින්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර වැඩි අවබෝධයක්, විශ්වාසයක් හා මිත්‍රත්වයක් ඇති කර ගැනීමටත්, පාර්ලිමේන්තු භාවිතයන් පිළිබඳ අදහස් හා තොරතුරු හුවමාරු කර ගැනීමට මෙන්ම‍, ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම කෙරෙහි ඇති කැපවීමටත් ඉඩ සැලසෙන බව විදේශ අමාත්‍යවරයා පවසා සිටියේ ය.

මෙම රැස්වීමෙහි සභාපතිවරයා ලෙස විදේශ අමාත්‍යවරයා තේරී පත් වූ අතර, ප්‍රාදේශීය සහයෝගීතා පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමට නායකත්වය දුන්නේය. 2021 මාර්තු 31 වන දින විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා අමාත්‍ය රැස්වීමට පෙර පැවති විශේෂ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීමේදී ශ්‍රී ලංකා දූත පිරිසට නායකත්වය දුන්නේය.

 තුන්වන ක්‍රියාකාරී කණ්ඩායම සහ ආසියානු සංවර්ධන බැංකුව විසින් සකස් කරන ලද බිම්ස්ටෙක් ප්‍රවාහන සම්බන්ධතා ප්‍රධාන සැලැස්ම කඩිනමින් ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමේ අවශ්‍යතාව ද විදේශ අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය. සියවස් ගණනාවක් තිස්සේ භාවිතා කළ වෙරළබඩ නාවුක ගමනාගමනය, ජල මාර්ග, තොටුපොළ සහ වරාය ඇතුළු ප්‍රවාහන සම්බන්ධතා සහ අද වන විට මාර්ග බාධක සහ අනාගත බාධාවන්ට මුහුණ දිය හැකි ගුවන් භාණ්ඩ සැපයීම, සැපයුම් දාමයන්ට, මිනිස්සම්බන්ධතවන්ට හා කලාපීය සංවර්ධනයට ඉතාමත් වැදගත් බව අමාත්‍යවරයා සඳහන් කළේය.

භූතානයේ සිට අලුතින් පත් කරන ලද මහ ලේකම් ටෙන්සින් ලෙක්ෆෙල් මහතා විසින් විදේශ අමාත්‍යවරයා පිළි ගැණුනු අතර, බිම්ස්ටෙක් මහලේකම් කාර්යාලයට නායකත්වය දීමේ කාර්යය සඳහා සාර්ථකත්වය ප්‍රාර්ථනා කළ අතර, ඔහුගේ සියලු උත්සාහයන්ට ශ්‍රී ලංකාවේ සහයෝගය ලබා දෙන බවට ප්‍රතිඥා දුන්නේය.

 ශ්‍රී ලංකාව සභාපති ධුරයට තේරී පත්වුණු 2018 වසරේ කත්මණ්ඩු නුවර පැවති සිව්වන බිම්ස්ටෙක් සමුළුවේ සිට මේ දක්වා ලබා ඇති ප්‍රගතිය BIMISTEC අමාත්‍යවරුන් විසින් සමාලෝචනය කරන ලදී.

 ශ්‍රී ලංකාව සිය ශක්තීන් කෙරෙහි පූර්ණ අවධානය යොමු කර ඇති අතර, 1997 බැංකොක් ප්‍රකාශනය මත පදනම් වූ බිම්ස්ටෙක් ප්‍රඥප්තිය අවසන් කිරීම සඳහා සාමාජික රටවල් සමඟ සමීපව කටයුතු කළ බව, රාජ්‍ය අමාත්‍ය බාලසුරිය මහතා පැවසීය. මෙම ප්‍රඥප්තිය මගින් සහයෝගිතාව සඳහා දිගුකාලීන දැක්ම, ආයතනික ව්‍යුහයේ විවිධ ස්ථරවල කාර්යභාරයන් සහ වගකීම් සහ තීරණ ගැනීමේ ක්‍රියාවලීන් විස්තර කරයි. විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන යන අංශ සඳහා තාක්‍ෂණය, සෞඛ්‍ය හා මානව සම්පත් සංවර්ධනය යන උප අංශ සමග නායකත්වය දීමට ශ්‍රී ලංකාව එකඟ වූ සංවිධානයේ අංශ සහ උප අංශවලට සාමාජික රටවල් ප්‍රමුඛතාවය හා තාර්කිකත්වය ලබා දී ඇති බව ද ඔහු සඳහන් කළේය. වසංගතය හේතුවෙන් අදාළ ක්ෂේත්‍රයන්හි පවතින හිඩැස් ද සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ අදාළ රේඛීය ආයතන විසින් මෙම අංශය සඳහා ක්‍රියාකාරී වැඩපිළිවෙළක් සකස් කරමින් සිටින බවද ඔහු පැවසීය.

 වර්තමාන වසංගත තත්ත්වය‍, තාක්‍ෂණයේ වැදගත්කම පෙන්නුම් කර ඇති බව ඔහු පැවසීය. මේ සම්බන්ධව 5 වන බිම්ස්ටෙක් සමුළුවේදී සංගමයේ සංදේශය අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකාව තාක්‍ෂණික හුවමාරු පහසුකම පැවැත්වීමට සූදානම් වෙමින් සිටී.

කෝවිඩ්-19 වසංගතයෙන් එල්ල වන අභියෝගයන්ට මුහුණ දීම සඳහා සාමාජික රටවලට ප්‍රතිචාර දැක්වීමට සහ සහාය දැක්වීමට බිම්ස්ටෙක්හි සාමාජික රටවල් විසින් ගනු ලැබූ පුළුල් ක්‍රියාමාර්ග අමාත්‍යවරු එහිදී අගය කළ අතර, අභියෝගයන්ට එරෙහිව සටන් කිරීම සඳහා දරිද්‍රතාවය, ස්වාභාවික විපත්, දේශගුණික විපර්යාස, වසංගත සහ වෙනත් මහජන සෞඛ්‍ය හදිසි අවස්ථා, ත්‍රස්තවාදය සහ අන්තර්ජාතික අපරාධ, සහ හවුල්කාරිත්වයන් සහ ඒකාබද්ධ ක්‍රියාකාරකම් තුළින් ආහාර හා බලශක්ති සුරක්‍ෂිතතාව සාමූහික ක්‍රියාමාර්ග ගැනීමට අදාළ සියලු අංශ සහ උප අංශ බලමුළුගන්වන ලෙසට සාමාජික රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටියහ.

 බිම්ස්ටෙක් සාමාජික රටවල් විසින් ගනු ලැබූ පුළුල් ක්‍රියාමාර්ග අගය කරන අතර කෝවිඩ්-19 වසංගතය සාමාජික රාජ්‍යයන්හි ආර්ථිකය විවිධ අංශවලින් විනාශ කර ඇති බවද, බිම්ස්ටෙක් කලාපය තවදුරටත් ගෝලීය දළ දේශීය ආදායමෙන් 4 % ක් හා ගෝලීය වෙළඳාමෙන් 3.7 % ක් වන ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 3 ක ආර්ථිකයක් භුක්ති විඳින්නේ නැති බවද, බිම්ස්ටෙක් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. එබැවින්, කෝවිඩ්-19 වසංගතයෙන් නැවත ගොඩ නැගීමේදී ඔරොත්තු දෙන තිරසාර ප්‍රතිසාධන ක්‍රමෝපායන් සහ ආයෝජන තුළින් නැවත යථා තත්ත්වයට පත් වීම සඳහා වසංගතය හමුවේ සාර්ථකත්වය, අභියෝග සහ උගත් පාඩම් ඇතුළු අත්දැකීම් අඛණ්ඩව බෙදාහදා ගන්නා ලෙස ඔහු සාමාජික රටවලින් ඉල්ලා සිටියේය.

පස්වන බිම්ස්ටෙක් සමුළුව පැවැත්වීමට නියමිත දිනය, ඉදිරි මාසවලදී සාමාජික රටවල් සමග බිම්ස්ටෙක් මහලේකම් කාර්යාලය හරහා සාකච්ඡා කිරීමෙන් අනතුරුව දැනුම් දෙන බව ශ්‍රී ලංකා දූත පිරිස රැස්වීමට දැනුම් දුන්නේය.

5 වන බිම්ස්ටෙක් සමුළුවේදී අත්සන් කිරීමට / සම්මත කර ගැනීමට අපේක්‍ෂා කරන අමාත්‍ය ඒකාබද්ධ ප්‍රකාශය ඇතුළුව සකස් කරඅවසන් කරන ලද බිම්ස්ටෙක් ගිවිසුම්, සම්මුතීන් සහ අවබෝධතා ගිවිසුම් සහ අමාත්‍යවරුන්ගේ ඒකාබද්ධ ප්‍රකාශය ඇතුළු අනෙකුත් ලියකියවිලි හා ලේඛන අමාත්‍යවරුන් විසින් අනුමත කරන ලදී.

බංග්ලාදේශ විදේශ අමාත්‍ය ගරු ආචාර්ය ඒ. කේ. අබ්දුල් මෝමන් මහතා, භූතාන විදේශ අමාත්‍ය ගරු ආචාර්ය ටැන්ඩි ඩෝර්ජි, ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍ය ගරු ආචාර්ය එස්. ජයශංකර්, මියන්මාරයේ ජාත්‍යන්තර සහයෝගීතා අමාත්‍යාංශයේ මධ්‍යම අමාත්‍ය ගරු යූ කෝ කෝ හ්ලේන්ග් මහතා, නේපාලයේ විදේශ කටයුතු අමාත්‍ය ගරු ප්‍රදීප් කුමාර් ගයවාලි මහතා, ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා සහ තායිලන්ත රාජධානියේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය ගරු දොන් පරමුද්විනායි මහතා යන මහත්වරු විසින් සිය සාමාජික රටවල දූත පිරිස්හි මුලසුන හෙබවූහ.

ශ්‍රී ලංකා දූත පිරිස විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු පිළිබඳ අතිරේක ලේකම් පී. එම් අම්සා, ආර්ථික කටයුතු පිළිබඳ වැඩ බලන අධ්‍යක්ෂ ජෙනරාල් අන්සුල් ජාන්, නීතී කටයුතු නියෝජ්‍ය ටී. එච්. ආර්, සිල්වා සහ විධායක සහායක, කලනි ධර්මසේන යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විය.

Recommended For You

About the Author: Thusal