මියන්මාරය හමුදාව ඔසවා තැබීමේ විපාක ගෙවනවාද ?

මියන්මාර මහා  මැතිවරණය 2020 නොවැම්බර් මස 8 වන දින පැවැත්වුණු අතර අවුන් සාන් සුකී (Aung Saan Suu Kyi)  ප්‍රමුඛ ජාතික ලීගය ස|හා වූ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (National Legue for Democratic Party- NLD) බහුතර ජනමතයකින් ආණ්ඩුවක් කැ|වීමේ වරම හිමිකර ගන්නා ලදි. නව පාර්ලිමේන්තුව කැ|වීමට නියමිතව තිබුණේ 2021 පෙබරවාරි මස 01 වන දිනය. නමුත් කිසිවෙකු නොසිතූ ලෙස එදිනම අලුයම ක්‍රියාත්මක වූ හමුදා කුමන්ත්‍රණයකින් රාජ්‍ය උපදේශක අවුන්සාන් සුකී, ජනාධිපති ඌ වින් මින් (U Win Min) ජාතික ලීගය ස|හා වූ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ප්‍රධාන නායකයින් ඇතුළු රාජ්‍ය නිලධාරීන් ගණනාවක් හමුදා අත්අඩංගුවට පත් කරමින් රට හමුදා පාලනයට නතුවිය. 

එලෙසම හමුදාව වසරක හදිසි නීතියක් ප්‍රකාශය කරමින්  උප ජනාධිපති හිටපු හමුදා ප්‍රධානියෙකු වූ ජෙනරාල් මින්ට් සුවේ  (General Myint Swe) වැඩ බලන ජනාධිපති ලෙස පත්කරන ලද අතර , ඒසැණින් ඔහු එම බලතල, හමුදා ප්‍රධානී මින් උන් ලෙන්  (Min Aung Hlaing) හට පැවරුණි, වර්තමාන මියන්මාර හමුදා පාලනයේ ප්‍රධානියා  ජෙනරාල් Min Aung Hlaing. මේ සියල්ල මෙසේ ක්‍රියාත්මක වූයේ, සියලු සන්නිවේදන  මාර්ගයන් අවහිලා කරමිනි. පෙබරවාරි මස පළමුවන දින අලුයම එකේ කණිසමේ සිට දහවල් දහය කණිසම දක්වා රටතුළ සියලුම දුරකථන, ජංගම දුරකථන මාර්ග, අන්තර්ජාල විසන්ධි කරවීමට හමුදාව ක්‍රියාකර තිබුණි. පෙබරවාරි මස 01 වන දින නව ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් බලාපොරොත්තුව අවධි වනු මියන්මාර ජනතාවට දැනගැනීමට හැකිවූයේ නැවතත් ඔවුන් හමුදා රාජ්‍යයකට යටත් වී ඇති බවය. 

මෙම ලිපිය සකසන මොහොත වන විට හමුදාව විසින්  විශාල සංඛ්‍යාවක් තම අත්අඩංගුවට ගෙන ඇත. මැතිවරණ කොමිෂමේ සභාපති උ ලා තෙන් (U Hla Thein), මැතිවරණ කොමිසමේ ප්‍රකාශක සහ සාමාජික , ඇතුළු මැතිවරණ කොමෂමේ ජාතික සහ ප්‍රාදේශීය කොමසාරිස්වරු, නිලධාරීන් විශාල සංඛ්‍යාවක්, ජාතික ලීගය ස|හා වූ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ පක්ෂ ක්‍රියාකාරීන්, සිවිල් ක්‍රියාධරයන්, මාධ්‍ය වේදීන්  අත් අඩංගුවට ගෙන ඇත. 

Tatmadaw නොහොත්, මියන්මාර් හමුදාවේ ප්‍රධාන චෝදනාව වනුයේ පසුගිය මැතිවරණය අඩුපාඩු සහිත බවත්, විශේෂයෙන් ඡන්ද නාමලේඛනය අඩුපාඩුවලින් යුක්ත බව නිසාත්, පසුගිය මැතිවරණය ප්‍රතිඵල පිළිගත නොහැකි බවයි. ය. කෙසේ වුවද මැතිවරණයට පෙර මෙම චෝදනා ඉදිරිපත් කළ බවක් දැනගත නොහැකි වූ අතර, මැතිවරණ දිනයේ පවා ඔවුන් ප්‍රකාශ කළේ මැතිවරණ ප්‍රතිඵලය භාරගන්නා බව ය. 

මියන්මාර හමුදාව පෙබරවාරි මස 02 වන දින රාජ්‍ය පරිපාලන කවුන්සිලය (State Administrative Council) ප්‍රකාශයට  පත්කරමින්  රාජ්‍ය පාලනය එකළොස් දෙනෙකුගෙන් සමන්විත  කවුනස්ලයට බාර කරන ලදී. එහි ප්‍රධානියා වනුයේ, හමුදා ප්‍රධානී ජෙනරාල් Min Aung Hlaing. රාජ්‍ය පරිපාලන කවුන්සිලය විසින්, මැතිවරණ කොමිසම ස|හා හයදෙනෙකු පත් කරන ලදී.  හමුදා පරිපාලනය ය‍ටතේ ක්‍රියාත්මක වන නව කොමිෂමේ සභාපති ලෙස කැ|වනු ලැබුවේ , 2010 වර්ෂයේ මිලිටරි පාලන සමයේ හිටපු මැතිවරණ කොමිසමේ සභාපති තෙන් සෝ  ය  (Thein Sow).

හදිසි නීතිය යටතේ පාලනය වන මියන්මාර රාජ්‍යය වැසියන් රැය පහන් කරන්නේ ඉතා බියකිනි. ඒ මන්දයත් හමුදා අත් අඩංගුවට පත්වීම් සුලභ බැවිනි. සෑම දිනකම මධ්‍යම රාත්‍රීයේ දී  සන්නිවේදන මාර්ග විසංධි  වන අතර,  රාජ්‍ය පරිපාලන කවුන්සිලය විසින් නීති ප්‍රතිසංස්කරණය කරමින්, නව නීති එකතු කරමින් ජනතාව පීඩනයට පත් කිරීමට පටන් ගෙන ඇත. 

වර්තමානය වන විට සමාජ මාධ්‍ය ජාලා ප්‍රබල සන්නිවේදන මාර්ගයක් බව නොරහසකි. ඉතා ඉක්මණින් අඩු පිරිවැයක් යටතේ විශාල ග්‍රාහක පිරිසක් කරා ගමන් කිරීමේ හැකියාව මෙම මාධ්‍යයට ඇත. මෙහි යහපත් මෙන්ම අයහපත් ප්‍රතිඵල දැකිය හැකිය. විශේෂයෙන් සාවද්‍ය තොරතුරු නොමග යවන තොරතුරු මිනිසුන් වෙත සංචරණය වීමයි. ඒ කෙසේ වුවද  සමාජ මාධ්‍ය  ජාලා අද වන විට  වැළැක්විය නොහැකි විශ්ව සන්නිවේදන මාර්ගයකි. මෙය මියන්මාරයට ද පොදුය. මියන්මාරයේ ජනතාව අති විශාල සංඛ්‍යාවක් මුහුණුපොත (face book)  සහ වට්ස් ඇප් (WatsApp) වැනි මාධ්‍යයන් භාවිත කරයි. මෙය එක්තරා ආකාරයකට හමුදා රජයට තමන්ගේ කටයුතු පවත්වාගෙන යාමට ඇති බාධාවක් නිසා ඔවුන් හැකිතරම් මේවාට බාධා කිරීමට පටන් ගෙන ඇත. පෙබරවාරි මස 1 වන දින මධ්‍යම රාත්‍රියේ විසංධි වූ  අන්තර්ජාල, දුරකථන මාර්ග, නැවත  සක්‍රීය වන්නේ පසුදින  පස්වරුවේය . එපමණක් නොව මේවා පාලනය කිරීම ස|හා වූ ප්‍රජාතන්ත්‍ර විරෝධී රටවල පවතින නීතිවලට සමාන නීති ගෙන ඒමට උත්සහ කරන අයුරු දැක ගත හැකිය. Cyber Crime Law නීතිගත කිරීමට පනත් කෙටුම්පත් සකස් කරමින් සිටී.

මියන්මාර ජනතාව වසර ගණනාවක සිට හමුදා පාලනයේ  රග  හොදින් දන්නා ජනතාවකි. බ්‍රිතාන්‍යයන් ඔවුනට නිදහස ලබා දෙන්නේ  1948 ජනවාරි 01 වන දින ය. එතැන් සිට වසර 14ක ඉතා කෙටි කාලයක් පමණි  නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ලෙස පැවතීමට  හැකියාව ලැබෙන්නේ. 1962 එවකට හමුදාපතිව සිටි උ නේ වින්  (U Ney Win) හමුදා කුමන්ත්‍රණයකින් එවකට පැවැති ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය  පෙරලා දමා  රට හමුදා රාජ්‍යයක් බවට පත් කරන ලදි. ඔහු 1962 සිට 1988 දක්වා සමාජවාදී බුරුමය දමා නමින් පාලනය කරන ලදි.

1988 දී සිසුන් ඇතුළු ඉහළ සිවිල් සංවිධාන නායකයින් හමුදා පාලනයට එරෙහිව හඩනගන ලද අතර 88 සිසු කැරැල්ල , 88 පරම්පරාවේ සිසුන් කණ්ඩායම, ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා හඩ නැගීය. මෙහිදී අතිවිශාල සිසුන් ඇතුලු සිවිල් නායකින් ජීවිතක්ෂයට ද, දීර්ඝකාලීන සිරගත වෙමින් , වධහිංසාවලටද ලක්විය. කෙසේ වුවද ඔවුන්ගේ හඩ නැවැත්වීමට හමුදාවට නොහැකිවිය.   සමහර නායකයන් සරණාගතයන් ලෙස අසල්වැසි  රාජ්‍යයන් වන තායිලන්තය, මැලේසියාව වැනි රටවල ද,   යුරෝපය, ඇමෙරිකාව ආදී බටහිර රටවලට සංක්‍රමණය වෙමින් ප්‍රජාතන්ත්‍රවාදය   සදහා  අරගල කරන ලදී. 

වර්ෂ 1990 තවත් සංදිස්ථානයක් සනිහිටුවන්  කල වර්ෂයකි. මියන්මාර හමුදා පාලනය 1990 දී මැතිවරණයක් කැදවූ අතර, මෙයින් අවුන් සාන් සුකී (Aung Saan Suu Kyi)  ප්‍රමුඛ ජාතික ලීගය සදහා වූ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මුළු ආසන සං ඛා ව වූ අසන 492 න් , 392 ක් ජයග්‍ර හණ ය කරන ලදී.  එසේ වුවද හමුදාව එහිදීද ප්ර්ජන්තරවාද්යට ගරු නොකරන ලදී. එය එසේ වුවද හමුදා රජය ජන්ද ප්‍රතිපල  පිළිගත නොහැකි බව පවසමින් සුපුරුදු, රාජ්‍ය සාමය සහ සවර්ධන කවින්සිලය  ( State Peace and Development Council) සුපුරුදු පරිදි රාජ්‍ය පාලන කටයුතු කරගෙන ය න ලදී. මැතිවරණයට  වසරකට  පෙර  එනම්, 1989  දී  පක්ෂ නායිකා   අවුන් සාන් සුකී නිවාස අඩස්සියකට ගනු ලැබූ අතර ඇයව නිදහස් කරනු ලැබුයේ 2010 වර්ෂයේ දී ය. 

වර්ෂ 2008 දී මිලිටරි රාජ්‍ය විසින් ආණ්ඩු  ව්‍යවස්ථාවක් සම්මත කරන ලද තඅර එයින් 25% ක පාර්ලිමේන්තු බලය හමුදාවට පවරණ ලදි. වර්තමානය වන විට එය වෙනස් කිරීමට නොහැකි වී ඇත. එම නිසා අද පවා වලංගු 2008 ප්‍රජාතන්ත්‍ර විරෝධී ව්‍යවස්ථාව වෙනස් කිරීමට කිසිම පාර්ලිමේන්තුවකට නොහැකි වී ඇත. ව්‍යවස්ථාව වෙනස් කිරීම සදහා 75+1% බහුතර ඡන්ද ප්‍රමාණයක් පාර්ලිමේන්තුව ලබාගත යුතුව ඇත. 

නව ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  යටතේ රාජ්‍ය සාමය සහ සවර්ධන කවුන්සිලය මහා මැතිවරණයක් කැ| වූ අතර,ජාතික ලීගය ස|හා වූ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය  එය වර්ජනය කරන ලදී. මැතිවරණ ප්‍රතිපල අනුව  හමුදාවට පක්ෂපාති ඒකාබද්ද සහයෝගිතා සහ සං වර්ධන පක්ෂය  Union Solidarity and Development Party) ජයග්‍රහණය කල බව ප්‍රකාශ විය. මෙම මැතිවරණ ප්‍රජාතන්ත්‍ර විරෝධී මැතිවරණයක් ලෙස ඉතිහාසයට එක්වේ. මැතිවරණය පවත්වන්නේ, ප්‍රධාන විපක්ෂ නායිකා  නිවස අඩස්සියේ තබමින්, මෙන්ම විපක්ෂ ක්‍රියාකාරීන් බොහොමයයක් සිර ගත කරමින්ය. 

ඒකාබද්ධ සහයෝගිතා සහ සං වර්ධන පක්ෂය Union Solidarity and Development Party) පිළිබ|ව යමක් සනිටුවහන් කිරිම වටී යයි සිතේ. 1990 දී පිහිටුවන ලද මෙම පක්ෂය, හමුදාව හා සෘජුවම සම්බන්ධ දේශපාලන පක්ෂයකි. මෙය පිහීටුවීම  ස|හා මුලිකත්වය  ගන්නේ හමුදා ප්‍රධානින්ය. හමුදාවේ දේශපාලන මුහුණත යැයි දැක්වීම නිවැරදි යයි සිතමි

මිලිටරි රාජ්‍ය නාමිකව අහෝසි කරමින්,  2011 සිවිල් පාර්ලිමේන්තුවක් කැ|වුවද,  අනිවාර්ය 25%  හමුදා නියෝජිතත්වය නිසා ප්‍රජාතන්ත්‍රවාදී තීරණයන්ට ගැනීම ට ඇති ඉඩකඩ ඉතා සීමිත ය. 1962 සිට 2015 පළමුවන ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ දක්වා සිවිල් සංවිධාන , ජාත්‍යන්තර ප්‍රජාව, එක්සත් ජාතීන්ගේ සංවිධානය නොනවත්වා හඩ නැගූ අතර, 2015 මැතිවරණය එහි ප්‍රතිඵලයක් ලෙස  දැක්විය හැක.

සියලු පක්ෂ වලට සහභාගී විමට ඉඩ ලැබුණු අතර, ප්‍රථම වරට දේශීය සහ විදේශීය මැතිවරණ නිරීක්ෂකයන්ගේ සහභාගීත්වය දැකිය හැකි විය.ම හටද, මැතිවරණ ක්‍රියාවලිය, නිරීක්ෂණය කිරිමට අවස්ථාව ලැබිණි, අන්තර්ජාතික මැතිවරණ නිරීක්ෂකයෙකු ලෙස. මා සහභාගීත්වය  ලබාදුන් ANFREL ආයතනය 60 කට ආසන්න විදේශීය නිරීක්ෂකයන් සියලු පළාත් ආවරණය වන පරිදි නිරීක්ෂණය  කරන ලදී. එම මැතිවරණය සදහා, ANFREL සංවිධානය ට අමතරව තවත් විදේශීය නිරීක්ෂක සංවිධාන 3ක  (Carter Center, Europeian Union,  Gender Concerns) නිරීක්ෂණය කරන ලදී. 

අ ති විශාල  දේශීය මැතිරණ නිරීක්ෂණ සංවිධාන ගනණාවක්ද නිරිෂණයේ යෙදෙන අයුරු දැක ගත හැකිවිය. බොහෝ විචාරකයින්ට අනුව ද සහ මැතිවරණ නිරීක්ෂකයින්ට අනුව ද 2015 මැතිවරණය, නිදහස් හා සාධාරණ මැතිවරණයක් ලෙස  ස|හන් වුණි . මැතිවරණ ප්‍රතිඵල අනුව බහුතර ආසන සංඛ්‍යාවක්  ලබාගත් අවුන් සාන් සුකී ප්‍රමුක  ජාතික ලීගය ස|හා වූ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය  ආණ්ඩුවක් පිහිටුවීමට බලය හිමිකර ගන්නා ලදි. ජාතික ලීගය ස|හා වූ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායිකාව අවුන් සාන් සුකී ය. එය එසේ වුවද ඇයට රටේ ප්‍රධාන පුරවැසියා වීමේ වරම 2008 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවුරා තිබුණේ ඇය විදේශ පුරවැසියෙකු සමග විවාහ වීම නිසාය.  ඒ අනුව, අවුන් සාන් සුකී ගේ දීර්ඝ කලන මිතුරෙකු වූ උ ටින් චෝ (U Htin Kyaw) ජනාධිපති  ලෙස නම් කරන ලදී.   වර්ෂ 2015 -2020 කාලය තුල රාජ්‍යය පාලනය කරනු ලැබුවේ  ජාතික ලීගය වූ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ප්‍රමුඛ රජය විසිනි.  මෙම  පාලන වකවානුව,  ජනතාව අපේක්ෂා කළ තරම්  ප්‍රජාතන්ත්‍රවාදය  ඉහළට එසවූ  කාල පරිජේදයක්  ලෙස ඉතිහාස ගත වන්නේ නැත. විශේෂයෙන්, අවුන් සාන් සුකී ප්‍රමුක රජය රෝහින්ගයා වැසියන්ට සලකන ලද ආකාරය පිළිබද  ජතාන්තරව විශාල විවේචන එල්ල විය. 

මියන්මාරයේ මැතිවරණ නීතියට අනුව සෑම වසර 5 කට වරක් මහා මැතිවරණ පැවැත්විය යුතුය. ඒ අනුව 2020 නොවැම්බර් 08 වන දින මැතිවරණය ස|හා මැතිවරණ කොමිෂම ජූලි මස 01 වන දින නියම කරන ලදි. මෙම වකවානුව වන විට ලෝක ප්‍රජාව ගෝලීය වසංගතය වන කොවිඩ් – පැතිරයන අවධියකි. කෙසේ වුවද ජූලි  01 වන දින එතරම් විශාල කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් මියන්මාරය සනිහිටුවන් නොවූ අතර, එය පාලනය කළ මට්ටමකට පැවැතුණි. නමුත් 2020 අගෝස්තු අග වන විට මෙම තත්ත්වය  වෙනස් වන්නට පටන් ගැනුනි. රෝ ගින් සංඛ්‍යාව ඉහල යන අයුරු දැකගත හැකිවිය. මෙම තත්ත්වය  පාලනය කරනු වස් බලධාරීන්  විවිධ සීමාවන් පනවනු දක්නට ලැබුණි, විශේෂයෙන්  ප්‍රදේශයෙන් ප්‍රදේශයට සංචරණ සීමා, එක්රැස්වීම් සීමා, වැනි විවිධ ආකාර දෑ ය. 

මැතිවරණයක් පැවැත්වීම යනු ඉතා පහසු කාරණයක් නොවේ. එය රටක විශාලතම කාර්ය මෙහෙයුමක් බව දන්නෝ දනිති. මේ ස|හා සුවිශාල සම්පත් ප්‍රමාණයක් , මානව සම්පත් සහ මූල්‍ය සම්පත ද අවශ්‍ය ය. කෙටි කාලයක් තුළ මේ සියල්ල එකතු කරගනිමින්  පවතින මැතිරණ නීති රීතිවලට  අනුගතව සාධාරණ හා සමාන මැතිවරණයක් පැවැත්වීම අභියෝගාත්මක ය. ගෝලීය වසංගත තත්ත්වයක් තුළ පැවැත්වීම ද අභියෝග බව තීව්‍රර කරන්නකි. මැතිවරණය පවත්වනවාද, කල් දමනවා ද යන තර්ක විතර්ක අතරේ, මැතිවරණ කොමිසම මැතිවරණය  ගෝලීය අහියෝගී තත්ත්ව තුල පවා පැවැත්වීමට  කටයුතු සුදානම් වන අයුරු    අගෝස්තු මාසයේ මැ දභාගය   වනවිට දැ ක  ගත හැකිවිය.

මැතිවරණ කොමිෂම (Union Election Commisson) , සෞ ඛ ය ය අං ශ හා එක්වෙමින් ගෝ ලීය වසංගතය අභිබවා මැතිවරණය පැවැත්වීම  ස|හා අවශ්‍ය පිඹුරුපත් අදින ලදී. මේ ස|හා පෙරහුරු මැතිවරණ දිනයන් , මුඛ ආවරණ මිලදී ගැනීම්, මීටරේ දුරින් සිටීම  යන ආදී දැනුවත් කිරිම් තුලින් අවධානම අවම කිරිමට ගත හැකි පියවරයන් ගනු ලබීය. එසේම අමතක නොකළ යුතු දෙයම් නම්  මැතිවරණ දිනය තුළ මැතිවරණය ප්‍රකාශ කිරීම ස|හා පැමිණෙන ඡන්ද දායකයන් ප්‍රමාණය අවම කිරිම ස|හා, ජන්ද දයකන්ට, පුර් ව මැතිවරණය ජන්දය ප්‍රකාශ කිරිමේ  (advance Voting) ඉඩ ප්‍රස්ථා වැඩි කරන ලදී. 

අං ක 45 දරණ  මැතිවරණ නීතියට අනුව, පුර් ව  ජන්දය ප්‍රකාශ කිරිම (advance voting)  ස|හා ජන්දදයකන්ට අවස්ථාව හිමිවේ. මෙහිදී ඔවුන් තම ජන්ද බල ප්‍රදේශය තුල හෝ ඉන් පිටතදී විය හැකිය. මෙම නිතිමය අවස්ථාව ප්‍රයෝජනයට ගත්  මැතිවරණ කොමිෂම, පුර් ව මැතිවරණ ප්‍රකාශ කිරිමේ අවස්ථා වැඩි කරන ලදී වසංගතයේ අවධානම මැතිවරණය බාධා පැමිණවීම්  අවම කිරීමේ අපේක්ෂාවෙන්.  වයස අවුරුදු 60 ට වැඩි ජන්දදා යකින් ස|හා ජන්දයට පෙර සතියක කාලයක් පුර් ව  ජන්දය ප්‍රකාශ කිරිම කාලය ලෙස නම් කරන ලදී.  මෙහි තවත් විශේෂ තත්වයක් වන්නේ මැතිවරණ කොමිසම ගෙයි න් ගෙට ගොස් මෙම ජ්‍යෙෂ්ට පුරවැසියන්ගෙන් ජන්දය ලබා ගැනී ම යි. 

ඔක්තෝම්බර්  මස 29 සිට නොවැම්බර් මස 5 දක්වා. සංඛ්‍යා ලේඛන වලට අනුව මිලියන් 5.1 ක් අවුරුදු 60 වැඩි පුරවැසියන්ය. එසේම  මැතිවරණ කොමිසම තවත් පියවරක් ඉදිරියට තබමින්, නිරෝධායන මධ්‍යස්ථාන වල නිරෝධායනය වෙමින් සිටි  ජන්දදයකයන් සදහාද ද තම ජන්දය ප්‍රකාශ කිරීමට  අවස්ථාව සලසා දෙන ලදී.  මියන්මාර වැසියන් විශාල ප්‍රමාණයක් විදේශ සංක්‍රමිකයන් ලෙස ජිවත් වන අතර, මැතිවරණ නීතියට විදේශ සංක්‍රමිකයන්ට අනුව ජන්දය ප්‍රකාශ කිරීම  සදහා අවස්ථාව හිමිවේ.  පසුගිය මහා මැතිවරණයෙදී තානාපති කාර්යාල සහ කොනොසොල කාර්යාල 45 කදී ජන්ද හිමි 70,00 ක පිරිසක් ජන්දය භාවිතා කල බවට වාර්තා විය. ශ්‍රී ලංකාවේ පිහිටි මියන්මාර තානාපති කාර්යාලයද ජන්දය ප්‍රකාශ කිරීම සදහා විවෘත වූ අතර, 29 දෙනෙකු ජන්දය ප්‍රකාශ කල බවට වාර්තා වුණි.  මැතිවරණ කොමිෂමේ වාර්තා වලට අනුව, පුර් ව   මැතිවරණය ප්‍රකාශ කල සං ඛ්‍යාව  මිලියන හයකට ආසන්නය.මෙය මුළු ලියාපදිංචි ඡන්ද සං ඛ්‍යාවෙන් පහෙන් එකකි. 

පසුගිය නොවැම්බර් මස 8 වන දින පැවැති මහා මැතිවරණය සදහා මිලියන 38 ක ට වැඩි ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාවක් ඡන්දය දැමීම සදහා ලියාපදිංචි වී තිබුණි. දේශපාලන පක්ෂ 91 ක් සහ 5643 ඡන්ද අපේක්ෂකයින් මැතිවරණය සදහා තරග කළ අතර මැතිවරණ ප්‍රතිඵළවලට අනුව 72% කට ආසන්න ඡන්ද දායකයන් ප්‍රමාණයක් ඡන්දය භාවිත කළ හ. මෙය 2015 ඡන්දය ප්‍රකාශ කළ සංඛ්‍යාවට වඩා වැඩි අගයක් 2015 ඡන්දය ප්‍රකාශ කළ මුළු කොටස 69.71%කි. මෙම මැතිවරණයෙන්  ජාතික ලීගය ස|හා වූ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය  මුළු ආසන 476 න්, ආසන 396 ක හිමි කර ගනිමින් දෙවන වරටත් ආණ්ඩුවක් පිහිටු විමේ වරම හිමි කරගන්නා ලදී. දේශීය විදේශීය මැතිවරණ නිරීක්ෂකයින්ගේ මතය වූයේ මැතිවරණ දිනය සාමකාමී වූ බවත්, ගෝලීය වසංගත අභියෝගතාවය මධ්‍යයේ වුවද මැතිවරණ කොමිෂමට සාමකාමී මැතිවරණ දිනයක් ක්‍රියාත්මක කිරිමට හැකි වූ බවකි.

මැතිවරණයට පෙර හමුදාවට  (Tatmadaw) සම්බන්ධ Union Solidarity and Development Party – USDP පක්ෂය මැතිවරණය කල් දමන ලෙස මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටියේය. මැතිවරණ දින හමුදාපති වරයා ප්‍රකාශ කලේ, මැතිවරණ ප්‍රතිඵලවලට ගරු කරන බවය, එනම් මහජන මතයට ගරු කරන බවකි.  මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශ විමත්  සමග ඔහුගේ මෙම ස්ථාවරය නැවතත්  වෙනස්වන බව දෙක ගත හැකිවිය. මහජන මතයට ගරු කිරීම පසෙක තබා , ඔහු විසින් පාර්ලිමේන්තුව කැ|වීම කල තබන ලෙස ඉල්ලා සිටියේය.එසේම විවිධ හේතුන් නිසා මැතිවරණ පැවත්වී මට  නොහැ කි වූ ජන්ද බල ප්‍රදේශවල ඉක්මනින් ජන්දය පවත් වන ලෙසටත් ඉල් ලිම් කලේය. පවතින මැතිවරණ නීතියට අනුව අතුරු මැතිවරණ (By-election) පැවැත්වීමට පාර්ලිමේන්තුව කැ|වා වසරක් ගිය පසුවය. 

රාජ්‍ය පරිපාලන කවුන්සිලයේ ප්‍රධානී ජෙනරාල් Min Aung Hlaing හමුදා කුමන්තරණය  ක්‍රියත්ම කිරිමෙන් පසු ප්‍රකාශ කලේ පසුගිය මහා මැතිවරණය ප්‍රතිපල පලිගත නොහැකි බවත් ය. විශේෂයෙන් ජන්ද හිමි නාම ලේඛ නය බොහෝ අඩුපාඩු සහිත බවයි. හමුදා කුමන්තර්ණය  සමග, වසරක හදිසි නීති කාලයක් ද ප්‍රකාශයට පත් කරන ලදී. ජන්ද හිමි ලේඛනයේ අඩුපාඩු සහිත බවත්, පසු ගිය මැතිවරණ ක්‍රියාවලිය පිළිගත  නොහැකි නිසා මෙලෙස හමුදා පාලනයකට යටත් කල බවකි. වසරක හිදිසි කාල සිම කාලය තුල,, පසුගිය මැතිවරණයේ අඩුපාඩු නිවැරදි කර හදිසි නීති කාල සිමාව අවසානයේ මැතිවරණයක් කැදවා  ප්‍රජාතන්ත්‍රවාදය ගෙන එන බවකි.

අප දන්නා පරිදිම කිසිම මැතිවරණ 100% ක් සර්ව සාධාරණය හෝ නිදහස් වන්නේ නැත. අවශ්‍යය කර හෝ අවම කිරිමට අවශ්‍ය ක්‍රියාමාර්ගයන් ගනිමින්  ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමයි. ජන්දය යනු ජනතාවගේ පරම අයිතියි. එයට අවමන් කිරීමට, පහර ගැනීමට කිසිම සංස්ථාවකට නොහැකිය. මියන්මාර් හමුදා රජය කර ඇත් තේ , ජතාවගේ මුලික අයිතිය පැහැර ගැ නිමකි. රටක හමුදාවක් යනු,  රටේ සමස්ත ආරක්ෂාව සදහා  ඇති සංස්ථාවකි,   එය ප්‍රජාතන්ත්‍රවාදයට බලපෑම් කිරිම එරට ජන සමාජයම ආපස්සට ගමන් කර ඇත.

මියන්මාරය යනු ඉතා විශාල ස්වාභාවික සම්පත් වලින් පිරුණු , ඉතා දීර්ඝ  ඉතිහාසයක් ඇති ආසියාතික රාජ්‍යයකි. රට තුල, ඉතා වටින, මුතු මැණික්, රත්රන් ආකාර, තෙල් නිධි, ගෑස්, වටිනා ගස් සහිත වනාන්තර බහුලය. එසේ වුවද ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයනට ඇති බාධා තුල පරිහානියට පත්වන්නේ සමස්ත රාජ්‍යයයි.  ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා විදී  බැස ඇත.

චාන්දනී වටවල

Recommended For You

About the Author: Thusal